සීත දුම්බරේ ඈත කඳුකරේ යමුද මීමුරේ...
සෙනසුරාගේ මහ දසාව ලැබුණාම මිනිස්සු ඇවිද්දවනවාලු. ඒ නැතත් ඇවිදින්න උණ තියෙන මිනිස්සු එමටයි. ඒක හරිම වාසනාවන්ත පුරැද්දක්. ඇවිද්ද පය දහස් වටී කියලා කියන්නෙත් නිකම් නෙවෙයි. කොහොම හරි, අපිට මේ සංකීර්ණ ජීවිතෙන් මොහොතක ඉසිඹුවක් අරගෙන කොහේ හරි රවුමක් ඇවිදලා එන්න තියෙන්නේ පුදුම ආසාවක්. ඒ වෙනුවෙන් වෙලාව වෙන් කරන්න පුළුවන් වගේම බැරි අයත් ඉන්නවා. ඉතින් වෙලාව වෙන් කරන්න පුළුවන් අය හිතාගත්තලු බැරි අය වෙනුවෙන් එයාලා යන හැම ගමනකම සාරය එහෙමත් නැත්තම් &ස්ප්‍රිට් එක& අරගෙන ඇවිල්ලා අර යන්න බැරි අයට බලන්න දෙන්න. සේයාරෑත් එක්කම.
කාලෙකට කලින් රාජකාරි වැඩකට ගිහින් "අදාළ චරිතය" එනකම් මට ගෝල්ෆේස් අයිනේ වාහනේ ඇතුළේ පැයක් විතර ඉන්න වුණා. අපේ රියැදුරැ මහත්තයෙක් තමයි අනිත් පැත්තේ හිටියේ. ආයතනයේ ටෙම්පරියක් අදින ඔහුගේ ගම හුන්නස්ගිරිය. ඔහු තමයි මට කියලා දුන්නේ "Knuckles" කියන ඉංග්‍රීසි වචනයේ සිංහල තේරැම "දුම්බර" කියලා. මේ වචන දෙකම අහලා තිබුණට මම වගේම ලංකාවේ බොහෝ දෙනෙක් මේ දෙකේ සම්බන්ධය දන්නේ නෑ. නකල්ස් කියන එකේ පූර්ණ සිංහල තේරැම දුම්බර නෙවෙයි. හැබැයි ඔය දෙකෙන්ම හැඳින්වෙන්නේ එකම පළාත. ඒක මතක් වුණේ මේ ඡායාරෑපවලියට හේතුවුණු "මීමුරේ" ගමන වැටුෙණ් ඔය කිව්ව දුම්බර කඳු මැදින් නිසා.
කන්ද උඩරට රජ කළ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ගෙන් බේරී පලායන්නට සැලසුම් කළේ මීමුරේටලු. සුන්දර දුම්බරේ මීදුම් පවුරැ අතරේ සැඟවිලා ඉන්නටලු රජුගේ සැලසුම වුණේ. සුදු ජාතිකයින් කන්ද උඩරට ආක්‍රමණය කළ සමයේ රාජසිංහ රජුට සැඟව සිටීමට සැලසුම් කළ, මීමුරේ ඉදිකොට ඇති වරිච්චියෙන් සකස් කළ මැද මිදුලක් සහිත ඉපැරුණි නිවෙස අදටත් මෙහි දකින්න තියෙනවලු. මට යන්න වෙලාව මදි වුණා. රජුගේ පැමිණීමට පෙර, ආරක්ෂාව පතා බිසෝවරැ දෙදෙනකු මී මුරේ වෙත පැමිණි අතර ඔවුන්ට දිය නෑම සඳහා ඉදිකළ කටු පඳුරේ ළිඳ අදටත් ගම්මානයේ තියෙනවා. එකල මෙම ළිඳ වටා විශාල කටු පඳුරැ සහිත පවුරක් සකසා තිබු බැවින් එය "කටු පඳුරේ ළිඳ" නමින් ව්‍යවහාර වුණාලු. රාජසිංහ රජු, මීමුරේ වෙත පැමිණෙන්නට තීරණය කරන්නේ එහි ආරක්ෂාව හොඳින් සැලසුම් කළාට පස්සේ. ගම්මානයට ඇතුළුවන තැන මංකඩ සතරක් ඉදිකරාලු.. "රැප්පේ" නමින් හැඳින්වෙන මෙම ස්ථානවල මුරකරැවන් දිවා රූ රුකවලෙහි යෙදිලා තියෙනවා. සියල්ල එසේ සැලසුම් කළත් රජුට මී මුරේ එන්නට ලැබුණේ නෑලු. මොකද, ඒ එන්නට පෙර රාජසිංහ රජු අත්අඩංගුවට පත්වුණා.
