ලොව විශාලතම සත්වයා බලන්න ගුවනින් යමුද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-16-ent-139

ලංකාව යනු ස්වභාව සෞන්දර්යයේ අපූර්වත්වය මනාව විදිය හැකි පාරාදීසයකි. රට තුළ මෙන්ම, රට වට වී ඇති මුහුදු තීරයේද ස්වභාව සෞන්දර්යයේ අපූරත්වයෙන් අනූනය. කොග්ගල ගුවන් හමුදා කඳවුරෙන් ‘සෙස්නා 206’ වර්ගයේ ගුවන්යානාවට ගොඩ වූ අප ගමන් කළේ මුහුදු තීරය දෙසටය. නිල්වන් අහස් ගැබත්, පොළෝතලයත් අතර ඇති අවකාශයක ගුවන් ගත වී අප සොයන්නට උත්සහ කළේ ඔවුන්වය. ඔවුන් යනු කවුරුන්ද? ලෝකයේ සිටින විශාලතම ජීවියා ලෙස හඳුන්වන ඒ ක්ෂිරපායි සත්වයා වන නිල් තල්මසාය.

ඔබ මෙම ස්ථානයට බොට්ටුවෙන් ගමන් කරනවා නම්, මෙය පැය හයක පමණ වෙහෙසකර ගමනකි.2017-11-16-ent-151

අප ගමන් කළේ මිරිස්ස මුහුදු කලාපය දෙසටය. දකුණු මුහුදු තීරයේ මෙම තල්මසුන්  පහසුවෙන්ම දැකගත හැකි කලාපය වන්නේ ‘මිරිස්ස’ මුහුදු කලාපයයි. ඉතාම කාර්ය බහුල නාවික මාර්ගයක් වන්නේද සිංගප්පූරුව හරහා දිවෙන මෙම නාවික මාර්ගයයි. මෙම මාර්ගය තුළ ඔබට ඔවුන් පහසුවෙන් දැකගත හැකිය. විනාඩි හතළිස් පහක පමණ ගුවන් ගමනක් තුළ අපි ඔවුන් නැරඹුවෙමු. ගුවන් ගමන අවසානයේ අප ‘Whale Expert Came Was Howard’ මහතා සමග වදවී යාමට ශීඝ්‍රයෙන් ලක්වන නිල් තල්මසුන් ගැන කතාව පන්ගත්තෙමු. ඔහු කලක සිට නිල් තල්මසුන් ගැන පර්යේෂණ සිදු කරමින් ඒ ගැන තොරතුරු එක් කරන්නේය.

“නිල් තල්මසුන් කියන්නේ මුහුදේ ඉන්න අනිත් ජීවින්ට වඩා බුද්ධිමත්ම සත්වයා. මේ වනවිට ලෝකයේ තල්මසුන් වර්ග 80ක් පමණ ජීවත් වෙනවා. එයින් වර්ග 26ක් ශ්‍රී ලංකාව අවට මුහුදේ දකින්න පුළුවන්. බ්ලූ වේලස්, ස්ප්‍රිම් වේලස් හා කිලර් වේල්ස් යන තල්මසුන් වර්ග ‘දෙවුන්දර’ හා ‘මිරිස්ස’ වෙරළ තීරයේ දක්නට ලැබෙනවා. මිරිස්ස වෙරළ තීරයේ උන්ව දකින්න පුළුවන් හේතුවක් තියෙනවා. ඒ නිල් තල්මසුන් වඩාත් ප්‍රියකරන ආහාරය කූනිස්සන් වීම. තල්මසුන් වඩාත් විශාල සතෙකු නිසාම කූනිස්සන් කෑම වෙනුවට බීම තමයි සිදු කරන්නේ. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ජලජ පැළෑටිත් ඒ ප්‍රදේශයේ අඩුවෙන්නෙ නැහැ. කූනිස්සන් ගැවසෙන්නේ කොරල් ආශ්‍රිත ප්‍රදේශයේ. දෙවුන්දර, මිරිස්ස අවට මුහුදු කලාපය විශාල වශයෙන් කොරල් සහිත කලාපයක් නිසාම කූනිස්සන් ආහාරයට ගැනීම සඳහා තල්මසුන් මේ ප්‍රදේශයේ ගැවසෙනවා. තල්මසෙකුගේ සාමාන්‍ය දිග අඩි 110ක් පමණ වෙනවා. බර ටොන් 150ක්. මේ තල්මසුන් සංකීර්ණ ශබ්ද රටා යොදා ගෙන එකිනෙකා සමග පණිවුඩ හුවමාරු කරගන්නවා. ඒ වගේම තල්මසුන් ලංකාවෙ හැමකාලෙකම බලන්න පුළුවන් වුණත්, වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ අප්‍රේල් සිට අගෝස්තු දක්වා කලය තුළ. ආහාර ලබාගැනීමට ඇන්ටාක්ටිකාව වැනි සීතල වතුර තිබෙන ප්‍රදේශවල සිට පීනා යන නිල් තල්මසුන්, පසුව ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය ප්‍රදේශවලට ඇවිත් තමන්ගෙ අනාගත වර්ගයා බෝකරනවා.* යනුවෙන් ඔහු පැවසීය.

