සොඳුරු කොත්මලේ
එළාර ප්‍රමුඛ දෙමළ වෙළඳුන් රුසකට යටත්ව තිබූ රට බේරා එක්සේසත් කළ දුටුගැමුණු කුමරු නිසා වගේම, ශ‍්‍රී දළදා වහන්සේට රැකවරණය ලබාදුන් භූමිය නිසාවෙන් වගේම, මේ රටේ වැඩ සිටිය අවසන් මහ රහතන් වහන්සේ වූ මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි නිසා විතරක් නෙවෙයි, අපේ සංස්කෘතිය පෝෂණය කරන දැවැන්ත හයියක් ලබාදුන් නිසාත් කොත්මලය අතිශයින් වැදගත්. මොකද හිතන්නේ ඈත මලය රට කඳු පන්තිවලින් වටවෙලා තියෙන කොත්මලයේ රවුමක් ඇවිදින්න යමුද...
ඉර දිගට පැල් විස්ස
නම් පැවැති කොත්මලේ
කන්ද උඩ කෝට්ටයට
පලා යව ලෙස එදා පිය රජු සමඟ උරණ වූ ගැමුණු කුමරැට අවවාද අනුශාසනා දී විහාර මහා දේවිය තම පුතණුවන්ට පලායන්නයැයි පැවැසූයේ මලය රට හෙවත් කොත්මලය පුරවරයට. උස් ගිරි මුදුන්වලින් ගහන මෙම ප‍්‍රදේශය කොත්මලය වූ බවක් දල රත්තරන් කොතක් පහළ වූ මලය රට කොත්මලය වූ බවක් ද ඉතිහාසයේ සඳහන් වෙනවා. දුටුගැමුණු කුමාරයාගේ කොත්මලයේ කතාවත් හරිම ලස්සනයි. අහලා තියෙනවා නම් ආයෙත් මතක් වෙන්නත්, නොදන්න අයට දැනගන්නත් කියන්නම්. රජමාලිගයෙන් පැනයන ගැමුණු කුමරැ &ගුත්තා* නමින් කොටගේපිටිය නම් ග‍්‍රාමයට යනවා. ඒ යන්නේ &දෙහෙදු කඩුල්ල* නම් රැහුණු රටින් මලය රටට පිවිසෙන්න තිබුණ දොරටු තුනෙක් එකක් හරහා. ඒ ගිහිල්ලා වීසුරැ ගෙදර ඌරැ පැලැස්සේ ගම්මැහේගේ බාල දියණිය සමඟ ඇතිකරගත් සබඳතාවක් මත පස්සේ විවාහ වෙනවා. ඔය කිව්ව දෙහෙදු කඩුල්ල අදටත් දකින්න පුළුවන්. ගුත්තා තමා ගැමුණු කුමරැ යැයි තම බිරිය වූ රන්මැණිකාටවත් වෙනත් කිසිවකුටවත් නොකියා සිටින්න පරෙස්සම් වුණා. එහෙත් බුද්ධංගල හා රජතලා කුඹුරැ ඔහු අස්වද්දන්නේ දුටුගැමුණු කුමරැ යුද්ධ කරන විට අවශ්‍ය කරන ධාන්‍ය සැපයීමේ අරමුණ ඇතිව බව ගුත්තා කිව්වාලු. මේ කුඹුරැ අස්වද්දී කුමරැ ඒ කුඹුරැවලට ජලය ගෙන එන්න ඔහුගේ අතින්ම රණමුරේ රජඇල හදනවා. ඒ එක්කම කුමරැට නා ගන්න රජමුණේ පිහිල්ලත් හදනවා. මේ දෙකම අදටත් දකින්න පුළුවන්.
මෙහි තමන් සමඟ දිවි ගෙවන ගුත්තා, හිද්දලයා නැතිනම් එද්දලයා කිසිවිටකවත් දුටුගැමුණු කුමරැ යැයි රන්මැණිකා නොදැන සිටියද සෑම දිනකම මල්කඳට (සිය සැමියාට) ඇඹුල රුගෙන යාම ඇය පුරැද්දක් කරගෙන සිටියා.
දිවා ආහාරය ගනු ලබන ගුත්තා රන්මැණිකාගේ උකුලේ හිස තබා නිදාගැනීම පුරැද්දක් කරගත් අතර එක දවසක් කුමරැ විකාර සිහිනයක් දකිනවා. මේ සිහිනය පිළිබඳව ද ගැමි මත තුනක් තියෙනවා. ඉන් පළමු මතය තම බඩවැල් මුවින් පැමිණ දික් වී ගොස් නැවත කෙටි වී කුසට ඇදී යාම. දෙවැනි මත කුමරැගේ කකුලේ මහපටඇඟිල්ලේ මීයක් බැඳීම. තුන්වන මතය කුමරැගේ දිව දික්වී එළියට පැමිණ ලංකාව වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාම. කෙසේ නමුදු මේ විකාර සිහිනය දැකීමෙන් කලබල වූ කුමරැ ඡ්‍යොතිෂ ශාස්ත‍්‍රඥයකු සොයාගොස් සිහින පලාඵල දැනගන්නවා. එහිදී එම ඡ්‍යොතිෂඥයා කොත්මලේ ගණිතයා බවත් ගණිතයා තමා ඉදිරියේ සිටින්නේ කුමරැ බව තේරැම්ගෙන ඔහු රජවන බව පවසා වැඳවැටුණු බවත් අපිට අහන්න ලැබුණා.
දැන් හිතාවි ඇයි අපි කොත්මලේ සංචාරය කරන්න තෝරාගත්තේ කියලා. ඒකට ඔබට පිළිතුරැ එකක් නෙවෙයි. සිය ගණනක් දෙන්න පුළුවන්. හැබැයි ඒ පිළිතුරැ ගන්න ඔබ කොත්මලේ දවසක් හරි ගිහින් එන්න ඕනෑ. ගිහින් ආවාට පස්සෙත් අහනවා නම් ඇයි කොත්මලේ ගියේ කියලා ඔබේ සංචාරක රැචිකත්වයේ ගැටලුවක් තියෙනවා. දැන් බලන්නකෝ මේ ෙස්යාරෑ ටික.
ප්‍රසාද්