හබරණ තිඹිරිගස්වැව කුරුලූ පාරාදීසය
ලොව පුරා බොහෝදෙනා විනෝදයට, මානසික සුවයට මෙන්ම අධ්‍යාපන කටයුතු හා වෙනත් බොහෝ කාරණා නිසා TRAVEL කරනවා. තම රටේ මෙන්ම විදේශ රටවල්වල මේ සඳහාම සංචාරය කරන පිරිස් බොහොමයි.
TRAVEL අපේ සමාජයෙන් බොහොම දෙනෙකුගේ ජීවිතවල එක විනෝදාංශයක් ලෙස හඳුන්වාදෙන්න පුළුවන්. කඳු, හෙල්, ඇළදොළවල් හා සැඟවුණු තැන් දැක බලාගැනීමට අලූත් අත්දැකීමක් ගැනීමට තරුණ පිරිස්වල කවදත් උනන්දුවක් තිබුණා. ඒ අලූත් අත්දැකීම තම හිත මිතුරන්ට කියලා ඒ අයත් සමග නැවතත් එම ස්ථාන දැක බලාගනිමින් විනෝද වීම අප සමාජයේ තිබුණ දෙයක්. නමුත් මාධ්‍ය ලෝකයටම විවර වෙලා TRAVEL හුදු වචනයකට පමණක් සීමා නොවී නැවුම් අත්දැකීම් ලබාගත හැකි ලොකු මාතෘකාවක් බවට පත්වෙලා.
අපේ රට TRAVEL වලට කදිම වූ පාරාදීසයක්. සොබාදහමේ අපූර්වත්වයන් බොහොමයි. සමාජයට විවර වූ වගේම නොවූ තැන් අනන්තවත් තිබෙනවා. එවන් අපමණ වූ ස්ථාන අතර අපි නොසිතන පුංචිවට පෙනෙන නමුත් සුන්දර අත්දැකීම් එකතු කරන ස්ථාන තිබෙන බව බොහෝදෙනා දන්නැතුව ඇති. ‘හබරණ‘ ඔබ බොහෝදෙනා දන්නා සංචාරක ප්‍රදේශයක්. එහි ඔබ දකින පරිසරයට වඩා නොසිතූ දේ තිබෙන බව කිව යුතුයි. හබරණ යන ඔබ මින්නේරිය කවුඩුල්ල ECO PARK දැකබලා ගැනීම සාමාන්‍ය පුරුද්දක්. වනඅලින් දැකබලා ගැනීම එහි එකම අරමුණයි. ඉතා සුළු සංචාරකයන් පිරිසක් කුරුල්ලන් හා වෙනත් සතුන් දැක ලබාගැනීම පිණිස සංචාරය කරනවා.
හබරණ යන ඔබ හිරිවඩුන්නාවැව හා තිඹිරිගස්වැව සංචාරය කර තිබෙනවාද? ඇතැම් විට ඔව් වන්නත් පුළුවන්. එසේ නම් එහි අපූර්වත්වය ඔබ හොඳින් අත්විඳ ඇති. හිරිවඩුන්න වැව ඉපරණි ජලාශයක්. මෙය දෙස් විදෙස් සංචාරකයන් නිතර යන ස්ථානයක්. විශේෂයෙන්ම හබරණ ප්‍රදේශයට යන හා එම ප්‍රදේශයේ නවාතැන් ගන්නා සංචාරකයන්ව කැඳවාගෙන යන ස්ථානයක්. කරත්තවලින් සංචාරකයන් හබරණ ගම් ප්‍ර‘දේශයේ සංචාරය කරවමින් අවසානයේදී හිරිවඩුන්න වැවට කැඳවාගෙන ගොස් ඔරුවලින් වැවෙහි සංචාරය කරවීම වර්තමානයේ බහුලව සිදුවන සිදුවීමක්.
