හලාවත කලපුවෙහි බෝට්ටු සවාරියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-20-ent-15

හැමිල්ටන් ඇළ එදා පෘතුගීසින් විසින් තම වෙළෙඳ කටයුතු සඳහා ඉදිකරන ලද්දක් බව කවුරුත් දන්නා කාරුණකි. මෙහි ආරම්භය පුත්තලමින් වන අතර, කොළඹ වරායෙන් කෙළවර වෙයි. හැමිල්ටන් ඇළ බැලූ බැල්මට සුවිශේෂත්වයෙන් ඔබ්බට ‍නොපෙනෙන්නට පුළුවන. නමුත් හලාවත, මීගමුව, ධීවර ජනතාවගේ ජීවිතවල එක් කොටසක් ලෙස හැමිල්ටන් ඇළ හැඳින්වුවහොත් එය නිවැරැදියි.

 තම ජීවන උපාය මාර්ගය වන ධීවර කටයුතු සඳහා මෙම ඇළ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනවා. වර්තමානයේ දී දෙස්-විදෙස් සංචාරක ව්‍යාපාරයට වඩාත් වටිනාකමක් මෙම හැමිල්ටන් ඇළ ලබාදෙනවා. විශේෂයෙන්ම හලාවත ප්‍ර‘දේශවල දී හැමිල්ටන් ඇළ දෙස්-විදෙස් සංචාරකයන්ගේ සතුට, විනෝදය, අධ්‍යාපනය වගේම ඔවුන්ගේ ආස්වාදයට විශාල මෙහෙයක් ඉටුකරනවා.

හලාවත කියන්නේ ධීවර කර්මාන්තයේ සුවිශේෂි ප්‍ර‘දේශයක්. ඒ නිසාම සංචාරකයන් වැඩි වශයෙන් මෙහිදී දැකගත හැකියි. දේශීය සංචාරකයන්ගේ අඩුවක්ද මෙහි නැහැ. සතිඅග මෙන්ම, විශේෂ නිවාඩු දින බහුල ලෙස දේශීය පිරිස් දැක ගැනීමට පුළුවන්. මුන්නේශ්වරම් කෝවිල, තලවිල පල්ලිය පුද පූජා පැවැත්වීමට යන බැතිමතුන් හලාවත මුහුදු තීරය අවට දැකගැනීමට හැකිවෙයි. බොහෝ දෙනා එම ප්‍ර‘දේශයේ සංචාරක හෝටවල්වල නවාතැන් ගැනීමටද පුරුදුව සිටිති.

2017-10-20-ent-09කෙසේ වුවත් හලාවත යනු දෙස්-විදෙස් සංචාරකයන් හැමිල්ටන් ඇළ දිගේ බෝට්ටු සවාරි යාම අද සුලබ දසුනකි. එය සැබැවින්ම විනෝද චාරිකාවකටත් වඩා එහා ගිය සංචාරකයන් යැයි ඔබට දිනක එහි සංචාරය කිරීමේදී හැඟෙනු නොඅනුමානය.

හලාවත මෝයකට ඉතා දර්ශනීය තැනකි. හැමිල්ටන් ඇළත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුවිශේෂි දැදුරු ඔයත්, මුහුද එකට එකතු වන ස්ථානය වන්නේ හලාවත මෝයයි. මෙය සුවිශේෂී අවස්ථාවකි. එම ස්ථානය සැබැවින්ම ආකර්ෂණීයයි. මේ නිසාම හලාවත ප්‍ර‘දේශයේ ගමන් කරන හැමිල්ටන් ඇළට වැඩි අගයක්, වටිනාකමක් අද ලැබී තිබෙන බව සඳහන් කළ යුතුයි.

පසුගිය දිනක අපිත් හැමිල්ටන් ඇළේ සොඳුරු බව දැකගැනීමටත්, එය විඳගැනීමටත් ගියා. එම ගමන සූදානම් කළේ හලාවත පිහිටි සුවපහසුම සුන්දරම සංචාරක හෝටලයක් වන %චිලව්^ සිටි හෝටලයෙහි සභාපති ‍ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුජීව විජේතුංග යන මහත්වරුන් විසින්. ඔවුන් සතු 10 දෙනෙකුට ගමන් කළ හැකි බෝට්ටුවක නැගී එම සංචාරය ආරම්භ කළා. හෝටලයේ සිට මෝයට පැය එකහමාරක සංචාරයක් ඔවුන් සූදානම් කළ බව ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුජීව මහතා සඳහන් කළා.

