සඳුන් එක්ක ලෝකෙ වටේ - නික්කෝ එදොමුරා වෙත යමු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-09-27-ent-11

2016-09-27-ent-10

ඔබ නින්ජාවරු ගැන අසා තිබෙනවා නේද?

 

2016-09-27-ent-15නමුත් සජීවීව නම් දැක නැතුව ඇති. එදෝ වොන්ඩර්ලෑන්ඩ් වෙත සංචාරය කළොත් ඔබට මේ නින්ජාවරු සියැසින් දැක ගත හැකියි. එතකොට මේ එදෝ වොන්ඩර්ලෑන්ඩ් තිබෙන්නේ කොහේද? මුලින්ම ඒ ගැන දැන ගනිමු. ඉපැරණි ජපාන සංස්කෘතියට අයත් වූ ජීවන රිද්මයෙහි හැඩ සියැසින් දැක ගත හැකි පරිදි අතීත රසය තේමා කොට තැනූ උද්‍යානයකි. නැතහොත් ගම්මානයකි. තවත් ලෙසකින් පැවසුවහොත් අතීතයෙහි තෝකියෝව පැවතියේ මේ එදෝ ගම්මානයේ පරිදිය.

“එදෝ පුරාණයේ ඉපැරණි සංස්කෘතියේ හැඩතල රැගත් මේ ගම්මානය තනා ඇත්තේ කිනුගවා ඔන්සෙන් ප්‍රාන්තයට අයත් තොචිගි පළාතේය. නික්කෝ යනු මේ ඉපැරණි ගම්මානය නිර්මාණය වූ පළාතය. මේ නික්කෝහි වෙසෙන ජනගහනය ලක්ෂයකටත් වඩා අඩුය. තෝකියෝවේ සිට දුම්රිය ඔස්සේ ගමනාන්තයේ යෙදෙන්නේ නම් ඒ සඳහා පැය දෙකහමාරක පමණ කාලයක් ගත කිරීමට සිදුවේ.

නමුත් මේ නික්කෝහි එදොමුරා වෙත අප ගෙන ගියේ Extea Nicey International ආයතයේ සංවිධාන ශක්තියෙනි. ජපානයේ සංචාරයක යෙදෙන්නේ නම්, ශ්‍රී ලංකාවේ රාජගිරියේ පිහිටි ඉහත නම් සඳහන් ආයතනය සැබැවින්ම වඩාත් සුදුසුම යැයි අතිශෝක්තියෙන් තොරව කීමට හැකිය. ජපානයේ සංචාරයක නිරත වන ඔබ තෝකියෝවේ නවාතැන් ගෙන සිටින්නේ නම්, මේ නික්කෝ (Nikko) එදොමුරා (Edomura) වෙත අධිවේගී මග තෝරා ගන්නේ නම්, පැය දෙකකට ආසන්න හෝ ඉක්මවා ගිය කාලයකදී එතැනට ළඟාවිය හැකිය. ඒ මග ඔස්සේ ඇත්තේ කිලෝමීටර් 156ක් පමණ දුරකි. තෝකියෝවේ සිට සයිතමා (Saitama) සනෝ (sano) තොචිගි (tochigi) උත්සුනෝමියා (Utsuomiya) පසුකොට යන මග වඩාත් පහසුය. මාර්තු සිට නොවැම්බර් දක්වා මෙම එදෝ ගම්මානය උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා විවෘතව තැබේ.

එක්දින ප්‍ර‘වේශ පත්‍රයක් සඳහා වැඩිහිටියෙකුගෙන් අයකරගනු ලබන්නේ යෙන් 4700 ක මුදලකි. ළමයෙකුට යෙන් 2400ත් අය කරයි. කාර් රථයක් නවතා තැබීම සඳහා යෙන් 800ක් අය කෙරේ.

Grand Ninja Theatre, Ninja Karasa Yashiki, Ryoyokusa, Kitamachi, Mizugei-za, Wakamatsu-ya, Nyanmage theatre, Hinomi Open air Theater, යනු මෙහි ඇති ඉසව් පැවැත්වෙන ගෘහස්ථ ස්ථානයි.

Travel-with-Sandunඑළිමහනේදී නින්ජාවරුන් සමග ඔබට ඕනෑ නම්, කඩු සටන්වලට එක්විය හැකිය. මීට අමතරව තවත් ක්‍රියාකාරකම්වලට ඔවුන් සමග එක්විය හැකිය. Oiran හෙවත් සුන්දර සුරුපිනියන් සහභාගීවන නර්තනාංග නැරඹිය හැකිය. එකළ සමුරායිවරුන් ලෙස හැඳින්වූ විරුවන් සමගද කාලය ගත කළ හැකිය. නින්ජාවරු, සමුරායිවරු, කුමරිය, සොඳුරු ලියන් එක්ව ඉදිරිපත් කරනු ලබන පෙරහර නරඹන්නන්ට අමුතු ආස්වාදයක් ගෙන දේ.

