කේක් කන්න කොළඹ අවට ජොයින්ට් 7ක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කේක් නොකන මිනිසුන් බොහොමයකගෙ හේතුව වෙන්නෙ අකමැත්ත නොව බය කියන කාරණයයි. ඒ සීනි නිසා ඇතිවන ලෙඩ රෝග නිසායි. සීනි සහ නෙකුත් ලෙඩ රෝග අමතක වෙලා යන තරමෙ රසක් තියෙන කේක් කන්න කොළඹ අවටින් ජොයින්ට්7ක් මේ විදියට ගේන්නෙම ඒ නිසායි. මේ කියන කේක් කඩ 7ම කේක්වලට අතිශ්‍ය ප්‍රසිද්ධ සේම කේක් වෙනුවෙන්ම වැඩි ඉඩක් වෙන්වුනු කඩ. තෝරාගත් සමාජයක් තුළ හැරෙන්නට අප්‍රසිද්ධ මේ කඩ 7 එකම වගේ ඉහළ ගුණාත්මකබවකින් යුතු කේක් ලබාදෙන බව නම් සැකයකින් තොරව පැවසිය හැකියි.

 

The Cake Factory

 

2018-04-05-ent-35

 

කොල්ලුපිටියෙ තියෙන මේ කේක් කඩේ කේක්වලට අති ප්‍රසිද්ධයි. චොකලට් කේක්වල නියම චොකලට් ගතිය තියෙනවා වගේම චොකලට් ප්‍රේමීන්ට චොකලට් මඩ් කේක් එකත් නියමෙටම ගැලපෙනවා. හමිංබර්ඩ් කේක් එකත් අති ජනප්‍රියයි. ඒ වගේම කප්කේක් ලෝලීන් මෙතන අනිවාර්ය අවන්හලක් විදියට භාවිතා කරනවා. රෙඩ් වෙල්වට් කේක් එකට උඩින් ක්‍රීම් චීස් ෆ්‍රොස්ට් එක දාපු කප් කේක් එක අති ප්‍රසිද්ධයි. ඒ වගේම හැම කප් කේක් එකක් වගේම රසයි. කවුරුත් නොහිතන වැනිලා කප් කේක් එක පවා. නියම සොෆ්ට්. සීනි රසක් මහ ලොකුවට නැති, නියම රස කේක්. ආයෙ ආයෙ වියදං කරන්න සල්ලි නැත්තං චීස් කේක් කාලා හිත රිද්දවගන්න එපා!

 

2018-04-05-ent-29

 

Cake Whisperer

 

2018-04-05-ent-34
 

කිරුලපනට කිට්ටුවෙන් තියෙන මේ කඩේ දේවල් දෙකකට ප්‍රසිද්ධයි. ඒ තමයි කප් කේක්. අනිත් දේ තමයි ඔබේ අවශ්‍යතාවය අනුව ඔවුන් සාදන බර්ත්ඩේ කේක්. නියම ලස්සන කලාකාමී වැඩ තියෙන බර්ත්ඩේ කේක් එකක් මෙතනින් හදාග්න් පුළුවන්. ඒ වගේම කප් කේක්වලට මෙතන අති ප්‍රසිද්ධයි. වැනිලා කේක් එක නියම වැනිලා රසින් අනූනයි. චොකලට් චිප් පුරෝපු චොකලට් කප් කේක් එකට තමයි වැඩිම පිරිසක් මනාප. ඒ හැරෙන්නට ඔබ කෝපි ලෝලියෙකු නම් ඔවුන්ගේ කොෆී කප් කේක් එකට ඔබට අතිශය රසවත් වේවි.
 

2018-04-05-ent-29

 

Yumi Cake

 

2018-04-05-ent-33

 

කොල්ලුපිටියෙ ග්ලෙන් ආබර් පාරෙ තියෙන මේ කේක් කඩේ සොෆ්ට් කේක් කන්න කියාපු තැනක්. නමේ හැටියටම මෙතන ප්‍රකටම ආහාරය වෙන්නෙ ඩෙත් බයි චොකලට්. ඒ වගේම රෙඩ් වෙල්වට් කේක් එකත් ඉහළින්ම තියන්නට හැකියි. සුප්‍රකට ෆෙරේරෝ රොෂ’ චොකලට්වලට හිතැති උදවියට මේගොලොන්ගෙ Ferrero Rocher කේක් එක කදිමෙට ගැලපෙනවා. කේක් ලෝලීන් අතර රෙඩ් වෙල්වට් කේක් එකට පසු ප්‍රකටම කේක් වර්ග දෙජාතිය වන බ්ලූබෙරි චීස් කේක් සහ චොකලට් ඇන්ඩ් මින්ට් කේක්, Yumi Cake තුළින් රසවිඳිය හැකියි.
 