මෙම සංචාරයේ දී කඩොලාන ශාක, කුරුලු විශේෂ, කලපු මාළු, මාළු කොටු, විශේෂයෙන්ම එම කලපුවේ ජනප්‍රිය මසුන්වන මොද්දා මාළු කොටු, ඉස්සන් කොටු නැරඹීමට පුළුවන්. කුරුලු විශේෂ අතරින් රාජාලියා කැපීපෙනෙන පක්ෂියෙකු ලෙස සැලකෙනවා. සුජීව මහතා සඳහන් කර සිටියේ වසරේ අගෝස්තු, සැප්තැම්බර්, දෙසැම්බර්, ජනවාරි මාසවලදී රාජාලි රංචු වශයෙන් දැකගත හැකි බවයි.2017-10-20-ent-08

ඒ වගේම සංස්ක්‍රමණික කුරුලු විශේෂ බොහොමයක් මෙම කලපුව අවට දැකගැනීමට හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කළා. මෝය දක්වා ගමනේ දී හලාවත නගරය, ඉපැරණි කතෝලික දේවස්ථානය, දුම්රිය පොළ ඇතුළු බොහෝ ස්ථාන දැකගත හැකියි. කලාපුව දිගේ මාළු බෝට්ටු නවතා ඇති අයුරු අපූරු දසුනක් ලෙස පෙන්වා දීමට පුළුවන්.

බෝට්ටුවලින් මාළු ඇල්ලීම, මුහුදු සංචාරය කිරීම වගේම කලපුව දිගේ කකුළුවන් ඇල්ලීමට යන ධීවරයන්ද බොහෝමයකි. එක් කලපු කකුළුවකු රු.3000ක වැනි මුදලක් වන බව සුජීව මහතා සඳහන් කර සිටියා.

හලාවත මෝය සැබෑ සොඳුරු තැනක්. ඩිංගි බෝට්ටුවක සුන්බුන් තවමත් එහි තිබෙනවා. වසර ගණනකට පෙර මියගිය ඩොල්ෆින් මාළුවකුගේ සිරුරක් මෙහි ගොඩගසා තිබෙනු අපට දැකගන්න ලැබුණා.

හලාවත සංචාරය කරන්න ඔබට මෙම හැමිල්ටන් ඇළ (කලපුව) අගනා සංචාරයක් වනු ඇති බවයි අපගේ හැඟීම. මෝයහි ඔබට ආහාර ගැනීමට, BBQ සාද පැවැත්වීමට, විනෝදයෙන් කාලය ගත කිරීමට අවස්ථාව සලසා දීම චිලව් සිටි හෝටලය සූදානම් බව සුජීව මහතා ප්‍රකාශ කළා. සංචාරකයන්ගේ රුචි අරුචිකම් මත හැමිල්ටන් ඇළෙහි බෝට්ටු සවාරි සූදානම් කරදීම ඔවුන් කටයුතු කරන බව සඳහන් කළ ඔහු ප්‍රකාශ කළේ තවත් විශේෂ කරුණු වන්නේ මෙම සංචාරයට එකතු වන සෑම සංචාරකයෙකුටම රු.දස ලක්ෂයක රක්ෂණ ආවරණයක් ඇති බවය. තම බෝට්ටු සංචාරයේ යෙදෙන සෑම සංචාරකයෙකුගේම ආරක්ෂාව, වගකීම, ඔවුන් දරන බවයි. හලාවත මෝයට සංචාරය කර විනෝද වනවා වගේම, මෙහි අනෙක් පස මීගමු ප්‍ර‘දේශයේ සංචාරය කිරීමේදී කි.මී.02ක් පමණ ගිය පසු කඩොලාන ශාක නැරඹීමට වෙන් වූ ප්‍ර‘දේශයක් තිබෙනවා. %පම්බල^ නමින් හඳුන්වන මෙහි පාසල් දරුවන් අධ්‍යාපන චාරිකා සඳහා බහුලව පැමිණෙන බව දැක ගැනීමට පුළුවන්.

මෙවන් සුවිශේෂතා බොහොමයක් සහිත වූ අත්විදිය හැකි වූ හැමිල්ටන් ඇළ (හලාවත) කලපුවෙහි ඔබත් බෝට්ටු සවාරියක් ගොස් බලන්න එය සැබෑ ආස්වාදය මුසු අත්දැකීමක් වනු නොඅනුමානයි.

 

ඡායාරූප / විස්තර ශාන් බන්දු වීරසිංහ

 

2017-10-20-ent-10 2017-10-20-ent-11 2017-10-20-ent-12 2017-10-20-ent-13 2017-10-20-ent-14  2017-10-20-ent-16 2017-10-20-ent-17 2017-10-20-ent-18 2017-10-20-ent-19