ෆුජි කන්දේ පාමුල සිට...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-26-ent-111

ඝෘතු සියල්ලෙහි හැඩය, පැහැය වින්දනය කළ හැකි රටක් වේ නම්? එය ජපානයම වෙයි. ජපානයට සංකේතයක් වූ ෆුජියාමා කන්ද යනු මේ ඝෘතු වෙනස සමග වෙනස් වන සොබාදහමේ අපුරු නිමැවුමකි. ශීත ඍතුවේදි සුදෝ සුදු හිමෙන් වැසී යන ෆුජි ගිම්හානයේදී ඒ වෙනස රැගෙන එන්නේ ති‍්‍රකෝණාකාර මුදුනක පමණක් හිමෙන් වසා ගෙනය. අනෙකුත් කඳු හා සැසඳීමේදී පරිසරයේ සොඳුරු දසුන් කාච සිත්තමින් - සිත්තම් කර ගැනීම වෙනුවෙන්ම ෆුජී වෙත පැමිණෙන ඡුායාරූප ශිල්පීන් හට ෆුජි යනු සැබැවින්ම මිහිපිට ඇති සොඳුරුතම කලාපයකි.

2017-01-05-ent-21ගීත ඍතුව උදාවීමට පෙර, එනම් ගිම්හානයේ අවසානට පෙර මේ ෆුජි කලාපය වෙත ගොස් එහි සොඳුරු දසුන් සිත්තම් කරගැනීමට අපටද අවකාශය ලැබිණි. ඒ නෙක්බා පළාතට අයත් ෆුජි කඳු පාමුල පිහිටි ඉයාෂි පනා සැතෝ ගම්මානයේ සිටය. මෙය අතීතයේදී කෘෂිකාර්මික කටයුතු සිදුකළ ගම්මානයකි. 1966 දී තයිෆූන් චණ්ඩ මාරුතයෙන් මේ ගම්මානය විනාශ විය. ඉන් හතළිස් වසරකට පසු නැවත මේ ගම්මානය ලොවට නිරාවරණය වුවේ, ඉපැරණි සිරියx හැඩය ඇතිවමය.

ෆුජී කඳු ශිඛරයෙහි සහ ඒ අවට කලාපයෙහි හැඩ නැරඹීමට මේ ඉයාෂිනොසැතෝ ගම්මානය නැරඹුම් ඉමක් වෙයි. නිදහසේ විවේකී සුව විඳිමින් ෂොවා සමයෙහි අතීතය මෙනෙහි කරමින් ෆුජි කන්දෙහි හැඩ රිසිසේ බැලීමට මෙතැන කදිම තෝතැන්නකි. මෙම ගම්මානය සංචාරක පාරාදීසයක් වන අතර ගම්මානයේ අහරක මෙන්ම පානයක රස විඳ ගත හැකිය. ඒ ආහාර පාන මෙම ෆුජි කලාපයටම ආවේනික වූ ඒවාය. කවාගුචි විලෙන් අල්ලා ගත් මසුන් කෝටුවක අමුනා පුළුස්සා කෑමට දෙන අතර ඕනෑ නම් ෆුජි කඳු පාමුල ඇති වනාන්තරයෙන් කඩා ගෙන ආ පැණි වදයක රස සමග එම පිළිස්සු මසුන් රස වින්දනය කළ හැකිය. ෆුජි පාමුල වනාන්තර කලාපයෙහි බොහෝ ගුප්ත දේ සිදුවන බවද සමහර ගම්මු විශ්වාස කරති. අඔකිගහාරා වනාන්තරය හෙවත් සියදිවි නසා ගන්නා වනාන්තරය ලෙස ප‍්‍රකටව ඇති වන ගහණයේදී මෙම ගුප්ත සහ ආශ්චර්යවත් සිදුවීම් දැකගත හැකි බැව් මෙම කලාපය අවට වෙසෙන බොහෝ දෙනාගේ මතය වෙයි.

සර්පයකු බහා ඇති සැරබීම ගැන ඔබ අසා ඇති. මෙම කලාපයෙහි එවැනි දේ මිලදී ගැනීමටද පුළුවන. ස්වභාව ධර්මයට ආවේනික වූ සහ පරිසරයට වඩාත් හිතකර ලෙස නිමැවූ බොහෝ දේ මේ කලාපයන්හිදී මිලදී ගැනීමට පුළුවන. මෙම කලාපයෙහි ඇති සියලූම නිවාස සහ වෙළඳසැල් සෙවිලිකර ඇත්තේ පිදුරුවලිනි. එය ඉතා නිර්මාණාත්මකව නිමවා තිබේ. එකල ගොවිතැන සඳහා ජලය ප‍්‍රවාහනය කළ විදිය ආදි සියල්ල ගැන සහ අතීත රසයෙහි දැනුම ලබාගැනීම වෙනුවෙන් කෞතුකාගාරයක්ද තොරතුරු මධ්‍යස්ථානයක්ද ඇත. ෆුජි හැඩයට ආවේනික ඇඳුමකින් හැඩ වී සමරු ඡුායාරූප ගැනීමට බොහෝ සංචාරකයෝ උත්සුක වෙති. එය හොඳ සැමරුම් සිහිවටනයක්ම වෙයි.

 

2017-01-26-ent-112

 

මෙම කඩසාප්පු සහ අනෙකුත් ස්ථානවල වෙසෙන සියලූ දෙනා අඳින පළඳින විදියද ආවේනිකය. අත්කම් නිර්මාණ සඳහාද මෙම ෆුජී කලාපය වඩා ප‍්‍රකටය. මෙම ගම්මානය සහ ෆුජි කලාපයේ සැරසැරීම සඳහා බොහෝ සංචාරකයින් පැමිණෙන්නේ සරත් සමයේදීය. සරත් සමයේදී තෘණ පැළෑටි පවා විවිධ පාටින් හැඩව ඇති බව දැකගත හැකිය. අස්වැන්න නෙලන මේ සමය දිස්වන්නේ නේක පාටින් විසිතුරු වූ සිත්තමක් ලෙසිනි.

ඔක්තෝබර් 1 වැනිදා රාති‍්‍රය හෙවත් හැලොවින් රාති‍්‍රයේදී වට්ටක්කා ගෙඩිවලට විවිධ රටා යොදා ප‍්‍රදර්ශනය කිරීම සිරිතක් ලෙස කරන්නකි. මෙදින රාති‍්‍රයේදී කවාගුචි විල අවට කලාපය සංචාරකයින්ගෙන් පිරි පවතී. කොහොමටත් කවාගුචි විල අවට කලාපය නිරන්තයෙන්ම සංචාරක පාරාදියක් ලෙස දිස්වේ.

සමහර සංචාරකයින් වසර මුළුල්ලේම මෙම කලාපයෙහි රැුඳී සිටිමින් ෆුජී වෙතින් මැවෙන වෙනස දිනෙන් දින අපුරුවට සිත්තම් කිරීමට වග බලා ගනිති. ඒවා අනර්ඝ නිමැවුම් ලෙස පසුව අලෙවි වේ. කවාගුචිවිලට අමතරව තවත් විල් කීපයක්ම මෙම ෆුජි කලාපය සතුවේ. එම ස්ථාන සංචාරකයිනට ගැලපෙන ලෙස නිමවා තිබීම විශේෂත්වයකි.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

අනුග්‍රහය - NI-CEY Travels

2017-01-26-ent-115
2017-01-26-ent-114
2017-01-26-ent-113
2017-01-26-ent-110
2017-01-26-ent-109
2017-01-26-ent-108
2017-01-26-ent-107
2017-01-26-ent-106