ලංකාවමට එකයි... සුද්දගෙ වැඩක් නෙවෙයි...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-26-ent-94

2017-01-26-ent-84

2017-01-26-ent-93දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියනවානේ. ඉතින් අද මේ දැනගෙනම යන්න හදන්නේ කතරගම යද්දී බලලා, නැවතිලා, විඳලා යන්න පුළුවන් අපූරැ සංචාරක ස්ථානයකට. මේ තැන ලංකාවේ බොහෝ පිරිසක් තවම අහලත් නැතිව ඇති. හැබැයි ලංකාවේ බලන්න යන්නම ඕනෑ තැන් කිහිපයෙන් එකක් විදියට මෙතැන තර්කයක් නැතිවම නම් කරන්න පුළුවන්. මේ තමයි මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානය. ලංකාවේ තෙත් කලාපීය උද්භිද උද්‍යාන කිහිපයක්ම තියෙනවා. පේරාදෙණිය, හග්ගල, සීතාවක ආදිය උදාහරණ. හැබැයි වියලි කලාපීය උද්භිද උද්‍යාන තියෙන්නේ ලංකාවටම එකයි. ඒ තමයි මේක.

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය යනු මෙරට එකම හා ප්‍රථම වියලි කලාපීය උද්භිද උද්‍යානය. එසේම, ශ්‍රී ලංකාව අපි අපේ රටේ නිර්මාණය කළ ප්‍රථම උද්භිද උද්‍යානය වන්නේත් මෙයමයි. ඒ කිව්වේ මේ රටේ තියෙන අනෙක් සියලුම &මල්වතු* සුද්දාගේ නිර්මාණ. තවත් විස්තරාත්මකව කිව්වොත් 1826 දී පේරාදෙණිය උද්භිද උද්‍යානයද, 1861 දී හග්ගල උද්භිද උද්‍යානයද, 1876 දී ගම්පහ උද්භිද උද්‍යානය‍ද ලෙස ලංකාවේ සුදු ජාතිකයින් මල්වතු හදනවා. ඉන් වසර 131කට පසුව මෙරට ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ඉදිවන්නේ 2008 වසරේදී. ඒ අනුව 2008 වසරේදී මහත් වෙහෙසක් දරා කටු අන්දර කැලය හෙලිපෙහෙලි කොට සැකසීම ආරම්භ කළා. මෙම උද්‍යානය අදවන විට මහත් අපූරැ ස්වාභාවික ජීවීන් දහස් ගණනක් එකට එක්ව ලැගුම්ගෙන සිටින සුන්දර භූමිභාගයක්. විවිධ ශාඛ වර්ග විතරක් නෙවෙයි තවත් බොහෝ දෑ මෙතන දකින්න තියෙනවා. අපි අද ලස්සනට බලන්න ගියාට බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ඉතිරිකර ගිය උද්භිද උද්‍යානවල යට කතාව බොහෝ අය දන්නේ නෑ. බ්‍රිතාන්‍ය පාලකයින් ඔවුන්ගේ අධිරාජ්‍යයේ විවිධ රටවල උද්භිද උද්‍යාන පිහිටවූයේ ප්‍රධාන වශයෙන් ආර්ථික බෝග ගැන පරීක්ෂණ පැවැත්වීමට. ඒ කියන්නේ එයාලගේ වගාවලට ගැළපෙන ශාඛ මොනවාද කියලා හඳුනාගැනීමට. උදාහරණයක් වශයෙන් ඇමසන් වනාන්තරයේ තිබුණු රබර් ශාකය ගැන මූලික පරීක්ෂණ කරන්න ඔවුන් යොදාගත්තතේ ඔවුන්ගේ එංගලන්තය වුවද එය අසාර්ථක වූ තැන රබර් ඇටද රුගෙන ඔවුන් ලංකාවට පැමිණියා. ඒ අරගෙන ආපු රබර් ඇටය මෙහේ සිටුවලා ඇමේසන් වනාන්තරයෙන් පිටතදී සාර්ථකව වගා කරන්න පුළුවන්ද බලන්න. මුලින් ඒ සඳහා පේරාදෙණිය උද්භිද උද්‍යානය යොදාගැනීමට උත්සාහ කළා. හරිගියේ නෑ. අනතුරැව ඔවුන් ඊට වඩාත්ම උචිතයැයි සිතූ ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානය තෝරාගත්තා. අදටත් මෙරට ස්ථාපනය කළ මුල්ම රබර් ගස්වගාව ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයේ තියෙනවා. ළඟදිම එහෙත් යමු.

2017-01-26-ent-96මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානය ඇති කරන්නේ මේ වගේ පරීක්ෂණාගාර මීයෙක් විදියට නෙවෙයි. ලංකාවේ තෙත් කලාපයේ, ඉහළ කඳුකරයේ තිබෙන තර්ජනයට ලක්වූ ශාක ආරක්ෂා කරගන්න උද්භිද උද්‍යාන කිහිපයක්ම තිබුණත් වියලි කලාපයේ එහෙම එකක් තිබුණේ නෑ. වියලි කලාපයේ තිබෙන තර්ජිත ශාක අවසානයේ විනාශවෙලාම යන තත්ත්වයක්, අවදානමක් තිබූ නිසා තමයි මේ උද්‍යානය ඇතිකරන්නේ. කෙසේ හෝ කතරගම යද්දී අමතක නොකර මේ මිරිජ්ජවිල මල්වත්තටත් ගිහින් බලලා යන්න.

2017-01-26-ent-98

2017-01-26-ent-97
2017-01-26-ent-95
2017-01-26-ent-92
2017-01-26-ent-91
2017-01-26-ent-90
2017-01-26-ent-89
2017-01-26-ent-88
2017-01-26-ent-87
2017-01-26-ent-86
2017-01-26-ent-85