ලොකු රෝස මල් පිපුණු සීතල වන උයන.....
මතකයි නේද ගිය සති අන්තයේ අපි ගියා සීතල නුවරඑළියේ ග්‍රෙගරිගේ බේසම බලන්න. තාම ඉවර නෑ අපේ නුවරඑළිය සවාරිය, අපි මේ සති අන්තේ ඔයත් එක්ක යන්නේ නුවරඑළියේ වික්ටෝරියා උද්‍යානයට. නිදහසේ ඇවිදින්න පොඩ්ඩක් නිදහසින් බංකුවක වාඩිවෙලා හිතේ වෙහෙසකර ගතිය නුවරඑළියේ සීතල සුළඟත් එක්ක පා කරලා හරින්න ඕන තරම් වෙලාවක් උදේ ඉඳන් හවස් වෙනකම් නිස්කලංකව ඉඳලා එන්න පුළුවන් තැනක් තමා නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය කියන්නේ. බැලූ බැලූ හැමතැනකම දිලිසෙන්නේ හරිත පැහැය. ඇවිදින ගිමන් හරින අතරේ බඩගින්නක් තිබහක් දැනුණොත් කන්න බොන්න පුංචි අවන්හලකුත් වික්ටෝරියා උද්‍යානයේ තියෙනවා.
වික්ටෝරියා උද්‍යානයේ නිදහසේ ඇවිද යන්නට හැකි මාවත් වගේම විවිධ පැහැගත් මල් වර්ගත් තියෙනවා. විශේෂයෙන් නෙක පැහැ රෝස මල්වලට උද්‍යානයේ හිමිව තියෙන්නේ විශේෂම තැනක්. ඒ රෝස මල් ප්‍රමාණයෙන් හුඟක් විශාලයි. එක මොහොතක් නෙවෙයි හුඟක් වෙලා ඒ මල් දිහා ආසාවෙන් බලාගෙන ඉන්න හිතෙනවා. දේශීය සංචාරකයන් වගේම විදේශීය සංචාරකයනුත් වැඩි දෙනෙක් වික්ටෝරියා උද්‍යානයට එන්නේ නිදහසේ කාලය ගෙවන්න කියලයි හිතෙන්නේ.
අපිත් වික්ටෝරියා උද්‍යානයේ බංකුවකට වෙලා පැයකට වැඩි වෙලාවක් නිදහස සහ සුන්දරත්වය විඳගනිමින් කාලය ගත කළා. ඇඟ හිරිවට්ටන සීතල සුළඟ එක්ක ගෙවුණු ඒ කාලය හරිම ලස්සන මතකයක්. නුවරඑළියේ ගියොත් ඔයත් වික්ටෝරියා උද්‍යානයට නොවැරදීම ගිහින් එන්න. එය චාරිකාව සුන්දර අත්දැකීමක් බවට පත්කරාවි.
Text -Saara / Pic- Channa Kassapa Koralearachchi