සුදු මොණරැත් අැවිත් ඉන්න Guruge Nature Park



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

සුන්දර සුදු මොණරෙක් ටිකක් ආඩම්බර විදිහට අපේ දිහා බැලුවා. දීප්තිමත් දිලිසෙන නිල් කොළ පැහැසර මොණරැන් කොච්චර හිටියත් සුදු මොණරැන් හමුවෙන්නෙ කලාතුරකින් නිසා ඒ හමුවීම හරි සතුටක් කියලා නොකියා කොහොමද? එයාව අපිට මුණගැහුණේ ජා-ඇළ GURUGE NATURE PARK එකේදී. ඔයා ගිහින් තියෙනවද GURUGE NATURE PARK එකට... ගිහින් නැත්නම් ගියානම් හොඳයි කියලා හිතෙන තරමට එතන හරි අපූර්වත්වයක් තියෙනවා. සාමාන්‍ය PARK එකකට වඩා මෙතන  හුඟක් වෙනස්. පිහිනන්න ලොකු ලස්සන පිහිණුම් තටාකයක්, ඔන්චිල්ලා, ඔළුවෙන් හිටවෙන්ටම කැරකෙන්න ITEM එකක්, ධනවර්ධන ඇලේ බෝට්ටු සවාරියක් එක්ක විනෝද වෙන්න ගොඩක් EVENTS මෙතන තියෙනවා.. ඒත් එක්කම බලන්න අලි, අශ්වයන් ඇතුළු සතුන් විශේෂත් ඉන්නවා..

ඒ වගේම ඉතිහාසය ගැන කියාදෙන EVENT වගේම අපේ ඉපැරුණි සම්ප්‍රදායන් ගැන කියාදෙන EVENT ගණනාවකුත් මෙතන තියෙනවා.. රසට කන්න බොන්න හොඳ අවන්හලකුත් තියෙනවා. හවසට කදිම මැජික් සංදර්ශනයකුත් පෙන්නනවා. මේ හැමදෙයක් වෙනුවෙන්ම අය කරන්නෙත් හරිම සාධාරණ මුදලක්. දෙස් විදෙස් සංචාරකයන් හුඟ දෙනෙක් මෙතෙන්ට එනවා. මාසෙ හැම දවසකම උදේ 8.00 ඉඳන් හවස 6.00 වෙනකම් මෙතන සංචාරකයන් වෙනුවෙන් විවෘතයි.. MR. DHNAWARDHNA GURUGE අපිට කීවෙ එයාගේ BUSINESS NET WORK එකෙන් එයා වැඩිම සතුටක් ලබන්නෙ GURUGE NATURE PARK එකෙන්. එයා ඉතිහාසයට සොබාදහමට හුඟාක් ඇළුම් කරන නිසා මෙහෙම CONCEPT එකක් තෝරාගත්තා කියලා 

 

විශේෂ ස්තූතිය

EVENT MANAGER - සුමංගල ද සිල්වාට

 

SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC 2017-05-12-ent-136