without noise of the city Runakanda
පිය සටහන් තබා සේයාරූ පමණක් රැගෙන යන්න
නෙත් සිත් පිනන රූණකන්ද යෝජිත රක්ෂිතය
වර්ග කිලෝමීටර් 65,610 ක් වැනි කුඩා භූමි ප්‍රදේශයක් තුළ සුවිශේෂී වූ පරිසර පද්ධති රාශියක් හමුවීම හේතුවෙන් ලෝකාන්තයේ ජෛව විවිධත්වය අතින් පොහොසත් පරිසර පද්ධතිවලින් අනූන රටක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුන්වයි. ඒ අතර පහතරට තෙත් කලාපීය වැසි වනාන්තර වල ඉතා ඉහළ මට්ටම ජෛව විවිධත්වයක් පවතියි. ලංකාවේ පවතින පහතරට තෙත් කලාපීය වැසි වනාන්තර අතරින් සිංහරාජ, කන්නෙළිය, දෙදියගල හා නාකියාදෙනිය ප්‍රමුඛස්ථානයක් ගනී. කෙසේ නමුත් තවමත් වැසි වනාන්තරයක් ලෙසින් නම්ක නොමැති වුවත් යෝජිත වැසි වනාන්තරයක් ලෙස පවතින මොරපිටිය, රූණකන්ද යෝජිත රක්ෂිත වනාන්තරයද ඉතා ඉහළ මට්ටම ජෛව විවිධත්වයක් දැකිය හැකිය.
අතීතයේදී මෙම රූණකන්ද යෝජිත වැසි වනාන්තරය සිංහරාජ වැසි වනාන්තරයට සම්බන්ධ වී තිබුණද අධික ලෙස වනාන්තර හෙළිපෙහෙළි කිරීම හේතුවෙන් එය ක්‍රමයෙන් සිං හරාජයෙන් ඈත්විය. වර්තමානය වනවිට වනාන්ත රයේ විශාලත්වය හෙක්ට යාර් 4500 ක් පමණ වේ. මෙ ම වනාන්තරය මගුරු ගඟහි ප්‍රධාන පෝෂක ප්‍රදේශය වන අතර, කුඩා කඳු පන්ති හා නිම්න වලින් හෙබි අඩි 1566 ක් දක්වා උසකින් යුතු භූමියකි. මෙ ම ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය 260C පමණ වන අතර, වාර්ෂික වර්ෂාපතනය මී.මී. 4000 ක් පමණ වේ.
දුන්, හොර , නා සංගමයේ ශාක ප්‍රමුඛව වනාන්ත රයේ දැකගැනීමට අවස්ථාව ලැබේ. වර්ෂය පුරාම බලපවත්වන වර්ෂා පතනයත් හොඳින් ලැබෙ න හිරු එළියත් නිසා ඝනව වැඩුණු ශාක මෙම වනාන්ත රයේදී දැකගත හැකිය. එහෙත් 1970 දශකයේදී සිදුකළ කැලෑ කැපීම් හේතුවෙන් වනාන්තරයට සෘජු බලපෑමක් එල්ලවී තිබේ.
යෝජිත රක්ෂිතයේ ඇතැම් ස්ථානවල තවමත් සීමාමායිම් ලකුණු කර නො තිබීම හේතුවෙන් ගැමියන් අනවසරයෙන් වනාන්තර ඉඩම් ඔවුන්ගේ වගා කටයුතු සඳහා යොදා ගැනීම වනාන්තරයට ඇති ප්‍රධානතම තර්ජනයයි. අගලවත්ත ප්‍රදේශයේ වැඩිපුරම හා වන සතුන් දඩයම සිදුවන්නේද රූණකන්දේ වන අතර, මගුරු ගඟ ආශ්‍රිතව අනවසරයෙ න් වැලි ගොඩදැමීමද සිදුකෙරයි. වනාන්තරයේ සීමාමායිම් සලකුණු කර සිංහරාජය තරමට වටිනා මෙම වන පියස රැකගැනීමට බලධාරීන් ගේ අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වෙ යි.
