ලංකාවටම දෙකයි එකක් අපේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-06-ent-301

යමුද ටිකි බාර් එකට ලංකාවටම තියෙන්නේ ටිකි බාර් දෙකයි. මෙදා සැරේ අපි ගියේ ඉන් එකකට අයිතිවාසිකම් කියන මුතුරාජවෙල වාසනා නේචර්ස් රිසෝට් එකට. ටිකි බාර් ගැන ඔයාට කියලම වාසනා නේචර්ස් රිසෝට් ගැන කතාව පටන් ගන්නවා. දූපතක් මැද තියෙන මේ ටිකි බාර් එකේ විශේෂත්වය තමයි Mugඑකේ ඉඳන් පාවිච්චි කරන හැමදේම ලීවලින් වෙස් මූණු සහ කැටයම් ආකාරයට හදලා තියෙන එකයි. එහෙම බැලුවම ටිකි බාර් කියන්නේ වෙස් මූණු සහ කැටයම් ආකරයක්. දකුණු අමෙරිකානු සංකල්පයට තමා ටිකි බාර් කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ.

වාසනා රිසෝට් පටන්ගෙන දැනට අවුරුද්දක් වෙනවා. හරිම ලස්සන ස්වභාවික පරිසරයක තමා වාසනා රිසෝට් පිහිටලා තියෙන්නේ. පරිසරය රැකගන්න ඕන නිසාම වාහන නැවතුමේ ඉඳන් සංචාරකයන්ව රැගෙන එන්නේ එයාලටම අයිති ගොල්ෆ් කාට් එකෙන්. රසවත් ආහාර පාන ඉඳන් හැම පහසුකමක්මත් බෝට්ටු සවාරි, ස්පා ආයුර්වේද, පිහිණුම් තටාක සහ බැට්මින්ටන් ක්‍රීඩා කිරීමට කෝඩ්එකක් ඇතුළු හැම අත්දැකීමක්ම ඔයාට මෙහිදී ලබාගන්න පුළුවන්. 

කාමර වෙනුවට මෙහි තියෙන්නේ Cabana දෙකක්.. ඒ Cabana තට්ටු දෙකකින් සමන්විතයි. මෙහි උත්සව ශාලාවකුත් තියෙනවා. එළිමහන් උත්සවයකදී 300 – 350 විතරත් ඇතුළත උත්සවයකදී සීයකට ආසන්න පිරිසකටත් ඉන්න ඉඩ තියෙනවා. දෙස් විදෙස් පුහුණුව ලබපු සේවකයන් තිහකගේ විතර සහය ඔයාලට මෙහිදී ලැබෙනවා.

සතියේ හැම දවසකම මෙහි විශේෂ Promotion එකක් තියෙනවා. ඒ Promotion එක තමයි රුපියල් 6000/-ක් ගෙව්වාම දහ දෙනකුට Sea Food, මස්, එළවළු මේ තුන් වර්ගයෙන්ම ඕන තරමක් කන්න පුළුවන්. ඊට පස්සේ රුපියල් 6000/-ක් වටින ප්‍රංශ වයින් බෝතලක් නොමිලේ ඔයාලට ලැබෙනවා. එහෙම බැලුවාම කෑම වේල නොමිලේ දෙනවා වගේ තමයි. හැබැයි දවසකට පෙර දැනුම් දීලා Breakfastඑකට එන්න ඕනේ. 

Day out එකකදී එක් කෙනෙකුට ගෙවන්න ඕනේ රුපියල් 2000/-යි. අක්කර 8කට ආසන්න භූමි ප්‍රමාණයක පිහිටා තිබෙන වාසනා රිසෝට් එකට එන පාර කියන්නම්. කොළඹ මීගමු පාරේ නාගොඩ හන්දිය පසුකර කිලෝ මීටර් එකක් යන විට මොරාවත්ත පාර හමුවෙනවා. එතනින් වමට හරවා කිලෝ මීටර් එකක් යනකොට වාසනා නේචර්ස් රිසෝට් හමුවෙනවා. ඔයාලා මීගමුව පැත්තෙන් එනවා නම් කඳාන පසු කර මිටර් 500ක් එනකොට මොරාවත්ත පාර හමුවෙනවා. එතැනින් දකුණට හරවා යනකොට වාසනා නේචර්ස් රිසෝට් හමුවෙනවා. 

ඉතින් කැමතිනම් ඔයාලත් ගිහින් එන්න. 

 

විශේෂ ස්තූතිය 

වාසනා නේචර්ස් රිසෝට් හිමිකරු - ඉන්දික සම්පත් මිරැන්චිගේවාසනා නේචර්ස් රිසෝට්  කළමනාකරු - ඉරෝෂන් නිලන්ත පෙරේරා    

 

   ► Text & PIC - Channa Kassapa Koralearachchi

 

2019-05-06-ent-300  2019-05-06-ent-302 2019-05-06-ent-303 2019-05-06-ent-304 2019-05-06-ent-305 2019-05-06-ent-306 2019-05-06-ent-307 2019-05-06-ent-308 2019-05-06-ent-309 2019-05-06-ent-310