සතුන් පිරුණු අමුතු හෝටලේ Royal Grand Paradise



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-19-ent-71

2018-10-19-ent-69කළුකුමෙකුත් අපිට මුණගැහුණා කියමුකෝ.. ඌ දිහා බලලා ඉස්සරහට යද්දි හම්බවුණේ පස්ස නලව නලව යන ඉත්තෑවෙක්. ඌත් මඟඇරලා යද්දී ඊළඟට ඉස්සරහට ආවේ පට්ටම අහිංසක හාවෙක්. මෙහෙම කියද්දී WALK111 අපි යන්නේ සතුන් වත්තකටද කියලා ඔයාලට සිතෙයි. නෑ...... අපි ඔයාව එක්කගෙන යන්නේ අමුතුම තාලේ අමුතුම විදිහේ සුන්දරතා රුසක් එකට හමුවෙච්ච වටපිටාවක පිහිටි සුන්දර හෝටලයකට. ඒ හෝටලය තමයි Royal Grand Paradise. මේ හෝටලේ පිහිටා තිබෙන්නේ කැලණිය, කොහල්විල පාරේ. මේ හෝටලයේ භූමි ප්‍රමාණය අක්කර 5කට වැඩියි. ඒ වගේම මේ හෝටලයේ සුඛෝපභෝගී කාමර 24ක්, වෙඩින් හෝල් 4ක් තියෙනවා කියලා හෝටලය ගැන අහද්දි අපට කිව්වේ කළමනාකාර අධ්‍යක්ෂක පියතිස්ස රාජපක්ෂ.

Company get together, සහ birthday party, pre shoot... මේ ඕනම උත්සවයකට මේ හෝටලය ready. ඒ විතරක් නෙවෙයි. හෝටලයට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ මංගල උත්සව සඳහා. මංගල උත්සව කියපු ගමන් හුඟක් අය බයවෙන්නේ පොකට් එක ගැන. එහෙම බය වෙන ඔයාලට කියන්න තියෙන්නේ සුබම ආරංචියක් තමයි. හරිම reasonable price එකකට හැම දෙයක්ම Royal Grand Paradise හෝටලය වෙතින් ලබාගන්න පුළුවන්. ඒ වගේම හුඟක් friendly service එකක් ඔයාලට දෙන්න Royal Grand Paradise කාර්ය මණ්ඩලය හැම මොහොතකම සූදානම්.

කළමනාකාර අධ්‍යක්ෂක පියතිස්ස රාජපක්ෂ අපිට කිව්වේ මේ හෝටලයේ වෙඩින් එකක් ගන්නවානම් ගෙදරින් ගේන්න ඕනේ යුවලගේ මංගල ආභරණ ටිකයි, මවුපියන්ට දෙන තෑගි ටිකයි විතරයි කියලා. ඒ කියන්නේ වෙඩින් කාර්, උත්සව ශාලා සැරසිලි, පෝරැව, නැටුම් කණ්ඩායම, DJ සංගීතය සහ සංගීත කණ්ඩායම සමඟ ඔක්කොම Package එකත් එක්ක ඔයාලට හම්බෙනවා.

කළමනාකාර අධ්‍යක්ෂක පියතිස්ස රාජපක්ෂ වගේම සහකාර කළමනාකාර අධ්‍යක්ෂක ශනුක ඉෂාන් රාජපක්ෂ walk 111 අපිට දුන්න සහයට ස්තූතියි කියන ගමන් ඊළඟ සතියෙත් අපිත් එක්ක ඇවිදින්න ලෑස්ති වෙලා ඉන්න කියලා ඔන්න අපි ඔයාලට කියනවා.

 

2018-10-19-ent-64 2018-10-19-ent-65 2018-10-19-ent-66 2018-10-19-ent-67 2018-10-19-ent-68  2018-10-19-ent-70  2018-10-19-ent-72 2018-10-19-ent-73