මෙම අවස්ථාව සැබෑම ආශ්වාදයක්. විශේෂයෙන්ම විදේශකයින්ට නැටුම් අත්දැකීමක් පමණක් නොව කුරුලූ විහේෂ බොහොමයක් හිරිවඩුන්න වැවෙහි දැකගැනීමට හැකියාව තිබෙනවා. එම ප්‍රා‘දේශීය ග්‍රාමීය පරිසරයත්, භව භෝග නැරඹීම වගේම අපේ ගැමියන්ගේ සංස්කෘතිමය ලක්ෂණ සැබැවින්ම දැකගත හැකි ස්ථානයක් ලෙස හඳුන්වා දීමටත් පුළුවන්.
හිරිවඩුන්න වැවෙහි ඉතිහාසය බොහෝ අතට විහිදෙනවා. කාශ්‍යප රජතුමා ඉදිකළ මෙම වැව එම ප්‍රදේශයේ ජනතාවට ගොවිතැන සඳහා ජලය සපයනවා. 1976 වසරේ සිට මහවැලිය සම්බන්ධ කිරීමත් සමග යල මහ කන්න දෙකට හොඳින්ම වගාකළ හැකිව තිබෙන බවයි හිරිවඩුන්න ගම් ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳ අප සමග පැවසූ මුතුබණ්ඩා මහතා සඳහන් කළේ.
ඔහු තවදුරටත් පැවසුවේ, අද දවස වනවිට සංචාරක ව්‍යාපාරයද හොඳින්ම සිදුවන බවයි. ගමේ මිනිසුන්ට අමතරව ආදායම් මාර්ගයක්ද මෙයින් සෑදී ඇති බවයි ඔහු සඳහන් කළේ.
හිරිවඩුන්න වැව හබරණ සංචාරකයන්ට පාරාදීසයක් බවට පත්ව ඇති අයුරු අපට එහි සංචාරය කිරීමෙන් දැකගැනීමට හැකි වුණා. කරත්ත විශාල ප්‍රමාණයක සංචාරකයන් රැුගෙන යන අයුරු හා වැවෙහි ඔරු සෑදීම ඉතා ජනප්‍රිය වුණා. හබරණ සංචාරක ව්‍යාපාරය සාර්ථක වීමට හිරිවඩුන්න ජලාශය විශාල උපකාරයක් වී තිබෙනවා.
හිරිවඩුන්න වැව මෙන්ම හබරණ ඇති ඉපැරණි තිඹිරිගස්වැව ජලාශයද වර්තමානයේ සංචාරක පාරාදීසයක් වී ඇත. දෙස් විදෙස් සංචාරකයන් බොහොම ප්‍රියකරන ස්ථානයක් බවට පත්ව ඇති බවයි හබරණ මිහිජය හෝටලයෙහි සභාපති කුමාර නිහාල් සමතා සඳහන් කළේ. ECO PARK මෙන්ම මින්නේරිය ජාතික උද්‍යානයට සවාරි රැුගෙන යන සංචාරකයන්ට තිඹිරිගස්වැව ජලාශයද පෙන්වන බවත් බොහෝදෙනා මෙම ජලාශය අවට ප්‍රදේශයේ ඇවිදීමෙන් කුරුල්ලන්, නැරඹීමට දැඩි කැමැත්තක් දක්වන බවත් ඔහු සඳහන් කර සිටියා.
තිඹිරිගස්වැව ජලාශය කුරුල්ලන්ගෙන් පිරී පවතින අතර අවට කෙත්යාය හා සොබාදහමේ අපූර්ත්වය සැබැවින්ම අද සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇති අයුරු හොඳින්ම දැකගත හැකියි.
ඔඍ්ඪෑඛ සඳහා ප්‍රියකරන ඔබට හබරණ ප්‍ර‘දේශය පසුකරමින් යන අතරතුර මොහොතක් නැවතී දැකබලා ගැනීමට විඳගැනීමට හැකි කදිම වූ සුන්දර වූ සංචාරක ප්‍රදේශ දෙකක් ලෙස හිරිවඩුන්න තිඹිරිගස්වැව ජලාශ හඳුන්වා දෙන්න පුළුවන්.