පැය හයක වෙහෙසකර මුහුදු ගමන වෙනුවට නිල් තල්මසුන් බලන්න ගුවනින් යන්න ඔබටත් අවකාශය උදාකර දෙන්නේ ‘ෆෙයාර්වේ හෝල්ඩිංග්ස්’ ආයතනයයි. ජීවන රටා වැඩි දියුණු කරන නිෂ්පාදන සහ සේවා සපයන ආයතනයක් වන මෙම ආයතනය තුළ සීසන්න ‘T206H’ ගුවන්යානා 5ක් සමග ‘F-Air’ ගුවන්යානා දක්නට ලැබෙනවා. දිවයිනේ විවිධ ගමනාන්ත හරහා සහ සුඛෝපභෝගී ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාවට ආවේණික ගුවන්යානයක් ආනයනය කරන ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික ආයතනය බවට මෙම ආයතනය පත්ව තිබෙනවා. ‘F-Airways’ විසින් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා විශේෂිත වර්ග 3 තුනක් නම් කර ඇත. ‘සෙස්නා 206’ සහ ‘සෙස්නා 172’ යන ස්ථානවල පිළිවෙළින් 5 සහ 3 මගීන් සඳහා කටුනායක සහ රත්මලාන යන ස්ථානවලින් ක්‍රියාත්මක වන අතර, ‘සෙස්නා 172 ෆ්ලයිට්ලැන්ට්’ විසින් වෝටර්ස් එජ්හි පිහිටා ඇත. නුවරඑළිය, කාසල්රි, වික්ටෝරියා, ආරුගම්බේ සහ පාසිකුඩා ඇතුළු ජල තටාකයේ පුළුල් පරාසයක් සඳහා මෙය ක්‍රියාත්මක වෙයි. මුහුදෙන් ඔබ තල්මසුන් නරඹනවා නම්, නිල් තල්සමසාගේ විශාලත්වය නිසා සත්වයා පූර්ණ ලෙස ඔබට දකින්නට ලැබෙන්නේ නැත. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ටද ගුවනින් තල්මසුන් නැරඹීමේ විනෝදාස්වාදය ලබාදෙන මෙම ආයතනයේ සංජය අධිකාරී (appointment is chief operating officer) අප සමග එක්විය. මෙම ආයතනය ලංකාවේ සංචාර ව්‍යාපාරයට බද්ධ කරගැනීම ගැන අපි ඔහු සමග කතා කළෙමු.

'ගුවනින් නිල් තල්මසුන් බලන්න යනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, දකුණු ඇමෙරිකාව යන රටවල පවා මෙය සංචාරක කර්මාන්තයට එකතු කරගෙන තියෙනවා. ඒ රටවල මෙය ආර්ථිකයට හොඳ ශක්තියක්. මේ තුළින් සත්වයාට හිංසාවක් නැහැ. ඒ වගේම මේ ගමන සඳහා එක් අයෙක්ට ඩොලර් 150ක් පමණයි වැය වෙන්නේ. මෙය විනාඩි 45ක ගමනක්. බොට්ටුවෙන් යනවනම් පැය හයක ගමනක්. බෝට්ටුවෙ යන්න බැරි අයට මෙහි ගමන් කරන්නත්, කාලය ඉතුරු කර ගැනීමේ විකල්පයක් ලෙසත් තමයි අපි මෙය ගෙන එන්නේ. වාරකං කාලෙට බෝට්ටුවලට යන්න බැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් නිල් තල්මසුන් නරඔන්න ත්‍රිකුණාමලයට යනවා. නමුත් වාරකං කාලතේ නිල්තල්මසුන් ඉන්නවා. ඒ කාලෙට වුණත් ගුවනින් උන්ව බලන්න යන්න පුළුවන්. මේ ගුවන් ගමන යන්නේ අඩි අටසියයක් දාහක් පමණ උසකින්. ඒ නිසා මේ සත්වයාට එහි ශබ්දයෙන් හානියකුත් නැහැ. වතුර යට ඇහෙන ශබ්ද තමයි සත්වයාට බාධාවක් වෙන්නේ.* යනුවෙන් ඔහු අප හා පැවසීය. පුරුදු පරිදි වෙරළට රළ පැමිණෙයි. කාර්යය බහුල ජීවිතයෙන් මිදී මේ වෙරළ කාලාපයේ සංචාරයකට පැමිණෙන ඔබ ගුවනින් නිල් තල්මසුන් නැරඹීමට යන්නද පැයක කාලයක් තබාගන්න. එය ඔබේ ජීවිතයේ තවත් එක් නැවුම් අත්දැකීමක් වනු ඇත.

 

නිල් තල්මසා විශේෂ වෙන්නේ

  • නිල් තල්මසා ක්ෂීරපායියෙකි
  • මත්ස්‍යයෙකු ලෙස නොසැලකේ.
  • තල්මසා ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ පෙණහළු මගිනි වෙනත් මසුන් මෙන් කරමල්වලින් නොවේ. තල්මසාට කරමල් නැත.
  • තල්මසාගේ හිසේ ඉදිරිපස නාසය පිහිටා ඇත. ඉදිරියට පිහිනන විට නාස් සිදුරු වැසී යයි.
  • ආශ්වාසය සඳහා තල්මසා සෑම මිනිත්තු 5කට 10කට වරක් ජලය මතුපිටට පැමිණේ.
  • ජලයේ මීටර් 600ක් පමණ ගැඹුරට පිහිනිය හැකි තල්මසාට ජලය තුළ එක දිගට මිනිත්තු 45ක් පමණ සිටිය හැක.
  • තල්මසාට හෘදය වස්තුවද ඇති අතර, උණුසුම් රුධිරය ඇති සත්වයෙකි.

 

 

නිදුක් මදුෂික

ඡායාරූප -මිහිර බණ්ඩාර

 

2017-11-16-ent-138  2017-11-16-ent-141 2017-11-16-ent-142 2017-11-16-ent-143 2017-11-16-ent-144 2017-11-16-ent-145 2017-11-16-ent-146 2017-11-16-ent-147 2017-11-16-ent-148 2017-11-16-ent-149 2017-11-16-ent-150  2017-11-16-ent-152