සෝබාව දෙන සෝබර් දූපත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1696

වරාය ජැටියේ නවතා ඇති බෝට්ටුව එහාටත් මෙහාටත් පැද්දෙයි. සුළඟද මුහුදේ රැුල්ලද චණ්ඩව ඇති බැවිණි. එහෙත් බය හිතෙන් අමතක කළ අපි බෝට්ටුවට පා තැබුවෙමු.

එන්ජිම පණ ගන්වාගත් බෝට්ටුව මුහුදු රළ කපාගෙන ඉදිරියට ඇදෙයි.2019-05-27-ent-1694

මුහුදු ලිහිණි ?නක් මුහුදු දියට සමීපයෙන්ම පියාඹා යන හැටි පෙනෙයි. දිය මතට එන පුංචි මස්සෙක් ඇස ගැටුණු සැනින් මුහුදු දියේ කිමිදී හෝ ඌ ගොදුරු කර ගැනීමේ අපේක්ෂාව උන් සතුය. එහෙත් මා නම් දකින්නේ උන්ගේ අපූරුව පමණි. විනාඩි විස්සක පමණ ගමන නිමාවූයේ තවත් දූපතකය. ඒ දූපත සෝබර් නම්.

පරෙවි දූපත පෙනෙන මානයේ පිහිටි සෝබර් දූපත වූ කලී වත්මන සංචාරක නිවස්නයකි. අක්කර එකසිය හැත්තෑ පහක් පුරා පැතිරුණු මේ සුන්දර දූපතේ නිවස්නයේ සේයාව දෙස බලාගෙනම අපි සෝබර් දූපතේ රන්වන් වැල්ලට පා තැබීමු. පිටි බඳු සිහින් වැලි සහිත වෙරළ තීරයට පා තැබූ සැනින් අඟල් කිහිපයක් එරී ගියේ, වැල්ලේ ඇති ඒ සියුම් බව නිසා විය යුතුය.

සුළඟ තරමක් සැරපරුෂය. එහෙත් ඒ සුළඟ ගතටද සිතටද සුවදායක වූයේය.

සෝබර්....... මේ දූපතට ඒ නම දීලා තියෙන්නෙ ඉස්සර ඉංගී‍්‍රසි හමුදාවේ හිටිය ලූතිනන් කෙනෙක් වෙනුවෙන්. එයාගෙ ජීවිතේ තරුණ කාලෙදිම මරුවා උදුරගෙන. ඒත් එයාගෙ නම උදුරගන්න ඒ මාරයට බැරිවුණා. එදා ඉඳල මේ දූපත හඳුන්වන්නේ සෝබර් නමින්.

අපිව සාදරයෙන් පිළිගත් නිවහන නිවස්නයේ නිලධාරියෙක් විස්තර කළේය.

අනතුරුව ඔහු අප කැඳවාගෙන ගියේ එකී නිවහන වෙතය. හතළිස් අට දෙනකුට පමණ ලැගුම් ගත හැකි මෙය සුඛෝපභෝගී අධි සුඛෝපභෝගී කාමර සහ සාමාන්‍ය කාමර පහළොවකින් සමන්විතය. කොහොමටත් මේ සොඳුරු දූපත සුවදායකය. සිහිල් සුළඟ රළ බිඳෙන හඬ සවනත රැුව්දෙන මියුරු ගීතයක් බඳු වන නිසාය.

සිංහල රජු සතුවූ දේපලක් වන මේ දූපත 1672 මැයි මස 28 වැනිදා ප‍්‍රංශ ජාතිකයන් වෙත පවරා දෙනු ලැබුයේ රාජසිංහ රජු විසිනි. එවකට ලන්දේසීන් සමඟ පැවැති සබඳකම් පළුදුව තිබූ අතර ඔවුනට හොඳ පාඩමක් ඉගැන්විය හැක්කේ මේ අනගි දූපත ප‍්‍රංශ ජාතිකයන්ට පවරා දීමෙනැයි රජුට හැෙඟන්නට ඇත.

එහෙත් දෙවැනි ලෝක මහා සංග‍්‍රාම අවධියේදී ප‍්‍රංශයන් සතු බොහෝ දේපල ඉංගී‍්‍රසි ආණ්ඩුවට පවරා දෙන්නට සිදුවිය. ඒ අනුව මේ දූපත ඉංගී‍්‍රසි ආණ්ඩුවේ දේපලක් බවට පත්වූ අතර ඔවුහු තම යුද කඳවුරක් ලෙස මේ දූපත භාවිත කළෝය. සෝබර් යන නම දුන්නෝද ඔවුහුය.

ලොව නිපදවන නවීන ආයුධ ගෙනැවිත් මෙහි ගබඩා කෙරුණු අතර ඒ වෙනුවෙන් උමං පවා තනනු ලැබිණි. මෙහි අපූරු යුද බලකොටුවක් පිහිටවුණු අතර එයට සොබාදහමෙන් කදිම ආරක්ෂාවක් ද ලැබිණි. ඒ හමුදා භටයන්ට නොපෙනී කිසිදු සතුරෙකුට දූපතට ගොඩවෙන්නට වත් බැරිවූ නිසාය.

දෙවැනි ලෝක මහා සංග‍්‍රාම අවධියේ ජපානය සිටියේ සතුරු පක්ෂයේය. එනිසාම එකල ඔවුන්ගේ ප‍්‍රහාරවලට සෝබර් දූපත ලක්වූයේය. එහෙත් යුද කඳවුරේ වටිනා ආයුධ වෙඩිබෙහෙත් රඳවා තිබුණේ පොළව යට බැවින් ඔවුන්ගේ ප‍්‍රහාරවලින් සෝබර් දූපත ගිනි ජාලාවක් කරන්නට නොහැකි විය.

මේ සුන්දර දිවයින අද සංචාරක ආකර්ෂණය දිනූ නිවස්නයක්ව ඇති බව මුලින්ම කීවෙමු. මැයි මස සිට ඔක්තෝබර් දක්වා කාල වකවානුවේදී ති‍්‍රකුණාමලයේ සිට මෙම දූපතට ළඟාවීම පහසුය. හේතුව මේ කාලයේ මුහුද සංසුන් වීමය. දැන් කෙමෙන් සන්ධ්‍යාව එළඹෙයි. සැඳෑ අඳුරේ මුහුදු වෙරළේ ගෙවන හෝරාවන් සුන්දරම හෝරාවන්ය. හොල්මන් අවදි වී වෙරළේ සරන්නට පටන් ගනිද්දී අපි වෙරළ හැරදමා අපේ කාමර වෙත ගියෙමු.

ඉතිං මේ රාති‍්‍රය ජීවිතයේ සුන්දරම රාති‍්‍රයක් බව නොලියා සිටින්නේ ඇයි?

 

ධනු විජේරත්න

සේයාරූ -ධනුෂ්ක බණ්ඩාර

 

2019-05-27-ent-1699 2019-05-27-ent-1693  2019-05-27-ent-1695  2019-05-27-ent-1697 2019-05-27-ent-1698