රූස්ස ගස් අස්සේ විල් මුවන් - බළල් දිවියන්
Wow…. හිතට දැනෙන සුවයක්. අහස සිඹින තරම් වනස්පතියන්, දුඹුරැ පැහැ යෝධ කඳන් දරාගත් සාරවත් හරිත වියන යට මේ මොහොතේ අපි ඔබ එක්ක... දාහය දුර අරන් ගියේ ඒ මහා ගස් අතරින් හෝ ගගා හැමුව සුළඟ... මහ පොළවටත් ගස් මතින් ගිලිහී වැටුණු කොළ බුමුතුරැණු...
කොහෙද මේ... මේ තමා හොරගොල්ල ජාතික උද්‍යානය. නිට්ටඹුවෙන් වේයන්ගොඩ පාරේ ටික දුරක් යද්දී හොරගොල්ල ජාතික උද්‍යානය කියන නාම පුවරැව ඔබට හමුවෙනවා. එතන ඉඳන් පයින් ඇවිද යා හැකි මාවතක් මේ ජාතික වන උද්‍යානය තෙක් විවෘතයි. වනාන්තරයේ තැනින් තැන ඉදි වූ කොළ පැහැ බංකු මත ඉඳගෙන ප්‍රේමයේ සුව නිස්කාන්සුවේ විඳිනු රිසින් මෙතෙන්ට වැඩිහරියක් එන්නේ පෙම්වතුන්. ඒත් වනජීවී නිලධාරීන් නිතර වන උද්‍යානයේ එහෙ මෙහේ සැරිසරන නිසා ප්‍රේමය විඳන්න පුළුවන් සීමාවක් වගේම ප්‍රමිතියත් ඉබේම ලකුණු වී තියෙනවා.
ජෛව විවිධත්වයේ ජීවමාන පාරාදීසයක් බඳු හොරගොල්ල ජාතික උද්‍යානය අක්කර 23ක භූමි වපසරියකින් යුක්තයි. කොළඹ ඉඳන් එනවනම් ඔයා කිලෝ මීටර් 40ක දුරක් ගෙවා නිම කරන්න ඕනෑ. මුල්ම යුගේ මේ වන උද්‍යානය හැඳින්වූයේ හොර කැලෑව කියලා. ඒකට හේතුව තමා මේ කැලෑවේ අඩියෙන් අඩිය පැතිරැණු හොර ශාක.
මුලින්ම බණ්ඩාරනායකවරැන්ගේ උරැමයක් ලෙස පැවති ෙම් උද්‍යානය 1970 ඉඩම් කොමිසන් සභාව මඟින් අක්කර 50කට වැඩි ඉඩම් රජයට පවරා ගැනීම යටතේ රජයට අරගෙන තියෙනවා. 1970 මෙය අභය භූමියක් බවට පත් කළේ මෙහි ඇති ජෛව විවිධත්වය හා සැබැඳි සියලු සාධකයන් රුක ගැනීමේ පරමාර්ථයෙන්. 2003 වසරේදී මේ වන දහන ජාතික උද්‍යානයක් බවට පත් කළේ මෙහි ඇති වටිනාකම අනුව මෙය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමේ අරමුණින්.
වන වැස්ම හේතුවෙන් හිරැ දහර කෙළින්ම පොළොවට නොවැටෙන ද්වීතීයික වනාන්තරයක් ලෙස ගැනෙන මෙම ජාතික උද්‍යානය පහතරට තෙත් වනාන්තරයක්. හඳුන් දිවියා, වල් බළලා, කොළ දිවියා වගේම කල වැද්දා, දඬු ලේනා, ඕළු මුවා, මී මින්නා, රත් හෝතඹුවා, ඉත්තෑවා, රිලවා, නරියා, කළු වඳුරා වගේම මඟුරා, පෙතියා, තිලාපියා, කාවයියා, දණ්ඩියා, නල හඳයා, ආඳා, මල් කොරලියා වගේ මත්ස්‍ය විශේෂත් මේ වන දහන වාස භූමි කරගෙන ඉන්නවා. වනයට පිවිසෙද්දීම හමුවන්නේ ජලජ නිම්නයක්. හොර කැලේ වැව නමින් තමා ඒ පුංචි ජලාශය හඳුන්වන්නේ. 1992 දෙසැම්බර් 31 තමා එය ජනතා අයිතියක් බවට පත් වී තිබෙන්නේ.