දුම්බරේ හෙවත් පොෂ් සමාජයේ නම් "Knuckles"රාජ්‍යයේ මීමුරේ පිහිටලා තියෙන්නේ. මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක දෙකට සමාන්තරව පිහිටා ඇති දුම්බර මිටියාවත, මධ්‍යම කඳුකරයෙන් වෙන්වෙලා තනියම ඉන්නේ. හැඩි දැඩි පුද්ගලයකු තම අතමිට මොලවා ගත් කලක් දිස්වන ආකාරයට පිහිටා ඇති බැවින් නකල්ස් යන නාමය පටබැඳී ඇති බවයි අපේ පුංචිබණ්ඩා මාමා කිව්වේ. හිරිගල් පොත්ත, ගොම්බාපාතිය, නකල්ස්, කොබෝනිල්ලගල, දොතළු ගල, කළු පහන, වමාරපු ගල, ලකේ ගල, ලබු පැලැස්ස පතන, දුම්බොන ගල, ගල් කුල ආදි වශයෙන් මේ මීමුරේට ආරක්ෂාව සපයන කඳු රැසක් තියෙනවා. ආදීවාසි ජනයා මෙහි වාසය කළ බව කියැවෙන ගම හා බැඳුණු ජනප්‍රවාද ගොඩාක් අහන්න ලැබුණා. මී මුරේ ගමේ අනන්‍යතාව බඳු ලකේගල හෙවත් "යකුන්ගේ ගල" ඉන් ප්‍රධානයි.
රාමා සීතා පුරාවෘත්තයේ එන රාවණා, "දඬු මොනරය" පැදවූ ගමන් මාර්ගයේදී ලකේ ගල එක් මාර්ග සලකුණු කළ ස්ථානයක් ලෙස භාවිත කළ බවත් බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කළ ප්‍රථම ගමනේදී ලකේගල මුදුනේ ශ්‍රී පාද ලාංඡනය තැබු බවත් ගම්වැසියන් විශ්වාස කරනවා. මේ ලකේගල සිරිපතුල් කතාවේ තව දෙයක් මම මීට කලින් අහලා තියෙනවා. බුදුන් වහන්සේ සමනොලට කලින් සිරි පද්මලාංඡනය තියන්න සූදානම් වුණේ මෙතනලු. ඒත් ඒ වෙලාවේ හූනෙක් "චික්. . චික්." ගෑවලු. ඒ නිසා තිබ්බේ නෑලු. මේවා හුදු ප්‍රවාද විතරක් වෙන්න පුළුවන්.
එහෙනම් යමු. . . . .
