විල්පත්තු වනය අසබඩ ගෙවුණු රාත්‍රියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-15-ent-162

මුදල් පසුපසම හඹායාමට සිදුව තිබෙන සමාජ ක්‍රමයට මුහුණදීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස වන නිසාවෙන් පීඩාවට පත්ව තිබෙන මනසට යම් තාක් දුරට හෝ අස්වැසිල්ලක් ලබාගැනීමේ අරමුණෙන් ඔබ චාරිකාවක් සංවිධානය කරන්නේ නම් ඔබට යා හැකි කදිම ඉසව්වක් ලෙස පුත්තලම නගරය හඳුන්වාදීමට හැකිය. ඔබ එම ඉසව්වේ සංචාරයක නියුතු වන්නේ නම් විල්පත්තු අභය භූමියේ සෆාරි චාරිකාවක නිරත වීමටත්, කල්පිටිය මුහුදේ වෙසෙන ඩොල්ෆින් මසුන් බැලීමටත්, කලා ඔයේ බෝට්ටු සවාරියක නිරත වීමටත් මහත් ප්‍රසිද්ධියට පත් පන්සල්, කෝවිල්, ක්‍රිස්තියානි දේවස්ථාන රාශියක් වැඳපුදා ගැනීමටත් අවස්ථාව සැලසේ. එම ප්‍ර‘දේශයේ හෝ කුමන ප්‍ර‘දේශයක සංචාරයක නියුතු වුවත් තරුණයන් බොහෝ විට උත්සාහ ගන්නේ බාහිරින් එල්ලවන බලපැම් අවම කරගැනීම සඳහා රාත්‍රී නවාතැන් ගන්නා ස්ථානය ඉතා නිස්කලංක පරිසරයක ෙතා්රා ගැනීමටය.

ඒ සඳහා තෝරා ගනු ලබන්නේ වනයක් මැද තිබෙන හෝටලයක් හෝ කඳවුරු බැඳගෙන සිටිය හැකි ස්ථානයකි. ඔබට අවශ්‍ය වන්නේ එවැනි ලෙස අසීමිත පහසුකම් යටතේ නිස්කලංකව සිටිය හැකි හෝටලයක්ද? නැතහොත් සීමිත වූ පහසුකම් යටතේ උපරිම වින්දනයක් ලබාගනිමින් ත්‍රාසය කැටිවූ අත්දැකීමක් විඳගත හැකි කඳවුරු බැඳගෙන සිටිය හැකි ඉසව්වක්ද? මෙවර %තරුණයා^ සංචාරය තුළින් ඔබ රැගෙන යන්නේ පුත්තලම ප්‍ර‘දේශයේ සංචාරයක නිරත වන ඔබට එම ආකාර ද්විත්වයම එකම ස්ථානයකින් සපුරා ගැනීමට හැකියාව ලැබෙන්නා වූත්, විල්පත්තුව අභය භූමියට, කල්පිටියේ ඩොල්ෆින් මසුන් බැලීමට පහසුකම් සලසා ගැනීමට හැකියාව ලැබෙන්නා වූත් අපූරු තෝතැන්නක් වෙතටය.

මෙම ස්ථානය පිහිටා තිබෙන්නේ පුත්තලමේ සිට පැරණි මන්නාරම මාර්ගයේ ගමන් කරන විට 27 වන කිලෝ මීටර කණුව අසලදී හමුවන එළුවන්කුලම හන්දියෙන් හැරී (අරුවන්කාඩු) කැණීම් වැඩබිම වෙත වැටී තිබෙන මාර්ගයේය. මෙම ස්ථානය පළාත් සභා හා පළාත් අමාත්‍යාංශයේ අඩු ආදායම් ලාභී පළාත් පාලන ආයතන නගා සිටුවීමේ ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද්දකි.

වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ වනාතවිල්ලුව ප්‍රා‘දේශීය සභාව මගින් ඉදිකරනු ලැබූ %Willpatthu Nature Resort^ නමින් හඳුන්වනු ලබන මෙම නිවාඩු නිකේතනය මේ වනවිට බදුගෙන පාලනය කරනු ලබන්නේ පෞද්ගලික අංශය මගිනි.

මෙම නිවාඩු නිකේතනය වායුසමනය කළ කාමර 04කින් යුක්තය.

