ලක්ෂ සංඛ්‍යාත පවුල් වෙත සෙත සලසන මොරගහකන්ද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-26-ent-64

පසුගිය මාස කිහිපය තුළ දී විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සහ මුද්‍රිත මාධ්‍ය සමාජජාල වෙබ් අඩවියක් තුළ සුලබව කතාබහට ලක්වූ මාතෘකාවක් ලෙස මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හැඳින්විය හැක. විටක මිනිසුන්ගේ දුක්ගැනවිලි, තවත් විකට මිනිසුන්ගේ දුක්ගැනවිලි, තවත් විටක මහා ජලකඳකට යටවන ගම්බිම් පිළිබඳ පුවත්, තවත් විටක වනජීවී නිලධාරීන් විසින් මහා ජලකඳකට මැදිව අවතැන්ව සිටින සතුන් මුදවා ගත් මෙහෙයුම් අප කොතෙකුත් මාධ්‍ය ඔස්සේ නැරඹුවෙමු. මෙම පුවත් සහ වැකුණු විට විවිධ දැනුම් මට්ටම් අනුව මිනිස්සු විවිධාකාරයෙන් මේ පිළිබඳව කතාබහ කිරීමට පටන් ගත්හ. ඒ ඒ සිද්ධි වාර්තා කෙරෙන අවස්ථාවන්හි බොහෝ සෙයින් මිනිසුන් දුක්වූයේ, දොස්නැගුවේ අනාගතයේ මෙයින් රටට සිදුවන යහපත පිළිබඳව නොදැනුවත්කම නිසාවෙනි.

අප %තරුණයා සංචාරක^ ලිපි මාලාව ඔස්සේ සෑම විටම උත්සාහ ගන්නේ උරිමයෙන් විනෝදාස්වාදය ලබාගන්නා අතරතුර යම් දැනුමක්ද ලබාගතහැකි ස්ථාන ඔබ වෙත ගෙන ඒමටය. එම නිසාම මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ලක්ෂ සංඛ්‍යාත ගොවි පවුල් වෙත සෙත සැලසීමට නියමිත නකල්ස් කඳු මිටියාවතේ ක්‍රියාත්මක වන, මෙරට වර්තමාන විස්මිත බහුකාර්යය වාරි ව්‍යාපාරය වන %මොරගහකන්ද^ සොයා මෙවර අපි පැමිණියෙමු.

 

ඉතිහාසයෙන් බිඳක්

මෙරට වාරි ශිෂ්ටාචාරයේ තිඹිරිගෙය අනුරාධපුරයයි. අනුරාධපුර රාජධානිය බිහිවීමේදී ප්‍රමුඛ සාධකය වූයේ මල්වතු ඔයයි. එලෙසම පොළොන්නරුව රාජධානිය තුළ වඩාත් ප්‍රමුඛ වන්නේ අඹන්ගඟයි.

මාතලේ, දුම්බර කඳුවැටියෙන් ආරම්භ වන අඹන්ගඟ මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාව වශයෙන් සැලකේ. අඹන් ගඟේ ප්‍රධාන අතු ගංගාව වන්නේ කළු ගඟයි. මෙම ගංඟා ද්විත්වය සම්බන්ධ වන්නේ වස්ගමුව ජාතික වන උධායන මායිමේදීය. ඉන්පසුව තවත් අතු ගංගාවක් වන %කිරිඔය^ද අඹන්ගඟ හා එක්වෙයි. එසේ ජල ධාරිතාව වර්ධනය කරගනිමින් ගලා එන අඹන්ගඟ මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ පිහිටි %තුම්මෝදර^ දී මහවැලි ගංඟාව හා එක්වේ.

අනුරාධපුර රාජධානියේ රජකම් කළ %වසභ^ රජුගේ පාලනකාලයේ දී එනම්, ක්‍රිස්තු වර්ෂ 67 සිට 111 දක්වා කාලයේ දී අඹන්ගඟ හරස් කොට අමුණු බැඳ එහි ජලයෙන් වැව්වෙත ගෙනයාම සඳහා %යෝධ ඇළ^ යනුවෙන් හැඳින්වෙන වාරි ඇළක් ඉදිකළ බව ඉතිහාසය පිළිබඳ ලියැවී තිබෙන ග්‍රන්ථයන්හි සටහන් වී තිබේ.

