සුන්දර කඩියන්ලෙන ඇල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-11-ent-072018-10-11-ent-06

නාවලපිටිය – තලවාකැලේ මාර්ගයේ යනවිට හමුවන මෙම දියඇල්ල කඩියන්ලෙන ඇල්ල සහ කැටඹුල දියඇල්ල යන නම් ද්විත්වයෙන්ම හඳුන්වනු ලබයි. කොටස් තුනකට පමණ ඇද වැටෙන මෙම දිය ඇල්ල තුන්වන කොටසේදී බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද ආරුක්කු තුනක් සහිත පාලමක් යටින් ගලා යයි. එමනිසා මාර්ගයේ සිට දැක ගත හැකි වන්නේ දිය ඇල්ලේ මාර්ගයෙන් ඉහළ කොටස් දෙක පමණි. නමුත් පාලමට ආසන්නයෙන් වූ කුඩා මාර්ගයක ගමන් කිරිමෙන් මාර්ගයෙන් පහත සිට දිය ඇල්ලේ සම්පූර්ණ දර්ශනය දැකගත හැකිය.

මෙම දිය ඇල්ල පිහිටා ඇත්තේ කඩියන්ලෙන ග්‍රාමයේ වන බැවින් දිය ඇල්ලත් කඩියන්ලෙන ඇල්ල නමින් හඳුන්වන්නට ඇතැයි සිතිය හැකි අතර මෙය අසල පිහිටා ඇති තේ වත්තේ කැටඹුලා වත්ත ලෙස හඳුන්වන නිසා කැටඹුලා ඇල්ල යන නමත් භාවිතා වන බව අනුමාන කළ හැකිය . නාවලපිටිය - හැටන් හා නාවලපිටිය - තලවාකැලේ මාර්ගය වැටී ඇත්තේ ඉහත සඳහන්කළ ඇරුක්කු පාලම ඔස්සේය.

මෙම දිය ඇල්ල පෝෂණය වන්නේ ඇල්ලට කිලෝමීටර් කිහිපයක් ඉහළිවූ ජල මූලාශ්‍ර කිහිපයකින් වන අතර ජලය හොඳින් ඇති කාලයන් වලදී ඉතාමත් සුන්දර දිය ඇල්ලක් බවට පත්වේ. ස්නානය කිරීම සඳහා ස්ථාන කිහිපයක් පවතින අතර නමුත් නිසි අවධානයක් තබා ගැනීම අවශ්‍යය. ආරුක්කු පාලමෙන් පහළට වැටෙන විට තටාකයක් ලෙස ස්වභාවිකව සෑදී ඇති කොටසේ දිය නෑම ඉතා අවධානම් වන්නේ එහි ගැඹුර නිශ්චය කිරීමට නොහැකි බැවිනි. මෙම දිය ඇල්ල ආශ්‍රිතව කුඩා ජල විදුලි බලාගාර දෙකක් පවතින අතර එක් කුඩා බලාගාරයකින් කැටඹුලා වතුයායට විදුලිය ලබාදෙනු ලබයි. නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් අතර මගදී නැරඹිය යුතුම සුන්දර ස්ථානයක් ලෙස මෙම දිය ඇල්ල පෙන්වාදිය හැක.

 

සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල්

 

  2018-10-11-ent-08 2018-10-11-ent-09 2018-10-11-ent-10 2018-10-11-ent-11 2018-10-11-ent-12