සද්දන්ත පැටවුන්ගේ සුරතල් බලන්න ඇත් අතුරු සෙවනට යන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-19-ent-202

අපේ ගැමි වහරේ එන කියමනක් තමයි අලි බැලිල්ලයි, බලි බැලිල්ලයි එපා වෙන්නෑ කියන එක. ඒ වගේම තමයි පුංචි දරු පැටවු බලාගන්න එකත් අලි පැටවු බලාගන්නවා වගෙයි කියන කියමන.

කැලේ සද්දන්තයා අලියා, ඉතිහාසයේ සිටම මේ සද්දන්තයා මිනිසුන්ගේ ජීවිතවලට බොහොම සමීප සතෙක් වගේම, ජන ජීවිතවලට මහඟු සේවයක් ලබාදුන්නා. මේ අතර ඉතාම වැදගත් ලෙස සැලකිය හැක්කේ අති උතුම් දළදාවහන්සේ තම පිටමත හිඳුවා රැගෙන යාමට තරම් වාසනාව ලද සත්ත්වයා වීමයි.

කැලේ සද්දන්ත අලියා මොනතරම් දැක්කත් එපා නොවන නිසා නිවාඩුවක් ලද සැනින් විනෝද චාරිකා සඳහා තෝරාගන්න වැඩිපුරම කැමැත්ත යන්නේ අලිඇතුන් සිටින ප්‍ර‘දේශවලට හා ජාතික උද්‍යානවලට කීවොත් නිවැරදියි.

වසර අවසාන නිවාඩුව මෙන්ම උත්සව සමය උදාවී තිබෙන මේ මාසේ ඔබට ඔබගේ පවුලේ අයට සංචාරයක් සඳහා දිනක් හෝ විනෝදයෙන් කාලය ගතකළ හැකි ස්ථානයක් පිළිබඳ සිතනවා වන්න පුළුවන.

එවන් ඔබට එපා නොවන අලි සුරතල් හිතේ හැටියට නරඹන්න දවස පුරා විනෝදවෙන්න අපූරුතම තැනක් පිළිබඳ සටහනක් තබන්න අප සිතුවා. මෙය උඩවලව ඇත්අතුරු සෙවණයි. මෙම ස්ථානය පුංචි දුවට පුතාට මෙන්න තරුණ වැඩිහිටි කොයිකාහටත් විනෝදයෙන් පිරුණු තැනක් වනු නොඅනුමානයි.

උඩවලව ඇත් අතුරු සෙවණ 1995 වසරේදී පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කර තිබෙනවා. ස්වභාවික විපත්, විවිධාකාර මානව ක්‍රියාකාරකම් වගේම මවු සෙනෙහස අහිමි වී අනාථවූ අලි පැටවුන් රැකබලා ගැනීම මෙහි ප්‍රධානතම පරමාර්ථයයි.

මීට දශක කිහිපයකට පෙරදී වන අලින් ඇල්ලීම හීලෑ කිරීම නීත්‍යානුකූල විය. රජයෙන් ලබාගත් විශේෂ සහතිකයක් මත වන අලින් අල්ලා හීලෑ කර මිනිස් අවශ්‍යතා සඳහා යෙදවීමට හැකි වූවා වගේම අනාථ වනඅලි පැටවුන් හමුවූ අවස්ථාවලදී පන්සලකට හෝ ධනවත් වංශවත් පුද්ගලයන්ට භාර දෙනු ලැබුවා.

නමුත් 70 දශකයේ මුල් භාගයේදී රජය විසින් වන අලීන් ඇල්ලීම අත්හිටුවනු ලැබුවා. මේ නිසාම අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ වගකීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලි ඇතුන්ට පිහිටවීම සඳහා මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කළා.

ඇත් අතුරු සෙවණ ආරම්භක සාමාජිකාව සුරතල් ඇතින්නියක වන අතර, %කොමලී^ නම ඇයට තබා ඇත්තේ සුරතල් හැසිරීම නිසාවෙනුයි. එසේම අද මෙහි රැගෙන සෑම පැටවෙකුටම නමක් යෙදීම සිරිතක්. වයස 5-7 මට්ටම දක්වා මෙහි පැටවුන් වාසය කරනවා. මෙහිදී නම යෙදීම පැටවා රැගෙන එන ප්‍ර‘දේශය සිදුවන බවයි ඇත් අතුරු සෙවණේ වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසා සිටියේ. ඒ අනුව අම්පාර නාමල් ඔයෙන් රැගෙන ආ පැටවා නාමල් ලෙසත්, මීගලෑවෙන් රැගෙන ආ පැටවා මීගාර, සූරිය වැව ප්‍ර‘දේශයෙන් හමුවූ පැටවා %සූරියන්^ ලෙසත් නම් තබා තිබෙනවා.

