රූටමින් පනිමින් ගඟ දිගේ ගමනක්
දෙවියන් වහන්සේ හිටියේ සතුටින් කියලා මට හිතුණා. වැස්ස ඈතකට ගිහින් තිබුණ හැන්දෑ අහස පුරා රත්තරන් කුඩු විසිරෙව්වා වගේ. අහස ළා රන් පැහැයකින් දිලිසුණා. ඒත් තවමත් පොළොව තෙතයි. ඒ උදෑසන වැස්ස වැස්සේ ශේෂය... ඒත් දැන් දෙවියන් වහන්සේගේ ඇස්වල කඳුළු නෑ..... ඒ හැන්දෑවේ අපි හිටියෙ කිතුල්ගල. ඔයාට මතක නේ අපි ඔයාට පොරොන්දුවක් දුන්නා... මේ සතියෙත් ඔයාව කිතුල්ගල කැලණි ගඟ දිගේ එක්ක යනවා කියලා... කියන්න අමතක නෑ නේද ගිය ඉරිදා අපි WATER RAFTING ගියා කිතුල්ගල. TEAM 39 එක්ක. කොහොම අමතක වෙන්නද නේද? රවී ජයරත්නතගේ TEAM 39 STAFF එකේ මධුෂ් සහ වාසනා එක්ක ගිය අපේ Walk 111 EXPERiENCE එක. එදා WATER RAFTING ගිහින් අපි එද්දී හොඳටම හැන්දෑවෙලා....
කාලා යනවද? නැත්නම් ගිහින් ඇවිත් කනවද?
රවී ඉල්ලුවෙ උත්තරයක්....
ගිහින් එමු... බඩගින්න නෙවෙයි අපිට දැනුණේ තවත් පැය කිහිපයක් වතුරත් එක්ක ගෙවන්න ඇත්නම් කියන සිතුවිල්ල...
ගිය සතියේ ඔයාව WATER RAFTING එක්කරගෙන ගිය අපි මේ සතියෙ ඔයාව එක්ක යන්නෙ තවත් අලුත්ම අත්දැකීමකට. කිතුල්ගලින් ගලායන කැලණි ගඟ දිගේ ඔයත් එක්ක කැනිෙයානින් යන්න තමා ඔන්න අපි ලෑස්ති වෙන්නෙ. සරලවම කියනවනම් කැනියොනින් කියන්නෙ රෑටමින්, පනිමින්, කඹ ආධාරයෙන් නගිමින් බහිමින් බඩගාමින් ගඟ තරණය කිරීමයි... කැනියොනින් යන්න අපිත් එක්ක ආවෙ රවීගෙ TEAM 39 STAFF එකේ පීටර්...
පුංචි කැලයක් මැද්දෙන් පුංචි පුංචි කඳු නගිමින් බහිමින් ගස්වල අතුවල එල්ලීගෙන සීතල පොළොවෙ කූඩැල්ලන් එහෙම ඉන්නවාදැයි පිරික්සමින් අපි පීටර් එක්ක සෑහෙන දුරක් ගියා කැලණි ගඟ මුණගැහෙනකම්. මතකනෙ ඔයාට අපි ගිය ඉරිදා කීවා වැස්සත් එක්ක එදා කැලණි ගඟේ වතුර හුඟක් වැඩි දවසක්.
අපි ගඟේ උඩ ඉඳන් පල්ලෙහටම යන්න ඕනෑ... හැබැයි ගල් උඩින් ඇවිදගෙන ඇවිදගෙන යන්න බෑ... ගඟ දිගේ රෑට රෑටා Jump කර කර තමා ගඟේ පල්ලෙහාට යන්න ඕනෑ... එහෙම කීව පීටර් දිය සීරාව දිගේ රෑටන්න පටන් ගත්තා... අපිත් ඒ දිය කඳ අස්සෙ රෑට රෑට ටික දුරක් ගියා.
එහෙම යද්දී හම්බුණේ ටිකක් ලොකු ගලක්... ඊට ටිකක් දුරින් ලොකු වතුර වළක්. පීටර් එක පාරටම ඒ වතුර වළට පැන්නා.
මෙන්න මෙතන ගලක්... ඒ ගලේ වැදෙන් නැතුව හරියටම මෙතෙන්ට පනින්ට... හදවත ඩග් ඩග් ගාද්දී ජබුක් ගාලා එකා පිටිපස්සෙ එකා අපි පැන්නා වළට. ඊට පස්සෙ ආයෙත් ටිකක් දුර රෑටගෙන ගියා. ඊළඟට පීටර් එක්ක අපි ලොකු වතුර පාරක් දිගේ රෑටගෙන ගිහින් ලොකු වතුර වළකට පැන්නා... ඒ වතුර පාර කොච්චර සැරද කියනවනම් අපි සීතලට වෙවුලන්න පටන් ගත්තා... ඒත් වතුර අත්හැරලා ගොඩට එන්න හිතෙන්නෙම නෑ... ඔහ්... දෙවියන් වහන්සේ සිහිපත් වුණේ ඊළඟ මොහොතේදී... සැර වතුර පාරක මුණින් අතට ලිස්සලා ගිහින් මුණින් අතටම වතුර වළකට පනින්න ඕනෑ... ඊළඟට ඒ වතුර වළ කෙළවර පහළට ගලාගෙන යන ඊළඟ වතුර පාරෙ රෑටගෙන ගිහින් තවත් වතුර වළකට වැටෙන්න ඕනෑ... තව ඉවර නෑ. ඊට පස්සේ උස ගලක් උඩට නැගලා ආයෙත් වතුරට පනින්න ඕනෑ... වතුර වලට පිටුපස හරවගෙන ඉඳලාත් ඒ විදිහටම පනින්න ඕනෑ... පුංචි බයක් හිතට දැනුණත් අවසානයේ හිත ළඟ ඉතුරැවෙන සතුට නම් වචනයෙන් කියන්න බැරිතරම්. මේ විදියට පනිමින් රෑටමින් බඩගාගෙන අවසානෙදි අපි ගියා ගඟේ උඩ ඉඳන් පල්ලෙහාටම. Team 39 කියන්නෙ වගකීමෙන් හොඳ පළපුරැද්දක් ඇතුව මිත්‍රශීලී සේවයක් ලබාදෙන team එකක් නිසා බය හිතන්න දේකුත් නෑ.
මොකද කියන්නෙ... ඔයාලත් යමුද කිතුල්ගල. Team 39එක්ක. Water Rafting ගිහින් කැනියොනින් ගිහින් හිත සැහැල්ලු කරගෙන අමතක නොවෙන මතක අහුරකුත් අරන් එන්න පුළුවන්... අපි ආවෙත් ආයෙමත් යන්න හිතගෙන... ඒ රවිත් එක්කම තවත් පුංචි Travel එකක්. ගිහින් ඇවිත්ම ඒ ගැනත් දවසක කියන්නම්කො.
Text -Saara / Pic -Channa Kassapa Koralearachchi