සංචාරක ආකර්ෂණය නොවූ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය
ජාතික වනඋද්‍යාන අතරින් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 1995 දෙසැම්බර් මස 08 වැනිදා ජාතික උද්‍යානයක් ලෙස ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. හෙක්ටයාර් 23,498 භූමි ප්‍රමාණයකින් යුක්තවන අතර උද්‍යානය තුළින් කිරිඳිඔය හා මැණික්ගඟ ගලා බසියි. මෙම ගංගා දෙක හරස්කරමින් ගොඩනගන ලද ලුණුගම්වෙහෙර හා වෙහෙරගල ජලාශද මෙම උද්‍යාන තුළ පිහිටා ඇත.
ලුණුගම්වෙහෙර වාර්ෂික වර්ෂාපතනය මි.මී. 200ට අඩුය. වියළි කාලය මාස 7-8 පමණ වනවා. ඊසාන දිග මෝසම් මගින් ඔක්තෝබර් සිට ජනවාරි මස දක්වා වැසි ලැබෙනවා. මෙම ජාතික උද්‍යානය යාල ජාතික උද්‍යානයට සමාන දේශගුණික කාලගුණික මෙන්ම වන සතුන්ගෙන්ද සමාන බව සඳහන් කළ හැකියි.
වන අලින් බහුලව දැකගත හැකි ජාතික උද්‍යානය වශයෙනුයි ලුණුගම්වෙහෙරෙ ජාතික උද්‍යානය සැලකෙන්නේ. යාල හා උඩවලව ජාතික උද්‍යාන මෙම උද්‍යානයට සම්බන්ධවන නිසා වන අලින්ගේ සංක්‍රමණ මාර්ගද මෙහි පිහිටා තිබෙනවා.
උඩවලව ජාතික උද්‍යානය වන සතුන් බහුලව නිදහසේ සැරිසැරීමට හැකි උද්‍යානයකි. වන අලින්, දිවියන්, මුවන්, මොණරුන් ඇතුළු සතුන් මෙන්ම කුරුලු විශේෂද බහුලව සිටිනවා. දෙස් විදෙස් සංචාරකයන්ට වනසතුන් රිසිසේ නැරඹීමට හැකි උද්‍යානයක් වුවද තවමත් සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා නොගත් උද්‍යානයක් ලෙස හැඳින්වීම නිවැරදිය.
මෙහි සති අන්ත නිවාඩු දිනයන්හි වුවද සංචාරකයන් බහුලව දැක ගැනීමට නොහැකිය. ඇතැම් දිනයන්හිදී කිසිදු සෆාරි ජීප් රථයක් දැක ගත නොහැති තරම් හුදෙකලා වූ උද්‍යානයක් ලෙසත් සඳහන් කළ හැකියි.
ප්‍ර‘දේශවාසීන් සඳහන් කරන්නේ, සංචාරකයන් අතර තවමත් ජනප්‍රිය වී නොමැති උද්‍යානයක් ලෙස පවතින බවයි. සතුන් රිසිසේ දැකබලා ගැනීමට හැකිවන ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුළ සංචාරක බංගලා දෙකක්ද පවතිනවා.
උද්‍යානය තුළම රැඳී සතුන් දැක බලා ගැනීමට හැකි ඉතා සුන්දර පරිසර පද්ධතියක්ද මෙහි දැකගැනීමට පුළුවන්. එවන් ජාතික උද්‍යානයක් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයට ඔවුන් බදුන් නොවී තිබෙන්නේ කුමක් නිසාද? එය ඉතා කනගාටුදායක තත්ත්වයක් ලෙස සඳහන් කළ හැකියි. ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ඇතුළුවන පී පාලමද අබලන් තත්ත්වයට පත්ව ඇති අයුරු දැක ගත හැකියි. මෙවන් ජාතික උද්‍යානයත් රැකගැනීමට හා දෙස් විදෙස් සංචාරක ආකර්ෂයට බදුන් කිරීම වගකිවයුත්තන්ගේ වගකීමක් හා යුතුකමක් බවයි අපට මතක් කර දිය හැක්කේ.
ඡායාරූ සටහන: ශාන් බන්දු වීරසිංහ