හිරිවඩුන්න ජලාශයේ විනෝද සවාරියක්
හෙළ රජ දවස ඉදිකළ යෝධ වාරිකර්මාන්ත එදා ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සහ ජන ජීවිතයට මහත් උපකාරයක් වූ බව නොකියමනාය. දිවයින හතරකොණ ඉදිකරන ලද යෝධ වැව අමුණ ඇළ එදා මෙන්ම අදද ජනතාවගේ ජීවිත සරුසාර කිරීමට උපකාරී වන බව සඳහන් කළ යුතුමය.
ලොව අන් රටකට නොදෙවැනි වාරිකර්මාන්ත තාක්ෂණයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව අද ලොව පුදුමකරවන බවද නොකියමනාය. පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153- 1188) පොළොන්නරු යුගයේ රජ කල සමයේ ලංකාවේ අතීතයේ විසූ සුවිශේෂී රජතුමෙකි. එතුමා සඳහන් කළේ අහසින් වැටෙන එක් ජල බිඳක්වත් ප්‍ර‘යෝජනයට නොගෙන මහ සයුරට එක්වීමට නොදෙන ලෙස සිය රටවැසියාගෙන් ඉල්ලා සිටියේය.
මෙවන් හෙළ රජවරු අතරින් වසභ රජතුමාද සුවිශේෂීය. එතුමා විසින් වැව් අමුණු 11කට ආසන්න ප්‍රමාණයක් කරවන ලද අතර හබරණ %හිරිවඩුන්න වැව^ ඉන් විශේෂ වූ ජලාශයක් ලෙස හඳුන්වාදීමට හැකියි.
එදා මෙදා තුර එම ප්‍ර‘දේශයේ ජනතාවගේ කෘෂිකර්මාන්ත කටයුතු මෙන්ම ජන ජීවිත අවශ්‍යතා සපුරන "හිරිවඩුන්න වැව" වර්තමානයේ එම ප්‍ර‘දේශයේ ජනතාවට ආර්ථික අතින් වාසි ළඟාකරන ජලාශයක් බවට පත්ව තිබෙන බව පසුගියදා එම ප්‍රදේශයේ සංචාරය කළ අපට දැකගත හැකිවිය.
%හිරිවඩුන්න ජලාශය^ හබරණ නගරයට ආසන්නයේ ඇති විශාලතම ජලාශයකි. සීගිරිය, මින්නේරිය, එකෝ පාර්ක් ජාතික උද්‍යානය ඉබ්බන්කඩුව, කවුඩුල්ල, පිදුරංගල වැනි සංචාරක ස්ථාන හිරිවඩුන්න ජලාශයට ආසන්නයේ පවතී.
මෙම නිසාම හිරිවඩුන්න ජලාශය සංචාරක පාරාදීසයක් බවට පත්ව තිබෙන බව දැකගැනීමට හැකියි. හිරිවඩුන්න ජලාශය සොබා සෞන්දර්යයේ අසිරිය මනාව විඳගැනීමට හැකි තැනකි. ග්‍රාමීය පරිසරයක පවතින මෙම ජලාශය අවට සම්පූර්ණයෙන්ම සොබා දහමේ අපූර්වත්වයෙන් යුක්ත බව සඳහන් කළ හැකියි.
හිරිවඩුන්න වැවෙහි නාවුල්ල ප්‍රදේශය හබරණ ප්‍රධාන මාර්ගයට මුහුණලා තිබෙන අතර අනෙක් සියලු භූමියම කෙත්යායට හා ගොවි බිම්වලින් වටවී තිබෙනවා.
මෙම ජලාශය ඕලු හා විවිධ මල්වලින් පිරී පවතින අතර, කුරුලු විශේෂ සමනළ විශේෂ මෙන්ම වන අලීන්ද නිරතුරුව හරිවඩුන්න ජලාශයෙහි දැකගැනීමට හැකියි.
වර්තමානයේදී මෙම ජලාශය සංචාරකයන්ගෙන් පිරී පවතින ස්ථානයක් බවට පත්වී ඇත්තේද ඉහත කී සොබා දහමේ අපූර්වත්වය විඳගැනීමට හැකිවීම නිසායි. අවට සංචාරක හෝටල් බොහොමයක් පවති.
හිරිවඩුන්න ජලාශයේ පාරු පැදීම, ඔරුවල සංචාරය බොහෝ ජනප්‍රිය වී තිබෙන බව සඳහන් කළ හැකියි. මෙයට තවත් සුවිශේෂී අංගයක් එකතු කර තිබේ. %ගොන් කරත්තවල^ සංචාරකයන් ඉපැරණි ගම් ප්‍ර‘දේශය හරහා කැඳවාගෙන යන අතර, හරිවඩුන්න ජලාශයේ, බෝට්ටු හා පාරු සංචාරය කිරීම වර්තමානයේ බොහෝ පිරිස් ප්රියකරන්නකි.
මෙම සංචාරක ආකර්ෂණය නිසා එම ප්‍රදේශයේ ජනතාවට ආර්ථික ලෙසද වටිනාකමක් ලැබී තිබෙන බවයි එම ප්‍ර‘දේශයේ බොහෝදෙනා පැවසූහ. ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, විදේශිකයන් පමණක් නොව දේශීය සංචාරකයින් සති අන්තයේ හා නිවාඩු දිනවලදී වැඩි වශයෙන් හිරිවඩුන්න ජලාශයට පැමිණෙන බවයි. දියනෑමට මෙන්ම විනෝදවීමට බොහෝ අවස්ථාව මෙහි පවතින නිසා හබරණ ප්‍රදේශය පහුකර යන පිරිස හිරිවඩුන්න ජලාශයට පැමිණීමට වැඩි ප්‍රියතාවයක් දක්වයි.
හිරිවඩුන්න ජලාශය එදා මෙදාතුර ගොවිජනතාවගේ ජීවිත සරුසාර කිරීමට ඉදිකළද වර්තමානයේ මෙරට පැමිණෙන විදේශික සාංචාරකයන්ගේ ආකර්ෂණීය සංචාරක ප්‍ර‘දේශයක් බවට පත්වීමටද අප රට ලද විශාල ජයග්‍රහණයක් බව සඳහන් කළ හැකියි.
ඔබ ඉදිරියේ ළඟාවන උත්සව සමයේ තම පවුලේ සියලු දෙනා සමගම ගත කරන විනෝද චාරිකාව හිරිවඩුන්න ජලාශයේ මොහොතක් ගත කර එම සොඳුරු අත්දැකීම විඳගන්න.
ශාන් බන්දු වීරසිංහ