සුළඟ ඇවිත් සින්දු කියන ලංකාවේ එකම වැව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-04-ent-102

වලාකුළු කඳු අස්සෙන් රිංගගෙන නිල්වන් කඳුරුල්ලේ එතීගෙන වැව්දිය මත දැවටී උඩ පැනගෙන එන සීතල සුළඟ අපි ළඟට ආවේ අපේ වෙහෙස කෝ දෙන්න කියලා ඉල්ලා ගන්න වගේ. හුළඟ ඇවිත් සින්දු කියන වැව කොහෙද තියෙන්නෙ කියලා ඇහුවොත් ඔයා දන්නවද උත්තරේ. අවරගිරේ හිරැ නැගෙන සිහිලැල් හැන්දෑවක ඔන්න අපි ඔයාව එක්ක යන්න යන්නේ ඒ වැව ඉස්මත්තට තමයි. ඒ වැවේ නම චන්ද්‍රිකා.

චන්ද්‍රිකා වැවට අපි යද්දී හොඳටෝම හැන්දෑවෙලා. ඒත් ඒ වෙලාවෙත් වැව්තාවුල්ලේ වැව බලන්න ආව කිහිප දෙනෙක්ම හිටියා. ඇඹිලිපිටියේ සිට නෝනාගම මාර්ගයේ කිලෝමීටර් කීපයක් ගමන් කරද්දී ඔයාට චන්ද්‍රිකා වැවේ සොරොව්ව දකින්න පුළුවන්. මේ මාර්ගය හරහා සංචාරයේ යෙදෙන සංචාරකයන් බොහෝ දෙනෙක් නැවතිලා පුංචි අස්වැසිල්ලක් හිතට එකතුකරගන්න මේ වැව ළඟට එනවා. ඉතින් ගිය සතියේ මදුනාගල ගිහින් ඇති පදමට උණුවතුර නාගත්ත අපි නාන්න නෙවෙයි විඳින්න යමු මේ සුන්දර වැව් ඉස්මත්තට. එන්න Walk 111 අපිත් එක්ක ඔයත් යමු චන්ද්‍රිකා වැව ඉස්මත්තට.

මේ කවුරැන් විසින් මුමුණන ගීතවත් සංගීතයක්ද? හාහාපුරා චන්ද්‍රිකා වැව ඉස්මත්තට ගිය සැණින් ඔයාගේ හිතටත් එන පළවෙනි ප්‍රශ්නය තමා ඒ. ඒ සංගීතය යකට බට දිගේ එති එතී එන සුළඟ මගින් ඇතිකරන මියුරැ නාදයක්. ඒ අත්දැකීම වචනවලින් කියනන් අමාරැයි. වැව ළඟට ගිහින් ඔයාම විඳින්න ඕන.

සංචාරකයින්ගේ ගමන් විඩාව සංසිඳුවා ගන්න වෙන්වෙච්ච නැවතුම්පොළක් විදිහට ප්‍රසිද්ධ මේ වැව වටා රිසිසේ සීතල වතුර නාගත හැකි නාන තොටුපොළවල් ගණනාවක්ම තියෙනවා. චන්ද්‍රිකා වැව ඒ ප්‍රදේශයේ ජීවත්වෙන මිනිස්සුන්ට හුඟාක් වැදගත් වෙන්නේ ඒ අයගේ ගොඩ ගොවිතැන් මඩ ගොවිතැන් කරගෙන යන්න ඉවහල් වන ජල ආධාරකය විදිහට. ඒ අයට ඇතිතරමට වතුර දෙන ජල මූලාශ්‍රය තමා චන්ද්‍රිකා වැව කියන්නේ. මේ කෘෂිකර්මික වැව හුලංදා ඔයෙන් ගලා එන වතුරෙන් වගේම උඩවලව ජලාශයේ ඇළ මාර්ගය ඔස්සේ ගලා එන ජලයෙනුත් පෝෂණය වෙනවා. මේ වැව අක්කර අඩි 22420ක් තුළ පැතිරිච්ච වැවක්. වැවෙන් පෝෂණය වන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 165ක්. හෙක්ටයාර 1802ක් වගා කරන්න ජලය සපයන මේ වැව අක්කර අඩි 13400ක සක්‍රීය ජල ධාරිතාවකින් යුක්තයි. 1963 දෙසැම්බර් 26 වැනිදා තමා මෙම වැවේ මංගල දියවර මුදා හැරි දිනය ලෙස වැව් ඉතිහාසයට එකතු වෙන්නේ. මඩ ගොවිතැනට ගොඩ ගොවිතැනට වගේම මිරිදිය ධීවර කටයුතු සඳහාත් මේ වැව යොදා ගන්නවා. මත්ස්‍ය වර්ග ගණනාවකට නිවහන වූ මේ වැව ඒ ප්‍රදේශයේ බොහෝමයක් දෙනාට ජීවිතය සරිකර ගන්න රැපියල් උපද්දවන සම්පත් දියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.

නිල් කැටේට දිලිසුනත් වතුර වෙලාවකට නපුරැයි. තවත් වෙලාවකට හිතුවක්කාරයි. ඒ හින්දා වතුරත් එක්ක ගනුදෙනුවෙදි අපි සතුට වගේම පරිස්සම ගැනත් හිතන්නම වෙනවා. වැවේ අභ්‍යන්තර දියවැල් එහෙම නොහිතන අයට මාරකයක් වෙන්න පුළුවන්. වැව ගැන නොදන්නා, නාන තොටුපොළවල් මඟ හැර මත්පැන් එහෙමත් බීලා හිතෙන හිතෙන තැන්වලින් වැවට පැන්නොත් සතුට වෙනුවට මරණය මුණගැහෙන්නත් පුළුවන්. ඒ නිසා සුන්දරත්වය පරිස්සමින් විඳලා එන්න.

ඉතින් සති ගාණක් දකුණු ලකේ පාරවල් දිගේ ඇවිද්දා ඇවිද්දා... දැන් ටිකක් විඩාවයි. ඒ හින්දා ලබන සතියේ අපි යමු තංගල්ල වෙරළ අද්දර සොඳුරැ නවාතැනක දවසක් නැවතිලා එන්න.

 

2017-10-04-ent-99 2017-10-04-ent-100 2017-10-04-ent-101  2017-10-04-ent-103 2017-10-04-ent-104 2017-10-04-ent-105