එදෝ පුරාණයේ තිබූ ගම්මාන ආසිරියේ සිරිය සමග එදා තිබූ ගමේ අවන්හල්, ගමේ පිසූ ආහාර - පාන සියල්ලෙන් සප්පායම් විය හැකිය. මතක තබා ගන්න, එම ආහාර පාන සහ මෙහි ඇති ආස්වාදයන් කරනු ලබන, දකින නරඹන සියල්ල මෙතැනිට පමණක් ආවේණික වූ අතර ජපානයේ වෙනත් තැනකදී එය අත්විඳිය නොහැකිය. මෙහිදී ආහාර පාන ලබාගන්නා විට එය ප්‍ර‘වේශ පත්‍රයට අයත් නොවන වගත්, වෙනමම ඒ සඳහා ගෙවිය යුතු බවත් මතක තබාගන්න. මෙහි ඇති එක් අවන්හලකදී උදුනේ පුළුස්සාගෙන කෑමට ගත හැකි අහරක අත්දැකීම (Sembei Cracker) විඳගත හැකිය.

ළමුන්ට නින්ජාවරු සමග සටන් කිරීමටද, සමුරායි කඩු සටන්කරුවන් සමග සටන් කිරීමටද, Okappiki Police අත්දැකීමද විඳගත හැකිය.

Kaikai ninja house, Karakuri Ninja Maze, Jigoku Temple, Kodenma Prison ආදී එදෝ පුරාණයේ තිබූ බොහෝ ස්ථාන අනුරූ දැකගත හැකි පමණක් නොවේ, මිනිසුන්ද හමුවිය හැකියි. ඔබ දන්නවාද මෙම එදෝ පුරාණය රැගත් ගම්මානයේ තනා ඇති මේ සියලු ගොඩනැගිලි නිර්මාණය සඳහා කිසිදු යකඩ ඇණයක් හෝ යොදාගෙන නොමැත. Yabusoba (නූඩ්ලස් සහිත) Tori Sobaya ( නූඩ්ලස් සුප් සහිත) Tenjiku To miyako ( බත් සහිත සුප් ) සහ සලාද මෙන් අතුරුපසකින්ද සමන්විත ආහාර මෙහිදී මුදල් ගෙවා අනුභව කළ හැකිය. Yamakujira එදෝ පුරාණයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ වීදි ආහාරයකි. ඒවා පුළුස්සා ගන්නා ලද මාංස කෝටුවක අමුණා සෝස් වර්ග සමග අනුභවයට සලස්වා ඇත.

Yakata Boat ෆෙරී බෝට්ටුවේ සංචාරයකට යා හැකි අතර, ළමුන්ට Shuriken Dojo නින්ජවරුන් විසින් ලබාදෙන ක්‍රීඩා පුහුණුවද, Kaxaguruma ඉලක්ක ක්‍රීඩාවේද යෙදිය හැකිය. ඒ ක්‍රීඩාවෙන් දිනන අයට ත්‍යාගද ලබාදේ. Yaba Archery Dojo යනු ළමුන්ට දුනු විදීම පුහුණුවක් ලබා ගත හැකි (එදෝ පුහුණුකරුවකු යටතේ) ඉසව්වකි. Ebisuya මෙන්ම Nakamonoya සහ Echigo-ya මෙහි ඇති සාප්පුය.

Edo Wonder night, O-shogatsu, setsubun, Hinamatsuri, Tanabata, Mizukake, Ninja Shichi – Go – San යනු මෙහි විවිධ දිනයන්ට (උත්සව දින අලළා) පැවැත්වෙන සංදර්ශනයන්ය.

ඉතින් මේ එදෝ පුරාණයේ ඉතිහාසයට ගොස් ඒ ඉතිහාසයේ දැවැටී, ඇලී-ගැලී ලබන ආස්වාදය ඔබට අපූරු අත්දැකීමක් වනවා නොඅනුමානයි. මේ වගේ අත්දැකීම් ලැබීමට ජපානයට යාමට අදහස් කරන්නේ නම් Ni-Cey International 0112-869986 ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

 

සටහන හා ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-09-27-ent-40
2016-09-27-ent-39
2016-09-27-ent-38
2016-09-27-ent-37
2016-09-27-ent-36
2016-09-27-ent-35
2016-09-27-ent-34
2016-09-27-ent-33
2016-09-27-ent-32
2016-09-27-ent-31
2016-09-27-ent-30
2016-09-27-ent-29
2016-09-27-ent-28
2016-09-27-ent-27
2016-09-27-ent-26
2016-09-27-ent-25
2016-09-27-ent-24
2016-09-27-ent-23
2016-09-27-ent-22
2016-09-27-ent-21
2016-09-27-ent-20
2016-09-27-ent-19
2016-09-27-ent-18
2016-09-27-ent-17
2016-09-27-ent-16
2016-09-27-ent-14
2016-09-27-ent-13

2016-09-27-ent-12