ලස්සනම දූපතෙන් මංගල ආරාධනාවක්!



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-04-ent-49

ෆැරෝ දූපත ලෝකයේ ඇති අමුතුම දූපතකි. නෝර්වේ සහ අයිස්ලන්තය අතර පිහිටා ඇති මේ දූපතේ පිරිමි දැන් දැවෙන ගැටලුවකට මුහුණ පා සිටිති. විවාහ වීමට සුදුසු වයසේ කාන්තාවන් දූපතේ නොමැතිවීමය. මේ නිසා මංගල යෝජනාවලට වියදම් දරන අයට දැන් ෆැරෝ දූපත ගැනද සලකා බැලීමට හැකිය.

2017-05-04-ent-50කාලයක් තිස්සේ ඇති මේ ගැටලුවට පිලියම් ලෙස ෆැරෝ දූපත්වාසීහු තායිලන්තයෙන් සහ පිලිපීනය වැනි රටවල්වලින් කාන්තාවන් ගෙන්වා ගන්නට යෙදුණි. දැන් ඒ රටවලින් ආ කාන්තාවෝ 300ක් පමණ එහි සතුටින් දිවි ගෙවති. දූපත් 18කින් සමන්විත ෆැරෝ රාජ්‍යය තුළ ඇත්තේ 50,000ක පමණ සුළු ජනගහනයකි. ඒ සුළු ජනගහනය තුළ වැඩිම සුළු ජන ප්‍රජාව බවට දැන් මේ කාන්තාවෝ පත්ව සිටිති. ෆැරෝ දූපත ලෝකයේ ඇති ලස්සනම දූපත් අතරින් අතිශය මනහර පරිසර පද්ධතියක් සහිත රටකි. අධ්‍යාපනය සහ රුකියා සඳහා රටහැර යාමෙන් රටේ කාන්තාවන් අඩුවී ගොස් තිබේ. පිරිමින් සංඛ්‍යාවට වඩා කාන්තාවන් දෙදහසක් පමණ අඩු බව එරට අග්‍රාමාත්‍යවරයා පසුගියදා කියා තිබුණි.

නිල වශයෙන් ඩෙන්මාර්කයේම කොටසක් ලෙස සලකන ෆැරෝ දූපත් සමූහ රාජ්‍යය ජීවත්වීමට අපූරැ තැනකි. දැන් අන්තර්ජාලය පුරා සැරිසරන එරට පිරිමි විවාහ යෝජනා වෙබ් පිටු පෙරළා බලති. ඔවුන්ගේ වැඩි කැමැත්ත ආසියාතික කාන්තාවන්ටය. මේ රටේ මිනීමැරැම් මංකොල්ල සොරකම් ස්ත්‍රී දූෂණ මෙන්ම පරිසර දූෂණද නැත. ජනතාව සුහදශීලීය. සෞඛ්‍ය සහ අධ්‍යාපනය මුළුමනින්ම නොමිලේය. මේ නිසා ෆැරෝ යනු සලකා බැලිය යුතු රාජ්‍යයකි. ගෑනුන්ගේ පින කුණු මුල්ෙල් කීවක් ෙමන් ෙලා්කයේ ගෑනුන්ට ෙහාඳ පිරිමියෙක් ෙකසේ ෙවතත් ලස්සන කදිම දූපතකට පය ගසන්නට ලැබෙන අනගිතම අවස්ථාවකි

 

 සුගත්

 

2017-05-04-ent-43 2017-05-04-ent-44 2017-05-04-ent-45 2017-05-04-ent-46 2017-05-04-ent-47 2017-05-04-ent-48