ශක්‍රයාගේ වාසභවන සිහිකරන සත්මහල් ප්‍රාසාදය
ශක්‍ර දේවේන්ද්රයාවත් මහා පරාක්‍රමබාහු රජ්ජුරැවන්වත් මුණගැසුණේ නෑ අපට. එදවස තිබුණලු මෙතන සත් මහලින් බැඳි ප්‍රාසාදයක්. කාලයේ දුර ගමන ශේෂ කළ නිමැයුමක නටබුන් විතරයි අද අපේ ඇස් අභිමුව තිබෙන්නේ. ඒත් ඒ හැම රතු ගඩොලක්ම අපව එක්ක ගියේ ක්‍රි.ව. 1153 – 1186 රජ දවසට.
අපි ගියේ පොලොන්නරැවේ. හරියටම තැන කිව්වොත් පොලොන්නරැ නගරයේ කේන්ද්‍රස්ථානය පිහිටි තැනටයි. හතර දිශාවෙන් විසල් උස් ගඩොල්වලින් තැනුණු ප්රාකාරවලින් වට වෙච්ච හෙක්ටයාර 8.6ක චතුරස්රාකාර භූමියක් මීට අයත්.
රජ මාලිගාව, රාජ සභාව, පරිවාර ගොඩනැගිලිවල නශ්ඨාවශේෂ අපේ ඇස් ඉස්සරහා. සත් මහල් ප්‍රාසාදය හෙවත් වෛජයන්ති ප්‍රාසාදය තමා ඒ බිමේ දැවැන්තයා. මාලිගාවට පෙරදිගින් ශෛලමය ටැම් සහිත ගොඩනැගිලි රාජ වෛශ්‍ය භුජංග මණ්ඩපය නමින් හඳුන්වපු මහා පරාක්‍රමභාහු රජුගේ රාජ සභාවත් නගර ප්රාකාරයට පිටතින් ගිණිකොණ කෙළවරින් කුමාර පොකුණ නමින් හඳුන්වන ශෛලමය රාජකීය පොකුණත් දකින්න පුළුවන්.
සත් මහල් ප්‍රාසාදය හැදුවා කියන්නේ ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ වාස භූමිය විදිහට. සුන්දරත්වය දිගේ හිතින් ඇවිදගෙන යන්න පුළුවන්නම් ඒ සත්මහල් ප්‍රාසාදය මනසින් දකින්න ඔයාට පුළුවන් වේවි.
Text and pic – Channa Kassapa Koralearachchi