එහි 14 දෙනෙකු සඳහා සුවපහසු ලෙස නවාතැන් ගැනීමට හැකි අතර, ස්නානය කිරීම සඳහා උණුවතුරද සහිතව 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට එක් රැයක් නවාතැන් ගැනීම සඳහා රුපියල් 22,000ක් අය කෙෙරයි. ආහාර සඳහා වෙනම අයකරන අතර, ඒ සඳහා එක් අයෙකුට එක් වේලක් සඳහා රු.450ක මුදලක් වැය වේ.

 

2017-08-15-ent-170

 

ඔවුන් සතුව ආහාර වට්ටෝරු රාශියක් පවතින අතර, ඔබගේ රුචිකත්වය අනුව අවශ්‍ය ආහාර වට්ටෝරුව ඔබට සපයා ගැනීමට හැකිෙවයි. ඊට අමතරව මේ වෙත පිවිසෙන ඔබට කල්පිටිය නගරය වෙත බෝට්ටුවකින් ගමන් කිරීමට හැකියාව ලැබේ. ඒ සඳහා හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට රුපියල් 5000 ක් අය කෙරේ. එමෙන්ම කලපුව අයිනෙන් ගොස් %අලිගහ^ යන ස්ථානය නැරඹීමටද යා හැකිය. ඒ සඳහා 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට රුපියල් 3500ක මුදලක් අය කරයි. එමෙන්ම කල්පිටිය මුහුදේ ඩොල්ෆින් මසුන් බැලීමට යාම සඳහා 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් රුපියල් 15,000ක් අයකරනු ලබයි. එම අවස්ථාව හිමිවන්නේ ඩොල්ෆින් මසුන් එම ප්‍ර‘දේශයේ සැරිසරන කාලසීමාවන් වලදී පමණි. එම බෝට්ටු සේවාවන්ට අමතරව විල්පත්තුව අභය භූමියේ සෆාරි සවාරියක්ද එම නිවාඩු නිකේතනයේ සිට ආරම්භ කිරීමට හැකියාව ලැබේ. එම සෆාරි ජීප් රථයක 08 දෙනෙකුට ගමන් කිරීමට හැකියාව ලැබෙන අතර, වරුවක් සඳහා රු. 5000ක මුදලක්ද, සම්පූර්ණ දවස (උදෑසන සිට සවස් වන තෙක්) සඳහා රුපියල් 9000ක මුදලක්ද අය කෙරෙයි. එම සංචාරය හි නිරතවෙනවා සේම, ඕනෑම අභියෝගයකට මුහුණදීමට හැකි සංචාරකයන්ට ඉතා භයංකාර අත්දැකීමක් විඳගත හැකි පරිදි විල්පත්තු රක්ෂිතයට මායිම්ව ගලා බසින කලා ඔයේ ඉවුරක කඳවුරු බැඳගෙන රාත්‍රියක් ගත කිරීම සඳහා ද මෙහිදී අවස්ථාව උදාවේ. අපගේ සංචාරක කණ්ඩායම මෙම භයංකර වූ අත්දැකීම විඳගැනීම සඳහා රුපියල් 2000ක් ගෙවා බෝට්ටුවක නැගී ලුණුඔයේ සිට කලා වැවට පිවිස ඒ ඔස්සේ කලා වැවේ ඉවුරක් සොයා ගමන් ඇරඹුවෙමු.

ගං ඉවුරක නැවතීමට අවශ්‍ය කරන කූඩාරම්, ආහාර පිස ගැනීමට අවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය, භාජන, ලිප්, ගෑස්, සිලින්ඩර්, වතුර බෝතල්, විදුලි ජනක යන්ත්‍ර, B.B.Q. යන්ත්‍ර සහ විදුලි බුබුලු ආදී සෑම දෙයක්ම අපගේ සංචාරක කණ්ඩායමේ සාමාජිකයන් විසින් රැගෙන ආ අතර, මෙම නිවාඩු නිකේතනයෙන් එම ද්‍රව්‍ය ලබාගත්තේ නම් මූලික අවශ්‍යතා සඳහා අවශ්‍ය කෙරෙන භාණ්ඩයන්ට පමණක් රුපියල් 7000ක පමණ මුදලක් අයකෙරේ. ඒ සඳහාත් විවිධ පැකේජයන් තිබෙන අතර, ඔබගේ අවශ්‍යතාවයට සරිලන පරිදි ඔබට එම පැකේජයක් තෝරා ගැනීමට අවකාශය සැලසේ.