අපේ ගමන් මඟ වුණේ රත්මලාන, කොළඹ, නුවර, හුන්නස්ගිරිය, හරහා මීමුරේට. රත්මලානෙන් පිටත් වුණේ රූ 12 ට විතර. පාන්දර 1 වගේ වෙද්දි අපි කොටුවට ආවා. ආවට පස්සෙයි මතක් වුණේ පස්සෙ දවස (එදා දවස) දීපවාලී කියලා. දන්නවනෙ ඉතිං, එහෙම දවසට නුවරට යන්න ඉන්න සෙනඟ මොන තරම්ද කියලා. ලංගම සෙනඟ වැඩි නිසා අපි අර්ධ සුඛෝපබෝගී කියලා නමක් ගහපු ලංගම බස් එකකටත් අන්ත මහියංගනේ යන private බස් කට්ටක එල්ලිලා ආවා. ඒකෙ කියලත් වෙනසක් නෑ. කොටුවෙන් 3 ට පිටත් වුණේ. කට කපල සෙනඟ, වෙනසකට තිබ්බෙ වාඩි වෙලා එන්න ලැබුණ එක තමයි (ටිකට් එක රැපියල් 290 යි). උදේ හත වෙන්න කලින් අපි බැහැ ගත්තා හුන්නස්ගිරියෙන්. එතනදි මනුස්සකම තියෙන මිනිහෙක් අපිට අඳුරගන්න ලැබුණා. ඒ මාමා තමයි අපිව ලූල්වත්ත බස් එකට දැම්මෙ (ටිකට් එක රැපියල් 44 යි). මීමුරේට හුන්නස්ගිරියෙ ඉදලා කිලෝ මීටර් 45 යි. ලූල්වත්ත බස් එක යන්නෙ කිලෝ මීටර් 15 ක් වගේලු. පාර ගොඩක් සවුත්තුයි. එහෙම ගියොත් ඉතුරැ ටික පයින් තමයි. හැබැයි යන්න අමාරැ නෑ. ඉතිරි කිලෝ මීටර් 20ම වගේ බෑවුම. නැත්තම් පොඩි වෑන් දෙකක් යනවලු (ටිකට් එක රැපියල් 100ක් වගේලු). දන්න විදියට ඒක මීමුරේ යනවා හුන්නස්ගිරියෙන් හවස 12 ත් 2ත් අතර. හුන්නස්ගිරිය හංදියේ කෑම කඩයක් තියෙනවා. පොඩි කඩ පොඩ්ඩක්. අන්න ඒක ඉස්සරහ ඕක නවත්තන්නේ. නුවර පැත්තේ ඉඳන් එද්දි බස් නවත්තන හෝල්ට් එක තියෙන්නේ ඒ කඩේ ඉස්සරහ. එකක් යන්නෙ මීමුරේට ටිකක් මෙහා කයිකාවල කියන ගමට. එතන ඉඳලා කිලෝමීටර් 3, 4ක් ඇති. මීමුරේ ඉඳලා වෑන් එක එනවලු උදේ 5 ට වගේ. ඒක හුන්නස්ගිරියට එද්දි උදේ 7 වගේ වෙනවලු. කොහොමහරි අපිට නම් දෙයියො වෑන් එකක් එව්වා. එද්දි නම් දෙයියො උදහස් වෙලා වෑන් එක එවුවෙ නෑ. කිලෝ මීටර් 10 ක් විතර ආවට පස්සේ දෙයියො දුක හිතිලා ඩීමෝ බට්ටෙක් එවලා තිබ්බා.
කවුරැ හරි මීමුරේ යනවනං මෝටර් සයිකලෙන් යන එක තමයි හොඳම. ත්‍රීවීල් එකක් වුණත් අවුලක් නෑ. ත්‍රීවීල් එකක් හුන්නස්ගිරිය හංදියෙන් ගන්නත් පුළුවන්. හැබැයි, ඒකට ටිකක් වැඩිපුර ගෙවන්න වෙනවා. අහපු විදියට රැපියල් 1000ක් විතර. ඒ යන්නයි එන්නයි දෙකටම වගේ. ත්‍රීවීල් එකෙන් යද්දි තියෙන ජොලිය තමයි මඟ නතර වෙවී ෆොටෝ එහෙම ගන්න පුළුවන් වෙන එක. පාර සවුත්තුයි කියලා කිව්වානේ. ඒ හින්දා දෙයියංගෙ වෑන් එක නං යට වැදුනා ටිකක් විතර (බට්ට නම් මරැ). දිග බස් බෑ. කොට බස් එකක් වුණත් අමාරැ වෙයි පොඩ්ඩක්. ලොකු වාහන ගැන මම දන්නෙ නෑ. ඒව දැක්කෙත් නෑ අතරමගදි. කාර් නම් බෑමයි හොඳේ. මගඳි එකම එක ලෑන්ඩ් රෝවර් එකක් හම්බවුණා. ඒකත් බොයිල් කරලා, එංජිම නිවෙනකම් ඒකේ ආපු අය නවත්තගෙන ඉද්දී. තෙල්, වතුර, බ්‍රේක් සහ අනිත් බලන එව්වා බලලා යන එක හොඳයි. මඟ නතර වුණොත් නකල්ස් වලින් පහලට තල්ලු කරලා පයින් යන එක තමයි තියෙන විසඳුම. කිලෝමීටර් 45 ට ම වාහනයක් ගොඩදා ගන්න තැනක් නෑ.
