වයස අවුරුදු 308යි තවමත් තිතට දුවයි!



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-01-ent-199

ඔයාට මතකද අපේ මුරලි එයාගෙ 800 වැනි විකට් එක දවාගත්තේ මොන ක්‍රීඩාංගනයේදීද කියලා. දැවැන්ත ගල් ප්‍රාකාරයට නැගලා ඒ ක්‍රීඩාංගනය දිහා බලාගෙන ඉද්දී මට මතක් වුණා අපේ මුරලි.... මුත්තයියා මුරලිදරන්.... එයාගේ 800 වැනි විකට්ටුව දවා ගත්තේ මේ ක්‍රීඩාංගනයේදී කියලා. අපි ඉන්නෙ ගාල්ලේ... ගාලු කොටුවේ... ඉර අවරගිරේ හැංගුණු මේ හැන්දෑවේ දම්පාටට හුරැ නිල් පැහැයකින් වලා කැටි අහස පුරා විසුරැණු හැන්දෑවේ අපි හිටියේ ගාලු 2017-11-01-ent-205කොටුවේ... අපිට හිතුණා මේ සති අන්තෙ walk 111 එක්ක ගාලු යන්න... එක එක රටවලින් ආව එක එක විදිහෙ මිනිස්සු වගේම අපේ රටේ මිනිස්සුත් නිස්කාන්සුවේ කාලය ගෙවන්න එන තැනක් තමා ගාලු කොටුව කියන්නේ... දැන් Young couples එයාලගේ wedding pre Shoot එක වගේම Wedding Album එකේ ෆොටෝ වලට Location හොයාගෙනත් ගාලු කොටුවට එනවා... හැන්දෑවේ ඉර බැහැගෙන යන වෙලාවට ගාලු කොටුවේ ඉඳන් ඈත අහස බලාගෙන ඉද්දී හිතේ ගොඩගැහෙන්නේ කවි පද... ඇත්තමයි ඒ හැන්දෑවම කවියක් වගේ මම මාත් එක්කම කතා කරන... කතා කරන හිනාවෙන සෙල්ෆි ගහන ෆොටෝ ගන්න video clip ගහන කන බොන හිනාවෙන හුඟ දෙනෙක් අතරෙ අපිත් ගාලු කොටුවේ යෝධ ප්‍රාකාරය මැද්දෙ තිත් දෙකක් වී විඳ ගත්තේ හැන්දෑවේ නොහිම් සුන්දරත්වය....

1505 පෘතුගීසින් ලංකාවට ඇවිත් ලංකාවේ මිනිස්සුන්ගේ කල්පනාවන් වගේම දහදියත් එකතු කරගෙන තමා අද ලෝකයේ ජීවමාන නගර ලැයිස්තුවේ හතර වැනි තැනට පත්වෙච්ච ගාලු පුරේ ගාලු කොටුව නිර්මාණය කළේ. 17 වැනි සියවසේ ලංකාව හොයාගෙන ආව ලන්දේසීන් පෘතුගීසින් හදපු ගාලු කොටුව ප්‍රතිසංස්කරණය කළා. ගාලු ප්‍රාකාරය මධ්‍යයේ ප්‍රධාන ද්වාරයට යාබදව නැගී හිඳින දැවැන්තයෙක් ඉන්නවා. ඒ තමා ක්‍රිස්තු වර්ෂ 1707දී මුල්ගල තබා ක්‍රිස්තු වර්ෂ 1709දී වැඩ අවසන් කළ හෝරා ස්ථම්භය. දැනට අවුරැදු 308කට එහා අතීතයක ඉඳන් ඒ ඔරලෝසු රාජයා ගාලු කොටුවට එන ඔයාට අදටත් හරියට වෙලාව දක්වනවා. කොහොමද පෘතුග්‍රීසින්ගේ වැඩවල තරම... ගාලු කොටුවට පිවිසෙන කොටම Guide Map එකක් තියෙන නිසා කොටුවේ අස්සක් මුල්ලක් නෑරම සංචාරයට හරි ලේසියි.... ගාලු කොටු පවුර පිටුපස Light House එක (ප්‍රදීපාගාරය) හදලා තියෙන්නෙ වර්ෂ 1848දී. ඒත් 1934දී ගින්නකින් ඒක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා... අද අපිට දකින්න තියෙන්නේ ගින්නෙන් පසු යුගයක නැවත ගොඩනැගූ ප්‍රදීපාගාරයයි... එහි උස මීටර් 26.5ක්.

යුනෙස්කෝ සංවිධානය 1988දී ගාලු කොටුව ලෝක උරැමයක් ලෙස නම් කළා. ගාලු කොටුවේ සිට බලද්දී පෙනෙන සාගරය හරිම ලස්සනයි. මුහුද රුල්ල කොයි මොහොතක බැලුවත් ගල්පර මත ගැටෙමින් කෝලම් මුකුළු හාද හාදු දී ගන්නවා. ඒ මුහුදු තීරයේ ඇති ආකර්ෂණයත් සංචාරකයන් ගාලු කොටුවේ සංචාරයට අද්දවන එක හේතුවක්. අනිත් එක ලෝක ඉතිහාසය කියවද්දී පෘතුග්‍රීසින්ගේ ලන්දේසීන්ගේ ඉංග්‍රීසින්ගේ උරැමය තියෙන ඒ ඒ රටවල අයට එයාලගේ ජාතියේ මිනිස්සු ලංකාවට ඇවිත් කරපු වික්‍රම දෑසින් දැකගන්නත් ආසාවක් උපදිනවා ඇති... ගාලු කොටු පවුර තුළ මාර්ග දෙපස ඇති ගොඩනැගිලි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කළ ගොඩනැගිලි. ඒ හැම ගොඩනැගිල්ලක්ම අවුරැදු තුන්සීයකට වඩා පැරුණියි. අද ඒ වගෙ අයිතිකාරයෝ කවුරැ වුණත් ඒවා තමන්ගෙ හිතූ මනාපෙට වෙනස් කරන්න ප්‍රතිසංස්කරණය කරන්න කාටවත් අයිතියක් නෑ. ඒ ගාලු කොටුව ලෝක උරැමයක් ලෙස නම් කර ඇති නිසා.

ගාල්ලෙ ගියොත් ගාලු කොටුවෙ සුන්දරත්වය විඳින හැන්දෑවක් මඟ හරින්න එපා... ගිහින් බලන්න... හිතේ සතුටට... අහසෙ තනියට... ගාලු කොටු පවුරෙ ඉඳන් සරැංගලයක් ඇරලා එන්න....

එන සති අන්තෙත් අපි යමු කොහේ හරි ඇවිදින්න.......

 

2017-11-01-ent-197  2017-11-01-ent-204 2017-11-01-ent-203 2017-11-01-ent-202 2017-11-01-ent-201 2017-11-01-ent-200  2017-11-01-ent-198