වර්තමානයේදීත් ක්‍රියාකාරීව පවතින %යෝධ ඇළ^ වර්තමානයේදීත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයන්ට ජලය ගෙනයාම සඳහා මහෝපකාරී විය. මෙරට වාරි කර්මාන්තයේ විශිෂ්ටතම යුගයක් ලෙසින් සැලකෙන, මහසෙන් රජසමයේදී අඹන්ගඟ හරස් කර අමුණක් බැඳ ලබාගත් ජලයෙන් මින්නෙරිය වැව පෝෂණය කර තිබේ. එය වර්තමානයේදී "ඇළහැර අමුණ" යනුවෙන් හඳුන්වෙයි. මහා පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ දී අඹන්ගඟ හරස් කොට %අඟමැඩිල්ල්‍^ අමුණ ඉදිකර එමගින් ලබාගත් ජලය පරාක්‍රම සමුද්‍රය පෝෂණය කිරීමට රැගෙන ගොස් තිබේ. ඉතිහාසය සැලකිල්ලට ගැනීමේදී %අඹන්ගඟ^ මෙරට වාරි ඉතිහාසයේ සුවිශේෂී ගංගාවකි.

නමුත් පොළොන්නරුව රාජධානියේ බිඳ වැටීමත් සමග මෙරට වාරි ශිෂ්ටාචාරය බිඳ වැටුණි. නැවතවරක් අඹන්ඟග පිළිබඳව අවධානය යොමුවන්නේ 1968 වසරේ දී ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් %මහවැලි ජල සම්පත් සංවර්ධනය^ පිළිබඳ ශක්‍යතා වාර්තාවක් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය. එම වාර්තාව මගින් අඹන්ගඟ හරස්කොට %බෝවතැන්න^ හා %මොරගහකන්ද^ යන ජලාශ ද්විත්වය ඉදිකිරීමට යෝජනා කර තිබුණි. මහවැලි සංවර්ධන සැලසුමට අනුව එහි මුල් අදියරේදී  %පොල්ගොල්ල වේල්ල^ සහ බෝවතැන්න ජලාශයේ ඉදිකිරීම් ආරම්භ විය. 1976 වසරේ දී එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ සිරිමාවෝ මැතිනිය විසින් එය විවෘත කරන ලදී. නැවත වරක් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව තුළ දී අඹන්ගඟ හරස්කරමින් ඉදිකෙරන මොරගහකන්ද ජලාශයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවිය. එවකට වාරිමාර්ග, විදුලිබල හා මහාමාර්ග ඇමති මෛත්‍රීපාල සේනානායක මහතා මෙය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා බොහෝ සෙයින් වෙහෙස වී තිබේ. නමුත් 1977 මැතිවරණයෙන් ආණ්ඩු බලය අහිමි වී යාමෙන් ඔහුගේ සිහිනය සැබෑ කරගැනීමට නොහැකි වී තිබේ.

ඉන්පසසුව කඩිනම් මහවැලි මංවර්ධන ව්‍යාපාරයක් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ඉවත් ඌවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් නැවතත් 1979 වසරේදී "ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය" (ජයිකා) අනුග්‍රහ‘යෙන් සිදුකර, රජරට ජල හිඟයට ස්ථිර විසඳුමක් ලබාදීමට මෙම ජල ව්‍යාපෘතියට හැකියාව තිබෙන බව පෙන්වා දී තිබේ. නමුත් එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ නොවුණි.

වර්තමාන ජනාධිපති ධුරය හොබවන මෛත්‍රීපාල සිරිසේන මහතා 1998 වර්ෂයේ දී කෘෂිකර්ම, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන ඇමතිවරයා ලෙස පත්වීමත් සමග නැවතවරක් මෙම ව්‍යාපෘතියට අවධානය යොමු කළේය. ඒ අනුව 2000-2004 වසරවලදී ජර්මනියේ %ලාමයාර් අන්තර් ජාතික උපදේශන සමාගම^ හා මෙරට ඉංජිනේරු කාර්යාංශය මගින් ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර ඉන්පසුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. වසර 40ක් පමණ ප්‍රමාද වෙමින් තිබූ මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු 2007 වසරේ දී නැවත ඇරඹෙන්නේ එලෙසිනි.