මීමුරේදී හැමදේම හොඳින් සිද්ධ වෙන්න නම් සාක්කුව පිරිලා තියෙන්න අවශ්‍යයමයි. මනුස්සකම, ගැමිකම ලොකුවට බලාපොරොත්තු වෙන්න එපා. ඒවා නෑ කියනවා නෙවෙයි. හැබැයි දැන් මෙහේට මිනිස්සු ඇවිල්ලා ඇවිල්ලාම ගමේ අයත් මේ එන අයට "සේවා සැපයීම" රස්සාවක් කරගෙන. මිනිස්සු ගොඩක් මිත්‍රශීලීයි. ඒ අය එක්ක පැටලෙන්න එපා. හැමදේම ගොඩින් බේරගන්න බලන්න. හිනාවකින් සංග්‍රහ කරන්න අමතක කරන්න එපා. මෙහේ කෑම බීම ටිකක් ගණන්. කන බොන දේවල්, බේත් හේත් පිටිං අරං එන තරමට හොඳයි. කෑම දෙකකට 1000 ක් වගේ තමයි. අපි කෑවේ එහෙමයි. නාපු තැනට පොඩ්ඩක් උඩහට වෙන්න තිබුණු ගෙදරකට ගිහිල්ලා කතා කරලා, එයාලට කියලා කෑම දෙකක් හදවා ගත්තා. අලයි,සෝයයි, සැමන් කෑල්ලයි, කොච්චි සම්බලයි. බුදු අම්මෝ... මීමුරේ සීතල වතුර ටිකක් නාලා ඇවිල්ලා ඔය බත් එක කෑවා කියන්නේ ආයේ ඉතින් ජීවිතේට අමතක වෙන්නේ නෑ...
ගමේම නවාතැන් තියෙනවා. ගැමි ගෙවල් ම තමයි දෙන්නෙ. රුයකට 5 දෙනෙකුට 3000 ක්, 10 දෙනෙකුට 5000 ක් වගේලු. මේ ගාස්තු තැනින් තැනට වෙනස්. එයාල දෙන පහසුකම් වුණත් එහෙමයි, වෙනස් වෙනවා. සල්ලි නැතිම වෙලාවක විතරක් කොස්ගම පුණ්න ස්වාමීන් වහන්සේ ඉන්නවා පංසලේ, පොඩ්ඩක් අහන්න. කීප දෙනෙකුට ඉන්න පුළුවන් වෙයි. එහේ හොඳ තැන් බලන්න නම් සීයා කෙනෙක් හොයාගන්න වෙනවා. ඒ වගේ සීයලා ගොඩක් ඉන්නවා. දවසකට රැපියල් 1000 ක් විතර එයාලා ගන්නෙ නෑ, මිනිස්සු දෙනවා. තේරැණානෙ... අපි එහේ හිටියේ පැයක් විතර, ඉක්මනට එන්න වුණා. කවුරැහරි යනවනම් දවස් දෙකක්වත් ඉඳලා එන්න. සතියක් වුණත් බලන්න දේවල් තියෙනවා. ඉස්සරහට තව ඒවා කියන්නම්. මේ ඔක්කොම කිව්වේ යන්න හිතන් ඉන්න අයටයි. යන්න විදිහක් නැති අයටයි.
ප්‍රසාද් I විශේෂ ස්තූතිය ප්‍රදීප් ලියනගේට සහ අනුරැද්ධ රත්නායකට