ක්ෂීරපායි විශේෂ 10ක්, මත්ස්‍යය විශේෂ 07ක් සමනළ විශේෂ 28ක්, කුරැලු විශේෂ 64ක් නිවහන කරගත් මේ මහා වනාන්තරයේ වාර්ෂික වර්ෂාපතනය මි.මී 2000 – 25000 ත් අතර වන අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 28.5ක්. මේ වනාන්තරය දකින්න එන සංචාරකයන් වෙනුවෙන් කෞතුකාගාරයක් ද මෙහි ඇති අතර වනාන්තරය තුළදී විවිධ අපදාවන්ට ලක් වූ උකුස්සන්, බකමූණන්, ඉත්තෑවන්, බළල් දිවියන් ඇතුළු සත්ත්ව විශේෂ ගණනාවක් කූඩු තුළ හිඳ ප්‍රතිකාර ලබන අයුරැත් දැකිය හැකියි.
හොර, වල් දෙල්, හවරි නුග, භූ දෙල්, කුඹුක්, කැන්ද, මහෝගනී, වල් ඇහැල, ගොන්න, ඇටඹ, හල්මිල්ල වැනි මහා ශාක මෙන්ම වියන් බැඳ ඇති පුස් වැල්, විෙශ්ෂත් ඒ වගේම ගොඩපර, ගොරක, කැන්ද, කැටකෑර වැනි ශාක විශේෂත් මේ වන දහනේ උප්පත්තිය ලබා තිබෙනවා. මේ කවුරැ කවුරැත් අහස දිහා බලාගෙන ඉන්නේ හිරැ එළියේ රන්වන් මිහිර විඳගන්න වුණත් මේ පොළව හිරැ එළියේ උණුහුමට වඩා විඳගන්නේ සීතල. මේ මහා වනන්තරයේ පහළ බිම් ස්ථරය හීන් කෙන්ද, හීන් කැබැල්ල, බෝවිටියා, බළල් කඳුරැ, දිය කඳුරැ වගේ ශාකවලින් පොහොසත්ව තියෙනවා.
මුල් යුගයේ කඳුලැස්ස, වටරුස්ස, නිල් මොනරුස්ස, බාඳුරැ වගේ ශාක මෙහි තිබී ඇතත් දියපර කියන ආක්‍රමණික ශාකය නිසා ඒ උරැම අද මේ වන දහනයට අහිමිව ගිහින්. අද වෙද්දී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විල් මුවන් ව්‍යාපෘතියකුත් මෙහි ක්‍රියාත්මකයි. ඒ විල් මුවන් හෙට දවසේත් උරැමයක් බවට පත් කිරීමේ අරමුණින්.
වනජීවී රක්ෂිතයන් හඳුන්වන්නේ මෙන්න මෙහෙම නිර්වචනයකින්
&මහජන යහපත සඳහා හේතු වන කිසියම් පාරිසරික පද්ධතියක් දිගු කාලීනව ආරක්ෂා කිරීම වන සත්ව සහා වෘක්ෂ ලතා ආඥා පනත යටතේ ගැසට් නිවේදනයක් මඟින් නිශ්චිතව මායිම් දක්වා ප්‍රකාශයට පත් කරන ලද භූමියකි* යන්නයි.
එහෙම කීවම ඔයාට තේරෙනවනේ ඔයා සංචාරකයෙක් විදිහට මේ වන උද්‍යානය බලන්න ගියාම ඔයාටත් මොනතරම් ලොකු යුතුකමක් තියෙනවද කියලා ගහකින් කොළක් කඩන තරම් වැරුද්දක් මේ පරිසරයට නොකර ඉන්න. නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන්දෙන බෝධිසත්ව කුලේ සප්‍රාණිකයෙක් තමා ගසක් කියන්නේ.
වනාන්තර වූ කලී ස්වකීය පැවැත්ම සඳහා කිසිවක් නොඉල්ලන්නා වූද, තම ජීවි ක්‍රියාවලියේදී සිය නිෂ්පාදනයන් ඉතා පරිත්‍යාගශීලී, අනුන්ට ප්‍රදානය කරන්නා වූද අසීමිත අනුකම්පාවකින් හා පරිත්‍යාගශීලී භාවයකින් යුක්ත වූ අපූරැ ජීවියෙකි. හෙතෙම සියලු ජීවීන්ට රුකවරණය සලසයි. රැදුරැ පොරොව පහරින් සිය විනාශය සලසන්නාට පවා සෙවණ සලසාලයි. බුදුන් වහන්සේ ඒ විදිහට වදාළේ ඒ නිසා.
හොරගොල්ල ජාතික වන උයන විඩාබර හදවතකට එක්කරන අස්වැසිල්ල සුවිසල්. ඉඩක් තිබුණොත් ඔයත් ගිහින් එන්න. එන ඉරිදත් Walk 111 එක්ක අපි යමු කොහේ හරි ගිහින් එන්න.
Text -Saara / Pic- Channa Kassapa Koralearachchi