සුළඟ එක්ක කොමළ කරන ගස් අස්සෙන් රජ කැලේට
ෂා.. අපි දැන් ඉන්නේ සෙංකඩගල.... අර සුද්දා ගල විදලා හෙළි කරපු පාරෙන් කඩුගන්නාව කන්ද නැගගෙන දෙපසින් නැගී හිඳි නිල් කඳු රජුන් මැද්දෙන් ඔන්න සහෝ අපිත් ආවා නුවරට.... අද waik 111 එක්ක අපි ඔයාලව එක්ක යන්නෙ නුවර සීතල වන අසිරියක් නරඹන්න. තේජස් නුවර දළඳා මාලිගාව එක පැත්තකින්.. සුදු අධිරාජ්‍යවාදීන්ගේ සනුහරයක්ම නිදියන ගැරිසන් සොහොන් බිම තවත් පැත්තකින්... කන්ද උඩ බහිරව කන්දේ බුදු රදුන් තවත් පැත්තකින්. ඒ සිරි අසිරි නිස්කාන්සු මනසකින් විඳ ගන්න ගමන් කන්ද වීදිය දිගේ අපි ඉහළට නැග්ගා. අපේ ඇස් අබිමුවේ රාජකීය වන උද්‍යානය, උඩවත්ත කැලේ.
1961 ශ්‍රී ලංකා මිනින්දෝරැ දෙපාර්තමේන්තු පර් ෙය්ෂණ අනුව උඩවත්ත කැලේ භූමි වපසරිය අක්කර 257කට සීමා වුණත් උඩරට රාජධානිය ඉංග්‍රීසින්ට යටත් වෙන්නට පෙර යුගයේ මෙය අක්කර දහස් ගණනකට හිමිකම් කී වග තමා ඉතිහාසය කියන්නේ. තෙත් කලාපීය වනාන්තරයක ලක්ෂණ පෙන්වන උඩවත්ත කැලේ වන රුජින 1856 දී රක්ෂිත වනාන්තරයක් ලෙසත් 1938දී වන සත්ත්ව අභය භූමියක් ලෙසත් ඔටුණු පැළඳුවා.
බැලූ බැලූ අත අහස සිඹින මහ ගස්. ඒ අතරේ නාඹර යොවුන් වියට එළඹි යොවුන් ගස්. ඒ අතරේ සුරතල් වියේ ළදළු නලවන පුංචි ගස්. මේ හැමදේම එක තුරැලට නැළවෙන හැටි... එන්න බලන්න විඳින්න උඩවත්ත මහ කැලේට. උඩවත්ත කැලේ නානාවිධ තුරැ වැල් අතරේ හමුවෙන DANCING PLANT හරි අපූරැ ශාක විශේෂයක්. එයාගේ වැඩේ මොහොතක් මඟ නොහැර සුළඟ එක්ක තාලෙට නටන එක. ඉවරයක් නැති නැටවිල්ල නිසාම තමයි එයාට DANCING PLANT කියන නම වැටිලා තියෙන්නෙත්. උඩවත්ත කැලේ රාජකීය රක්ෂිතයට එන කාගෙ කාගෙත් ඇස් ඇදී යන ඉසව් කිහිපයක්ම තියෙනවා. රජ පොකුණ, යෝධ උණ පඳුර, කොඩි මලේ වගේම වසර 300කටත් වැඩිය පැරුණි යෝධ පුස් වැල ඉන් ඉසව් කිහිපයක්.
සීතල නුවර තවත් අපූරැ වටිනාකමකින් පුරවන උඩවත්ත කැලේ චමත්කාරය විඳගන්න හිතුණොත් ඔයත් යන්න ගිහින් එන්න. එන ඉරිදාත් අපි එනවා නොවැරදීම ඔයත් එක්ක කොහේ හරි ගිහින් එන්න.
Text -Saara / Pic- Channa Kassapa Koralearachchi