සැහැල්ලු හැන්දෑවකට මරු තැන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-02-ent-217

අද අපි කොහෙද යන්නේ... ගිය සති අන්තයේ විල් මුවන්, බළල් දිවියන්, උකුස්සන්, බකමූණන් එක්ක මතකනේ මහ වනන්තරේ අපි ඇවිද්දා. ඔන්න ඉතින් මේ සති අන්තයේ අපි ඔයත් එක්ක යන්න හදන්නේ කොළඹ උද්‍යානයකට. කොළඹ ඉන්න අයට නම් මේ උද්‍යානය බොහොම සුපුරුදු තැනක්. හැන්දෑවරුව පවුල පිටින් ගත කරන්න කොළඹ ජීවත් වෙන හුඟක් දෙනා මේ උද්‍යානයට එනවා. උද්‍යානයේ නම විහාර මහාදේවි. කොළඹ ඉන්න ඔයාට මෙතන නුපුරැදු නැතත් ඉඳහිට හෝ විනෝද චාරිකාවක් යන අතරතුරේ හෝ කොළඹට එන අයට නිවීසැනසිල්ලේ කාලය ගෙවාගන්න විහාර මහාදේවී උද්‍යානය ඇත්තටම නියම තැනක්.

දෙන්නෙකුට ඉඳගෙන නිදහසේ කතා කර කර ඉන්න හදපු සිමෙන්ති බංකු වගේම යාළුවෝ කට්ටියකට එකතුවෙලා නිදහස භුක්ති විඳින්න ඕනෑතරම් නිදහස් ඉඩ මේ උද්‍යානයේ තියෙනවා. ඒ වගේම පුංචි දරැවන්ට හිතේ හැටියට සෙල්ලම් කරන්න ළමා උද්‍යානයක් වගේම නිදහසේ බයිසිකල් පැදයන්න නිදහස් මන්තීරැවකුත් මේ උද්‍යානය සතුයි. උදේට හැන්දෑවට හුඟක් දෙනා දුවන්න, ව්‍යායාම කරන්න වගේම සැහැල්ලුවෙන් පොඩි විවේකයක් හොයාගෙනත් විහාරමහාදේවී උද්‍යානයට එනවා. ඒ වගේම යාළුවෝ යාළුවෝ එකතුවෙලා පාඩම් කරන්නත් මේ උද්‍යානයට එනවා.

පොඩි බඩගින්නට කන්න ඕනෑතරම් දේවල් වගේම අයිස් ක්‍රීම්, අච්චාරු වගේ දෙයක් රසවින්ඳින්නත් මෙහි ඉඩ තියෙනවා. ඒ අතර සමහරැ wedding ෆොටෝ ගන්න වගේම Pre shoot ෆොටෝ ගන්නත් විහාරමහාදේවී උද්‍යානයට එනවා.

ඉතින් හැන්දෑවක උදෑසනක මිහිර නිස්කාන්සු සුවයෙන් විඳගන්න ඔයත් කැමතිනම් ඔයත් ගිහින් එන්න. තවත් දවස් හතකින් අපි එනවා ඔයත් එක්ක කොහේ හරි අවිදින්න.

 

Text -Saara /  Pic- Channa Kassapa Koralearachchi

 

2018-03-02-ent-213 2018-03-02-ent-214 2018-03-02-ent-215 2018-03-02-ent-216