රූණකන්දේ සංචාරක කටයුතු කිසිවක් රාජ්‍ය මට්ටමින් ප්‍රවර්ධනය වී නොමැති නමුත්, එයින් වනාන්තරයට සිදුව ඇත්තේ යහපතකි. ජෛව විවිධත්ව මිතුරෝ සංවිධානයට අයත් රූණකන්ද සංරක්ෂණ මධ්‍යස්ථානය මෙහි සංචාරක කටයුතු සිදුකරයි. එයද ලාභ අපේක්ෂාවෙන් තොරවය. සංරක්ෂ ණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සත්‍ය වශයෙන්ම වනාන්තරය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙ න් කටයුතු කරන පිරිසකි. වනවගා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මායිම් සලකුණු කිරීම ඒ සඳහා උදාහරණ වේ. කෙසේ වෙතත් එම කටයුතු ඉටුකිරීමේදී ඔවුන්ටද විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙන බව පැවසේ .
15 දෙනෙ කු සඳහා නේ වාසික පහසුකම්, 06 දෙනෙකු සඳහා කූඩාරම් පහසුකම්, නිර්මාං ශ ආහාර සහ ඔසුපැන්, වනාන්තරය පිළිබඳ මනා පළපුරුද්ද ක් ඇති මාර්ග ගෝ පදේශකයන්, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය, පක්ෂීන්, උරගයන්, ක්ෂීරපායීන් පිළිබඳ විශේෂ දේශන, යෝගී අභ්‍යාස සහ භාවනා ක්‍රම, වන සතුන් නිරීක්ෂණයට මගපෙන්වීම ආදී සේවා රූණකන්ද සංරක්ෂ ණ මධ්‍යස්ථානය හරහා වනාන්තරයේ සංචාරය කරන්නන්ට ලැබේ.
හොර , බූහොර , දොරණ , බෙරලිය, හොඳ බෙරලිය, බටුනා, ඇටඹ, වැලිපියන්න, කිරි හැඹිලිය, බටුකීන, කුරුම්බෑටිය, දියනා, ආරිද්ද, ලියන්, වල්දෙල් , මලබොඩ , බටදොඹ , කොකුම් , පෙලෙන් , හම් පැලැන්ද, නවද, ගල් හැඩවක, උබ්බේරිය, කිතුල්, කටදොඹ, තවිවැන්න, කිරිපේ, බදුල්ල, වලුකීන, තිත්ත වෙ රළු, පණුකෑර, බටදඹ, ගල්ඇහැටු, ගුලුමොර , හල් , මඩොල් ,අතුකැටිය, අක්මීදිය, කුඩුම්බේරිය, ඇටම්බරු, කලුකෑර, පින්න, ඊපෙත්ත, බට, හීන් කැබෙල්ල, බේරු, කුරටිය, වල් පිකෝපි , වන ඉදල, පත්කෑල, කටු කැන්ද, කම්පොත්ත , කෝරකහ, බෝකෑර, වල්බෝබු , පේර තඹල, තාපස බුලත්, ගල් කරඳ, රත් කෑලිය, අංකෙන්ද, වල්ක ොබ්බේ , සමදරා, උගුඩුහල්
උනහපුළුවා, කළු වඳුරා, රිලවා, වල් ඌරා, අඳුන් දිවියා, කොළ දිවියා, දිවියා, මීමින්නා , දඬු ලේනා, ලේ නා, මූකලන් ලේ නා, උගුඩුවා, උරුලෑවා, බොර මුගටියා, රත් මුගටියා, හිවලා, ගෝනා, කෙස්කෙටි පන්නැහැ වවුලා, හීන් කොටස් ඇට වවුලා, මැලෑකහ පන්නැහැ වවුලා, බොරු ලේ වවුලා, මා වවුලා, බොරකහ පලා වවුලා, ඉත්තෑවා, වල් හාවා, කබැල්ලෑවා, වැලි මීයා, ඌරු මීයා, ගේ හීන් මීයා, වෙල් හීන් මීයා, දෙපැහැ කටු හීන් මීයා, පොදුගේ මීයා, පඳුරු මීයා, ඕළු මුවා
