රස කෑමක රස බලන්න - අපේ Café වාඩි වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල තියෙන්නෙ පුදුම රස්නයක්. හරියට නිකං ඉරට හැතැප්මයි වගේ. එහෙමයි කියලා අලුත් Café එකක් Try කරන්නෙ නැතුව ඉන්න බැහැනෙ. ඒ හින්දා ගිනිමද්දහනෙම අපි ගියා අලුත් Café එකක් හොයාගෙන. මේකෙ නම %අපේ Café.^ කොළඹ සිට එනවා නම්, මුලින්ම තිඹිරිගස්යාය හන්දිය පහුකරලා පාර්ක් වීදියට ඇවිත් මීටර් 50ක් විතර එද්දි දකුණු පැත්තේ මෙය පිහිටා තිබෙනවා. පෙනුමෙන් තරමක පුංචි Café එකක් වුණත්, නිදහස් වටපිටාවක් තිබෙන නිස්කලංකව කෑම ටිකක් කාලා එන්න පුළුවන් තැනක් තමයි මේ Café එක.

අපි මුලින්ම Oder කළේ ​​Iced Coffee එකයි, Orange Juice එකකුයි. ඒක බිව්වාම තිබහ කොහෙන් ගියාද නැහැ. %අපේ Café^ එකේ Short Eats විදිහට Buns, Cutlets, Patties, Chinese Rolls, Pastry Items, Sweets වර්ග තියෙනවා. %අපේ Café^ එකේ Set Menu විදිහට Ape Nasi Goreng, Chicken Pesto Fetuccine, Ape Special Buriyani, Ape Chicken Burger, Ape Chicken in a basket වගේ ගොඩක් Dishes තියෙනවා. ඉතින් දවල් කෑමට අපි Oder කළේ Ape Nasi Goreng එකයි, Ape Chicken in a basket එකයි, Ape Chicken Burger එකකුයි. අපි මුලින්ම රස බලන්න පටන්ගත්තේ Chicken Burger එක. ඒකෙ නම් රස ගානට. Half boiled egg එක නිසා රසය දෙගුණ තෙගුණ වෙනවා. ඒකත් එක්ක ලැබෙන Potato Wedges හරිම Fresh. ඒ වගේම නාසිගුරාන් එක මැටි පිඟානක තමයි පිළිගන්වන්නේ. Ape Chicken in a basket කියන්නෙත් හරිම රස Dish එකක්. මේ Dish එකත් එක්ක Bun වගේම, Garden vegetable salad එකත් ලැබෙනවා. විශේෂයෙන්ම salad වර්ග මේ අය Store කරලා තියාගන්නෙ නැහැ. Customer කෙනෙක් ආවාම ඒ වෙලාවෙම තමයි හදලා දෙන්නේ. මේ නිසා හරිම නැවුම්ව කෑමට ගන්න පුළුවන්. %අපේ Café^ එකේ විවිධ කේක් වර්ගත් තිබෙනවා. Apey Iced Ribbon Cake, Apey Coffee gateaux, Batton Burge Cake ඒ අතරින් කිහිපයක්.

%අපේ Café^ ආරම්භ කරලා තිබෙන්නේ 2018 අවුරුද්දේ දෙසැම්බර් මාසෙ. “අපිට මුලින්ම ඕනෙ වුණේ අපේ කියලා ‍Food Brand එකක් ලෝකෙට ගෙනියන්න. අපේ ගොඩක් Dishes Sri Lankan Style යන ඒවා.”

අපිත් එක්ක කතාවට එකතු වුණු %අපේ Café^ හිමිකරු ශශී මොහොට්ටි මහතා අප සමග එසේ පැවසුවා. ඔහු තවදුටත්,

“අපි ඉදිරියේ දී Sri Lankan Pizza එකක් Introduce කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. %අපේ Café^ එකට වැඩිපුරම එන්නේ තරුණ ළමයි. ඒ වගේම එයාලගේ ප්‍රතිචාර ඉහළයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කැමති පොඩි Snack එකක් අරන් යාළුවොත් එක්ක නිදහසේ කාලය ගත කරලා යන්න. ඒ හැමෝම Café එක ගැන හොඳ ප්‍රතිචාර දක්වනවා. අපේ සූපවේදීන් පවා තරු පන්තියේ හෝටල්වල අත්දැකීම් තියෙන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. මෙහි තිබෙන වැදගත්ම දේ තමයි ඉතාම පිරිසුදුව, ආරක්ෂාකාරීව, රසවත් කෑමවේලක් පාරිභෝගිකයන්ට ලබාදීම.

%අපේ Café^ එක සතියේ සෑම දිනකම උදෑසන 7.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘතව තිබෙනවා. එකවර මෙහි 22 දෙනෙකුට පමණ අසුන්ගෙන කෑම ගන්න පුළුවන්. ඒ වගේම Mini Party එකක් Organize කරගන්නත් මෙතන හොඳටම ඉඩපහසුකම් තිබෙනවා. ඉතින් ඔබටත් පුළුවන් විවේකයක් තියෙන වෙලාවක හැව්ලොක් ටවුන් එක පැත්තේ ගිහින් %අපේ Café^ එකට ගොඩවෙන්න.

 

දුරකථන අංකය - 076 1100100

සටහන - නදීශානි ගමගේ

ඡායාරූප - දුලිත ශ්‍රීනාත්

 

2019-07-08-ent-1084 2019-07-08-ent-1085 2019-07-08-ent-1086 2019-07-08-ent-1087 2019-07-08-ent-1088 2019-07-08-ent-1089 2019-07-08-ent-1090 2019-07-08-ent-1091 2019-07-08-ent-1092 2019-07-08-ent-1093 2019-07-08-ent-1094 2019-07-08-ent-1095 2019-07-08-ent-1096