ලෙන් අනූනවයේ රජ මහා විහාරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1220

පොසොන් පෝය හරියටම ඉරිදා දවසේ. ඉතින් ඒ හින්දා අපි හිතුවා මේ සැරේ අපේ සංචාරය හිත නිවන පන්සලකට යන්න. කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ඇවිත් මිරිස්වත්ත මංසන්ධියෙන් දකුණට හැරිලා සැතපුම් දෙකහමාරක් පමණ පැමිණ බුත්පිටිය මංසන්ධියෙන් වමට සැතපුම් භාගයක් පමණ දුරක් ගියාම අක්කර දෙසීයක පමණ මනරම් භූමි වපසරියක පිහිටි මෙම විහාරය හමු වෙනවා.

පිලිකුත්තුව රජමහා විහාරය කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. මෙම විහාරස්ථානය කේන්ද්‍ර කරගත් ඓතිහාසික උරුමයකුත් තියෙනවා. ප්‍රාග් ඓතිහාසික වානරයාගේ නවාතැන්පොළක් විදිහට විශ්වාස කරන මෙම විහාරස්ථානයේ ගල් ලෙන් 99කින් පමණ සමන්විතයි. කැණීම්වලදී ප්‍රාග් මානවයා පාවිච්චි කරන ලද උපකරණ සහ මෙවලම් රැසක් හමුවී තිබෙනවා. ශාක හා සත්ත්ව අවශේෂ ගව ලෙන් යුගයට අයත් යැයි සැලකෙන කාසි, ඓතිහාසික මැටි මෙවලම් මේ කැණීම්වලින් සොයාගත් දෑ අතරට අයත්. 

මහනුවර යුගයට අයත් බිතු සිතුවම්වලින් අලංකාර මෙම විහාරස්ථානය ලෙන් ආවාස, භූගත ජල මාර්ග ඇසුරෙන් පෝෂණය වන පොකුණු ආදියෙන් සමන්විතයි. එමෙන්ම විශේෂිත දැව පාලමක් ද මේ පන්සලේ උරුමයට අයත්. පිලිකුත්තුව පන්සල සතු තවත් සුවිශේෂත්වයක් වන්නේ මැටියෙන් තැනූ චෛත්‍යයක් මේ විහාරස්ථානය සතු වීමයි. සාදු සිතින් බුදුන් වහන්සේ නමදින්න වගේම ඓතිහාසික උරුමයට නෂ්ටාවශේෂ ඇසුරේ උරුමයක අරුමය විඳින්නත් එහි ගියොත් ඔබට පුළුවන්.

 

►  Channa Kassapa Koralearachchi

 

2019-05-27-ent-1206 2019-05-27-ent-1207 2019-05-27-ent-1208 2019-05-27-ent-1209 2019-05-27-ent-1210 2019-05-27-ent-1211 2019-05-27-ent-1212 2019-05-27-ent-1213 2019-05-27-ent-1214 2019-05-27-ent-1215 2019-05-27-ent-1216 2019-05-27-ent-1217 2019-05-27-ent-1218 2019-05-27-ent-1219  2019-05-27-ent-1221