නයා, තිත් පොළඟා, මූදු කරවලා, කුනකටුවා, මූකලන් තෙ ලිස්සා , පලා පොළගා, දාර කරවලා, කබර දත් කැටියා, පුල්ලි දත් කැටියා, නිහළුවා, ලේ මැඬිල්ලා, වයිරි හාල්දණ්ඩා , පඳුරු හාල් දණ්ඩා , තුරු හාල්දණ්ඩා , ගැටකරවලා, අළු රදනකයා, මල් රදනකයා, කබර රදනකයා, ගැරඬියා, ඇහැටුල්ලා, පොල් මල්කරවලා, ලේ මාපිලා, කහ මාපිලා, නිදි මාපිලා, රෑන් මාපිලා, දැති ගො මරයා, කටකලුවා, අරනි දත්කැ ටියා, දෙපත් නයා, දියබරියා, දියනයා, පිඹුරා, අහරකුක්කා , හෙණකඳයා,
මහකවුඩා, කැහිබෙල්ලා, වලිකුකුළා, හබන් කුකුළා, බට ඇටි කුකුළා, ලංකා රතු මුහුණැති මල් කොහා , රතු දෙමලිච්චා, අළු දෙමලිච්චා, හිස දුඹුරු දෙමලිච්චා, දෑ දෙමලිච්චා, ලංකා පිලලිච්චා, අළු කෑදැත්තා, සැළලිහිණියා, පුල්ලි වල් අවිච්චියා, පෙතිගොමර වල් අවිච්චියා, හිස කළු කොණ්ඩයා, මහකෑරලා, මූකලන් කොට්ටෝරුවා, හීන් කොට්ටෝරුවා, ශ්‍රී ලංකා අළු ගිරවා, ශ්‍රී ලංකා ගිරා මලිත්තා, පඬුවන් බස්සා , මූකලන් බස්සා , හිස සුදු මයිනා, බඩ රතු වැහිලිහිණියා, පිට රතු බටගොයා, මයිලගොයා
මෙ ම සත්ත්ව විශේෂවලට අමතරව මෙ ම වන පියසේ සමනල විශේෂ, උභය ජීවීන්, බත් කූරන්, මකුළුවන්, මො ලුස්කා වන් හා කකුළුවන් විශේෂ රාශියක්ද දැකගත හැකිය.
බුලත් හපයා, ඉපිලිකඩයා, දෙපු ල්ලියා, කොටපෙ තියා, රතු වරල් පෙ තියා, දංකොළ පෙ තියා, හීත මස්සා, ලේ තිත්ත යා, මස් පෙ තියා, බණ්ඩි තිත්ත යා, මඩ ඉපිල්ලා , දංකොළ සා ලයා,රැවුල් දණ්ඩියා,හොරලයා, ගල්පා ඬියා, හල්ම ල් දණ්ඩියා, වයිරන් අහිරාවා, පුවක් බඩිල්ලා , ඉරි අංකුට්ටා ,මගුරා, යයෝනා , උඩහඳයා, කො රලියා, බලිවැලිගොව්වා , මහවැලිගොව්වා , කටරතු වැලිගොව්වා , තල් කොස්සා, කොළකනයා, මඩකනයා, ගං අරා, තෙ ලියා, ආඳා
ගැට හොඹු කටුස්සා,පිනුම් කටුස්සා, පුංචි අඟකටුස්සා, පලා කටුස්සා,ගරා කටුස්සා, සිවුරුහන්දාලන කටුස්සා,
රූණකන්ද යෝජිත රක්ෂිතයට පිවිසිය හැකි මාර්ගය ඔබට පහසුවෙන් හඳුනාගැනීම සඳහා මෙ ම ලිපියට සිතියමක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණි. නමුත් එවිට පහසුවෙන්ම මෙ ම ස්ථානයට ළඟාවෙන ඇතමෙ කු එහිදී ඉවක්බවක් නොමැති මැතිව මෙම සොඳුරු පරිසර පද්ධතිය විනාශ කිරීමට කටයුතු කළ හැකිය. ඓහෙයින් එය පිහිටා තිබන ස්ථානය හා ඒ සඳහා ළඟාවිය හැකි ආකාරය අපි කෙ ටියෙන් ලිපියට ඇතුළත් කළෙමු. මෙම වනනාන්තයේ සුන්දරත්වය ඉතා ඉහළ මට්ටමකින් රසාස්වාදය කිරීම සඳහා ඔබට පහසුකම් සපයන්නෙකු හා ගමන් කළ හැකිය. ඒ සඳහා හොඳම සහාය ජෛව විවිධත්ව මිතුරෝ සංවිධානයෙන් ලැබෙනු ඇත. මේ ඔබට ඔවුන්ව සම්බ න්ධකර ගත ආකාරයයි.
TEL - 071 469 9306/ 071 123 1345 /
034 374 7996
E-Mail- [email protected] /
[email protected]
FB – The Friends of Biodiversity
Runakanda Conservation Center
විශේෂ ස්තූතිය :
ජෛව විවිධත්ව මිතුරෝ සංවිධානයේ
උදය චානක