අපි සවස 4.00 පමණ වනවිට ගං ඉවුරකට ගොඩ බැස්සෙමු. නිතරම සංචාරකයින් එම ඉසව්වේ ගැවෙසන බැවින් එය ඉතා පිරිසිදුව තිබීම අපට මහත් අස්වැසිල්ලක් වුණි.

මුලින්ම කලා ඔයේ පිරිසිදු ජලයේ ස්නානය කළ අපගේ කණ්ඩායම පසුව වනාන්තරය තුළින් ඇදී එන සත්ත්වයන් අප සිටින ඉසව්වට පැමිණීම වැළැක්වීම පිණිස ගිනි මැලයක් ගැසීම සඳහා ගං ඉවුරේ අවට තිබෙන භූමියෙන් දර එකතු කරගෙන විත් විශාල ගිනි මැලයක් සකස් කළෙමු. පසුව විදුලි ජනක යන්ත්‍ර ඔස්සේ විදුලි බලය ලබාගෙන රාත්‍රී ආහාරය සඳහා අවශ්‍ය කෙරෙන ආහාර පාන සහ බයිට් වර්ග සාදා ගත්තේය. රාත්‍රී 9.00 වනවිට එම කාර්යන්ද අවසන් කර නැවතත් ගංඟාවට බැස දිය නාගෙන රාත්‍රී සාදය ආරම්භ කළෙමු. නරියන්ගේ හූ හඬ මධ්‍ය‘යේ කොටියන්ගේ ගෙරවුම් හඬ සහ අලින්ගේ කුංචනාදය මධ්‍යයේ අපි ගීත ගායනා කරමින් නටමින් විනෝද වූවෙමු. අප කොතරම් විනෝද වුවත් සෑම කෙනෙකුගේම සිතේ සියුම් බියක්ද තිබුණි. මන්ද මෙම ස්ථානයේ නිතර අලි ගැවසෙන හෙයිනි.

ගමන් විඩාව හේතුවෙන් සහ රාත්‍රී සාදය නිසාවෙන් අපගේ කණ්ඩායමේ බෝහෝ දෙනෙකු හිස් ලූලූ අත වැටී ගොරවමින් නිදන්නට පටන් ගත්තේ දිවියන්ගේ ගෙරවුම් හඬට අභියෝග කරමිනි. සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් රැය පහන් කළ අපට කණාමැදිරියන්ගෙන් නිකුත් වන එළිය මෙන් විශාල දීප්තිමත් එළි රක්ෂිතය දෙසින් පෙනෙන්නට විය.

ඝන කළුවරට විවිධ වූ වර්ණයන්ගෙන් සමන්විත එළි විටින් විට දිස් වූ නිසා අපි ඒ පිළිබඳව විමසිලිමත් වූවෙමු. නමුත් නිදිවර්ජිතව සිටි එක් අයෙකු හටවත් එම එළි දිස්වන්නේ ඇයිද කියා සිතා ගැනීමට නොහැකි වුණි. විවිධ සතුන්ගේ ශබ්ද කිරීම් මධ්‍ය‘යේ ඉඳ හිට කලා වැව ඔස්සේ ගමන් කරන්නා වූ පාරුවක ගමන් කරන මිනිසුන්ගේ කතා කරන ශබ්දය මධ්‍ය‘යේ අපි මදුරුවන් තල තලා උණු උණු කෝපි පානය කරමින් රැය පහන් කළෙමු.

එම කටුක වූත් භයංකාර වූත් භූමියේ නිවසේ මෙන් හොඳ හැටි ගුලිවී නිදා සිටි අපගේ කණ්ඩායමේ සගයන් එකිනෙකා හිරු එළිය අප සිටින ස්ථානයට පතිත වනවාත් සමග අවදි වී වට පිට බැලුවේ අප සිටින ඉසව්ව කුමක්ද යන්න එක්වරම තේරුම් ගැනීමට නොහැකි වූ නිසාය.

රාත්‍රී සාදය එතරම් ඔවුන්ගේ මතකය අහිමි කර තිබුණි. ඔවුන් අවධිවෙත්ම නිදිවර්ජිතව සිටි අපි නින්දට වැටුෙණමු. උදෑසන හමා එන සිසිල් සුළඟ මධ්‍ය‘යේ අපිද සැපසේ නිදාගත්තෙමු. නැවත ඇහැරෙන විට උදෑසන ආහාරයද සගයන් සකස් කර අවසානය. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට තුතිපිදීමක් ලෙස ඔවුන් අපගේ සහයද නොමැතිව ආහාර පිළියෙල කර තිබුණි.