2018-04-05-ent-29

 

The English Cake Company - The Cakery


2018-04-05-ent-32

 

හැවුලොක් ටවුන් එකේ තියෙන කේකරි කේක් කඩේ ගනං ටිකක් විතර වැඩි වුනත් රසට කේක් කන්න, කේක් කකා කැපුචිනෝ බොන්න, වෙනස් වෙනස් කේක් ජාති කන්න, පැෂන්ෆෘට් කේක් කකා පැෂන් ෆෘට් ජූස් බොන්න, අතිශය රසවත් කට ඇතුළෙදි ගිලින්න ලෝබ හිතෙන චීස් කේක් කන්න නියම ප්ලේස් එකක්. කේක්වලටම නම හැදිලා තිබුනට පැස්ටා වගේ ජාතිත් තියෙනව. පොඩ්ඩෙක් එක්කගෙන යනවනං ප්ලේ ඒරියා එකකුත් එතනම තියෙනවා. පෑන් කේක්, වොෆල්ස් වගේ දේවලුත් තියෙන නිසා හොඳ විවිධත්වයක් එක්ක ආහාර ගන්නට පුළුවන්.

 

2018-04-05-ent-29
 

Sponge

 

2018-04-05-ent-31

 

කොල්ලුපිටියෙ ගාලුපාරෙ තියෙන මේ කඩේ බේකරි අයිටම්ස්වලට අති ප්‍රසිද්ධ වෙන්නෙ එහි නම වගේම කෑමත් ස්පොන්ජ් වගේ නිසා. පෆ්, පේස්ට්‍රි වගේම සේවරි අයිටම්ස් නිසාත් මෙතන ප්‍රසිද්ධ වුනත් මෙතන ප්‍රසිද්ධම කේක්වලට. රෙඩිමේඩ් කේක් වර්ග ඒ වෙලාවෙ අරගෙන යන්න පුළුවන් වගේම බර්ත්ඩේවලට ඔබට හිතැති ඔබට රිසි සහ රසැති අයුරින් කේක් වර්ගසකසා ගන්නත් පුළුවන්. චොකලට් ෆජ් කේක් එක වගේම කොෆී කේක් එකත් රස අතින් ඉහළයි. චීස් කේක් වෙත වැඩි අවධානයක් දිය යුතුමයි.

 

2018-04-05-ent-29
 

Butter Boutique

 

2018-04-05-ent-30

 

කොල්ලුපිටියෙ තියෙන බටර් බුටීක් කියන කේක් කඩේ නම දැකපු ගමන් තේරෙනවා බටර් වැඩ කෝටියයි කියල. නියුටෙලා පිරිලා තියෙන නියුටෙලා කේක් එක තමයි අංක එක. රස නහර පිනා යන බ්‍රවුනීස් වගේම බටර් කැරමල් කේක් එකත් රසින් ඉහළයි. ඒ වගේම රෙඩ් වෙල්වට් කේක් එකටත් වැඩි මනාපයක් හිමි වෙනවා. වැඩි පැණි රසක් අකැමති අයට ඩාක් චොකලට් කේක් එක රෙකමදාරු කිරීමේ හැකියාවක් තියෙනවා වගේම ටිකක් පැණි රස වැඩි වෙන්න හදපු හොට් චොකලට් එක අනිත් පිරිසට රෙකමදාරු කළ හැකියි. ගෙදර ගේන කේක් ටික දවසක් තියලා කද්දි වුනත් මුල් සොෆ්ට් ගතියම තියෙන නිසා ඒක ෆ්‍රිජ් එකේ කොලිටියම නෙමෙයි කියල තේරුම් ගත යුතුයි.

 

2018-04-05-ent-29


Bakes by Bella

 

2018-04-05-ent-28

 

මිනිස්සු ආසම කරන විදෙස් රසකැවිලි දෙකක් වුනු නියුටෙලා සහ ඔරියෝ දාපු චීස් කේක් එක නියම රස කෑමක් විදියට බේක්ස් බයි බෙලා එකෙන් ගන්න පුළුවන්. කොල්ලු පිටියෙ තියෙන මේ කඩෙන් ෆජ් බ්‍රවුනි ෂේක් එකක් බීලා බැලුවොත් නියම රසක් දැනේවි. රෙඩ් වෙල්වට් කේක් සහ බ්‍රවුනී තට්ටුවලින් හැදිච්ච කේක් එකට ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් නියමෙට සෙට් වෙනවා. වොෆල්ස් රසින් ඉහළයි වගේම මේ තැනත් ගැවසෙන්න කදිම තැනක් බව කිව යුතුමයි. ගොඩක් අය ආසා නොවන රසයක් වන බටර්ස්කොච්වලට ආසා හිතෙන රසක් බටර්ස්කොච් කේක් එකෙන් සොයාගත හැකියි.

 

Text – The Rattle Snake

Photos – zomato.com/ The Lord Google