ඇත් අතුරු සෙවණේ සේවකයන්ට මෙම නම් සහිත පැටවුන් හඳුනා ගැනීම එතරම් අසීරු නොවේ. එසේම පැටවුන්ට රැකවරණයට කැපකරු මාපියෝද ඉදිරිපත්ව සිටිනවා. ඔවුන්ට තමන් කැමති නමක් යෙදීමටද අයිතියද ලබාදී තිබෙනවා. සෙරන්ඩිබ්, මැටිල්ඩා, ඉන්දි, මීෂා එවැනි තැබූ නම් කිහිපයක්. ඇත් අතුරු සෙවණේ සිටින පැටවු යම් කාලසටහනක් අනුව හැඩගැසී සිටිනවා. උදෑසන 6.00 සිට උදෑසන 9.30 දහවල් 12.00 සවස 3.00 සවස 6.00 ට කිරිදෙන වේලාවන්ය. මෙම අවස්ථාවලදී අලි පැටවුන්ට කිරිදෙන අවස්ථාව නැරඹීමට දෙස් විදෙස් නරඹන්නන්ට අවස්ථාව උදාවෙනවා.

සැබැවින්ම මෙම අවස්ථාව ඉතාම ප්‍රියජනක වූ දසුනකි. එකිනෙක කිරි බීමට දරණ දඟකාරකම් සොඳුරුයි. කිරී දීමට පහසුව පැටවුන් දෙදෙනා බැගින් රැහැනෙන් මුදා හරිනවා. ඇතැම් පැටවුන් ලබාදෙන කිරි ප්‍රමාණයට වඩා ඉල්ලා දඟලන අවස්ථාද බොහොමයි.

කිරි ලබාදෙන බටය හොඬෙන් තද කරගන්නා ඇතැම් පැටවුන් කිරි බලෙන් ලබාගැනීමට උත්සාහ කරන අයුරු දැකගත හැකිය. ඇතමුන් කෑගසමින් සිටියි.

මේ දිනවල සිටින පැටවුන් අතර මෝසස් පැටවා බෝහෝ දඟයෙක්. තමන්ගේ වාරය එනතෙක් ඉවසිල්ලක් නොමැත. ලබාදෙන කිරි ප්‍රමාණය මදිව කෑමෝර දෙයි. චුටි මැණිකේ හරිම සුරතල් පැටිවෙක් සේවකයන් කියන දේ හොඳින් තේරුම් ගන්නා බව පෙනෙයි. අම්පාරද තරමක් දඟයෙකි. කියන දේ අසන්නේම නැත. සේවකයන්ට කෝටුවක් පෙන්වා පැටවා මෙල්ල කිරීමට සිදුවෙන බවක් පෙනෙයි.

අලි පැටවුන්ගේ ආරක්ෂාව සෞඛ්‍ය පිළිබඳ නිතරම කල්පනාකාරී වීමට එහි වෛද්‍යවරුන් උනන්දු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ වැඩීම පිළිබඳ නිරතුරු සොයා බැලීමට සිදුවනවා. පුංචි දරුවන්ට සොඳුරු වූ විනෝද ජනක මෙම ස්ථානය අධ්‍යාපනික වටිනාකමක් ඇති තවත් ස්ථානයක් ලෙස ඇත්අතුරු සෙවණ හඳුන්වා දීමට හැකියි වෛද්‍ය විජිත පෙරේරා මහතා සඳහන් කළේ.

මෙම ස්ථානය පවත්වාගෙන යාමට වනජීවී රක්ෂණ දෙපාර්තමේන්තුව විශාල පිරිවැයක් දරනවා. ඒ නිසා ඔබටද යම් උපකාරයක් මෙම ආයතනයට ලබාදිය හැකියි.

 

ස්ථාන භාර පශු වෛද්‍ය නිලධාරී

ඇත්අතුරු සෙවණ

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

උඩවලව

047-2232147

 

 

ඡායාරූ විස්තර - ශාන් බන්දු වීරසිංහ

 

2017-12-19-ent-196 2017-12-19-ent-198 2017-12-19-ent-199 2017-12-19-ent-200 2017-12-19-ent-201  2017-12-19-ent-203 2017-12-19-ent-204 2017-12-19-ent-205 2017-12-19-ent-206 2017-12-19-ent-207 2017-12-19-ent-208 2017-12-19-ent-209 2017-12-19-ent-210