Pigeon Island National Park
ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ සංචාරයේ යෙ දෙන කවරෙකු වුවද බෝට්ටු සවාරියක යෙදීමට මෙන්ම මුහුදේ කිමිද මසුන් නැරඹීමටද අමතක නොකරනු ඇත. විශේෂයෙන් ඔබ නිලාවැලි මුහුදු තීරයට පිවිසේ නම් නැරඹිය යුතුම ස්ථානයක් ලෙස පරෙවි දුපත හැඳින්විය හැකිය.
නැගෙනහිර මුහුදු තීරයේ ත‍්‍රිකුණාමලය නිලාවැලි වෙරළේ සිට නාවික සැතපුම් 132 ක් දුරින් පිහිටි පරෙවි දුපත මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගේ පහස නිතැතින් ලැබෙ න ස්ථානයක් බවට පත්වී ඇත.
රජ සමයේ මේ දුපත පරවියන් මගින් පණිවුඩ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළ බැවින් මෙය පරෙවි දුපත නමින් අතීතයේ සිටම හැඳින්වූ බව සඳහන් වේ. කොරල්පර ආශ‍්‍රිත ජෛව විවිධත්වය සහ පරෙවියන්ගේ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස පරෙවි දුපත සලකන හෙයින් 1970 දී වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්ක ර ඇත.
මෙහි පවත්නා ජෛව විවිධත්වයත්, සුන්දරත්වයත් සැලකිල්ලට ගනිමින් පරවි දුපත 2003 ජූනි 24 වැනි දින එම ආඥා පනත යටතේම ජාතික උද්‍යානයක් බවට ප‍්‍රකාශයට පත්ක ර ඇත.
පරෙවි දුපත ජාතික උද්‍යානයයේ වපසරිය හෙක්ට යාර 431.43 කි. කොරල් විශේෂ 100 ක් පමණද, කොරල් පර ආශ‍්‍රිත මසුන් විශේෂ 300 කට ආසන්න ප‍්‍රමාණයක්ද මෙ හිදී දක්නට ලැබේ. නිලාවැලි මුහුදු තීරයේ සිට පරෙවි දුපත දක්වා බෝට්ටුවක නැගී සංචාරය කළ යුතු අතර, ඒ සඳහා නිලාවැලි මුහුදු තීරයේ බෝට්ටු හිමියන් ඔබට පහසුකම් සපයනු ඇත. පරෙ වි දුපත පිවිසීමට සඳහා එක් අයෙ කුට රුපියල් 200ක මුදලක් වැයකර අවසර පතක් ලබාගත යුතුය. පරවි දුපතේ වන සංරක්ෂණ නිලධාරීන් නිතර පරීක්ෂාවන් සිදුකරන බැවින් එම අවසර පත‍්‍රය සුරක්ෂිතව ළඟ තබාගැනීම යෝග්‍ය වෙයි.
පරවි දුපතට ගොස් නැවත පැමිණීම සඳහා ඔබ බෝට්ටුවක් ලබාගත යුතු අතර, ඒ සඳහා රුපියල් 2000ක මුදලක් ගෙ විය යුතුය. එම එක් බෝට්ටුවක හත් දෙනෙ කුට ගමන් කළ හැකිවේ. ඔබට මුහුදු පතුල නැරඹීමට අවශ්‍ය නම් නිලාවැලි වෙරළ තීරයෙන් බෝට්ටුවට නැගීමට ප‍්‍රථම රු. 150 ක් වැනි මුදලක්
ගෙවා ගොග්ල්ස් ජෝඩුවක් මිලදී ගත යුතුය. නමුත් ඔබ වෘත්තීය මට්ටමේ කිමිදුම් උපකරණ භාවිත කර මුහුදු පතුල නිරීක්ෂණය කිරීමට අදහස් කරයි නම්,
එම උපකරණ කුලී පදනමට මිලදී ගැනීමට පරෙවි දුපතතේ සිටින නිලධාරීන් පහසුකම් සපයනු ඇත.
බෝට්ටුවකින් පරෙවි දුපත කරා ගමන් කරන ඔබට දුපත් කිහිපයක් දිස්වනු ඇත. මෙ යින් විශාලම දුපත පරෙවි දුපත ලෙසද, එහි ඇති කුඩා දුපත කාක දුපත
ලෙසද හැඳින්වේ . විනාඩි කිහිපයක බෝට්ටු ගමනින් පසු සුදු පැහැති වැලි සහිත කොරල් පර බහුල පරෙවි දුපතට පිවිසෙන අතර, ඔබ කොපමණ වේලාවක්
දුපතේ ගතකරන්නේ ද යන්න බෝට්ටු හිමියාට පැවසීම අනිවාර්ය වේ. එසේම එම වේලාව මතක තබාගෙ න නැවත බෝට්ටුව වෙත පැමිණීමටද සිහි
තබාගත යුතුය.
ඔබ ඉතා දක්ෂ කිමිදුම්ක රුවෙ කු නම් බෝට්ටුවෙන් බසින ප‍්‍රදේශයේ මසුන් නැරඹීම සඳහා හැකියාව උදාවන අතර, එසේ නොමැති නම් අනෙක් පස ගල් පරයකින් වට තටාකයක් ලෙස සෑදී තිබෙන කොටසෙහි කිමිදිය හැකිය. ඔබගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් එහි සිටින අතර, සැමවිට ඔවුන්ගේ
උපදෙස් පිළිපැදීමට ඔබ වගබලාගත යුතුය.
Location : Eastern Province, Sri Lanka
Nearest city : Trincomalee
Area : 471.4 hectares (1.820 sq mi)
Established : 2003
Governing body : Department of Wildlife Conservation