නැවතත් සියලු දෙනාම කලා නදියේ සිසිල් දිය දහරින් ස්නානය කර උදෑසන ආහාරයද සප්පායම් වී අප සිටි ඉසව්වේ සියලුම අපද්‍රව්‍ය රැය පහන්වනතුරුම අපට සතුන්ගෙන් සහ සීතලෙන් එල්ලවන බලපෑම් මැඩලිමට සහය වූ ගිනි මැලයට දමා පුළුස්සා නැවතත් ගොඩබිම වෙත සෙන්දු වූවෙමු. අප නැවත පැමිණෙන අතරවාරයේ මධ්‍යම රාත්‍රි‘යේ දුටු විවිධ වර්ණයන්ගෙන් යුත් එළි පිළිබඳව එම අත්දැකීම නොවිඳි අය සමග පැවසූවෙමු. ඔවුන් කිහිප දෙනෙකු බිය වී මුහුණට මුහුණ බලා ගත් නිසා එය අපට මහත් ප්‍රේහෙලිකාවක් විය. එම නිසා අපි ඔවුන්ගෙන් එසේවීමට හේතු විමසූවෙමු. ඔවුන් පැවසූ ආකාරයට අප දැක ඇත්තේ භයන්කාර සතුන්ගේ ඇස් (දෑස්) ය. සතුන්ගේ ඇස් රාත්‍රි‘යේ විවිධ වර්ණයන්ගෙන් දිලිසෙන බව සත්ත්ව ලෝකය පිළිබඳව දැනුම තිබෙන අපගේ සඟයෙක් පැවසීය. ඒ පැවසූ වදන් වලින් අපගේ ගත සීතල වී ගියේ අපව ආරක්ෂා කරදුන් දෙවියන් බුදුන් සිහි කරමිනි. මෙතෙක් නොලද අත්දැකීම් සමුදායක් අපට එම සංචාරයේදී විඳ ගැනීමට හැකි විණි. ත්‍රාසය කැටිවුණු අතිශය භයංකාර වූත් උපරිම ලෙස වින්දනයන් ලබා ගත හැකි වූත් මෙවැනි සංචාරයක ඔබත් නිරත වන්න. ඔබ එහි යන්නේ නම් පා සටහන් පමණක් එහි ඉතිරි කර අනෙක් සියලුම දේවල් රැගෙන එන්න.

මේ දිනවල එම ප්‍ර‘දේශයට බලපා තිබෙන නියං සහගත තත්ත්වය නිසා එළුවංකුලම දෙසින් විල්පත්තුව අභය භූමියට ඇතුළු වන පිවිසුම් දොරටුවෙන් නිකුත් කරනු ලබන්නේ ප්‍රවේශපත්‍ර 30 ක් පමණක් බව %විල්පත්තු නේචර් රිසෝට්^ හි කළමනාකාරීත්වය අප හා පැවසීය. එම නිසා ඔබ එහි යන්නේ නම් ඒ පිළිබඳවත් සැලකිලිමත් වන්න. සාධාරණ මිල ගණන් යටතේ ක්‍රියාත්මක වන මෙම සංචාරක හෝටලයෙන් ඔබට සේවාවක් ලබාගැනීමට අවශ්‍ය නම් 0773-758533 (අජිත්), 0772-38215 (අනිල්) යන දුරකථන අංක වෙත ඇමතුමක් ලබාදී හෝ www.wilpattunatureresort.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා සහාය ලබාගන්න.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර

 

2017-08-15-ent-161  2017-08-15-ent-163 2017-08-15-ent-164  2017-08-15-ent-166  2017-08-15-ent-168   2017-08-15-ent-171 2017-08-15-ent-172 2017-08-15-ent-173 2017-08-15-ent-174 2017-08-15-ent-175 2017-08-15-ent-176 2017-08-15-ent-177  2017-08-15-ent-179 2017-08-15-ent-180  2017-08-15-ent-182  2017-08-15-ent-184 2017-08-15-ent-185 2017-08-15-ent-186 2017-08-15-ent-187 2017-08-15-ent-188 2017-08-15-ent-189 2017-08-15-ent-190 2017-08-15-ent-191