 

2017-07-26-ent-68

 

ව්‍යාපෘතිය පිළිබඳ වැදගත් තොරතුරු

මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සිදුවන්නේ ඇළහැර පෞරාණික හැරවුම් අමුණට කිලෝමීටර් දෙකක් පමණ ඉහළින් අඹන්ගඟ හරහා වේල්ලක් ඉදිකිරීම මගිනි. මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ල වන මෙය ගල් පිරිවීම මගින්, ඉදිකරනු ලබන අතර, එය දිගින් මීටර් 470ක්ද, උසින් මීටර 61.3ක්ද මුදුනට මීටර් 06ක පළලකින්ද යුක්ත වේ. මෙම ප්‍රධාන වේල්ලට අමතරව තවත් සැදලි වේලි දෙකක් ඉදිකිරීමට පියවර ගන්නා අතර, මෙම වේලි ද්විත්වයේ කොන්ක්‍රීට් මගින් ඉදිකරන අංක 01 වේලේලේ දිග මීටර් 375ක්ද, උස මීටර් 58ක්ද වන අතර, මුහුනත පළල මීටර් 08ක් වශයෙන් සැලකෙයි. පස් පිරවීම මගින් ඉදිවන අංක 02 වේල්ලේ දිග මීටර් 275ක්ද, උස මීටර් 21.5ක්ද වන අතර එහි මුහුනත පළල මීටර් 7කි.

 

ජල ධාරිතාව

මොරගහකන්ද ජලාශය වර්ග කිලෝමීටර් 29.5ක් පුරා පැතිරෙනු ඇති අතර, ජලාශයේ පූර්ණ ජලධාරිතාව ඝන මීටර් දශලක්ෂ 569.9කි. (අක්කර අඩි 463,000 ක්) සක්‍රීය ජල ධාරිතාවය අක්කර අඩි 423,000කි.

 

කළු ගඟ ජලාශය

මොරගහකන්ද ජලාශයේ සමගාමී ජලාශය වන්නේ කළු ගඟ ජලාශයයි.

මොරගහකන්ද ජලාශයට කිලෝමීටර් 40ක් පමණ දුරකින් පමණ කළුගඟ හරහා "පල්ලේගම" නමින් හැඳින්වෙන ප්‍ර‘දේශයට කිලෝමීටර් 04ක් පමණ උතුරු දෙසින් ප්‍රධාන වේල්ලක් හා අතුරු වේලි දෙකක් ඉදිකිරීම මගින් කළු ගඟ ජලාශය නිර්මාණය කෙරේ.

කළු ගඟ ජලාශයේ ප්‍රධානවේල්ල ගල් පිරවීම මගින් ඉදිකරනු ලබන අතර, එය දිගින් මීටර් 546ක්ද, උසින් මීටර් 67ක්ද, මුහුණත පළල මීටර් 08ක්ද වේ, සැඳලි වේලි අංක 01 දිගින් මීටර් 238ක්ද, උසින් මීටර් 47ක්ද වන අතර අංක 02 සැඳලි වේල්ල දිගින් මීටර් 05ක් වේ. කළු ගඟ ජලාශය වර්ග කිලෝමීටර් 84ක ප්‍ර‘දේශයක් පුරා පැතිරෙන අතර, ජලාශයේ ධාරිතාව අක්කර අඩි 216,000ක් වන අතර සක්‍රීය ධාරිතාව අක්කර අඩි 170,000ක් වශයෙන් සැලකේ

 

 

වියදම

මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා වැයවන මුළු මුදල රුපියල් මිලියන 33,672ක් වශයෙන් ඇස්තමේන්තු කොට තිබේ. එයින් 85% (රුපියල් මිලියන 28,952.1ක්) චීන සංවර්ධන බැංකුව විසින්ද, 15ත් හෙවත් රුපියල් මිලියන 4920.5ක් දේශීය අරමුදල් මගින්ද ආයෝජනය කිරීමට පියවර ගෙන ඇත.

කළු ගඟ ජලාශයේ ප්‍රධානවේලි ඉදිකිරීම සඳහා කුවෙට් සංවර්ධන අරමුදල විසින් රුපියල් මිලියන 48883.03ක්ද, සෞදි සංවර්ධන අරමුදල විසින් රුපියල් මිලියන 6779.94ක්ද, ඔපෙන් ජාත්‍යන්තර අරමුදල විසින් රුපියල් මිලියන 2358.24ක් සහ දේශීය අරමුදල්වලින් රුපියල් මිලියන 2434.28ක් ලබාගැනීමට නියමිතය.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර / සුපුන් සම්පත්

 

2017-07-26-ent-60 2017-07-26-ent-61 2017-07-26-ent-62 2017-07-26-ent-63  2017-07-26-ent-65 2017-07-26-ent-66 2017-07-26-ent-67  2017-07-26-ent-69 2017-07-26-ent-70 2017-07-26-ent-71 2017-07-26-ent-72 2017-07-26-ent-73 2017-07-26-ent-74 2017-07-26-ent-75