රන් සෙම්බුවක් මතු වූ 'සෙම්බුවත්ත’
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන මේ පුංචි දිවයිනේ සොබාව ධර්මයා විසින් නිර්මාණය කරන ලද සිත් වසඟ කරවන සුළු නමුත් එතරම් ප‍්‍රසිද්ධියක් නොඋසුලන තැන් කොපමණ නම් තිබේද? එවැනි තැනක් සොයා ගිය ගමනක අවසානයේ අපි, මාතලේ දිස්ති‍්‍රක්කයේ පිහිටා තිබෙන ඇල්කඩුව වැවිලි සමාගමට අයත් භූමි ප‍්‍රදේශයකට පා තැබුවෙමු.
"සෙම්බුවත්ත" නම් වන මෙම ප‍්‍රදේශය, කඳුකර තේ වතුයායකින්, රූස්ස ෆයිනස් වනාන්තරය මධ්‍ය සොබා අලංකෘත වූ අඩි 35 ගැඹුරැති "සෙම්බුවත්ත වැව" එම ප‍්‍රදේශයේ සංචාරකයන්ගේ හදබැඳගනිමින් ගලායයි.
යටත්විජිත සමයේදී ඉංගී‍්‍රසීන් මෙහි තේ වගාව ආරම්භ කළ අතර, වැව අවට ප්‍ර‘දේශයේ එකළ සුදු ජාතිකයන්ගේ පෝලෝ ක්‍රීඩාංගණයක් ලෙස භාවිත කර තිබේ. නමුත් ‘සෙම්බුවත්ත’ වතුයායට යාබදව 1949 වසරේදී තේ කම්හලක් ඉදිවූ අතර, එයට විදුලිය ලබාගැනීමේ අරමුණෙන්, පෝලෝ කී‍්‍රඩාංගණය තුළ වැවක් නිර්මාණය කර තිබේ.
එම තේ කම්හල වසා දමා මේ වනවිට වසර 20 ක් පමණ ගෙවී ඇතිමුත්, ඒ අවට ගොඩනගා තිබෙන නිවාසවලට තවමත් විදුලිය සැපෙයෙන්නේ මේ වැවෙනි.
මෙම තේ කම්හල අසල තිබූ ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වූ අතර එම සෙම්බුව රැගෙන වතුයාය අනුයුක්තව සේවය කළ කංකානි ඉන්දියාවට පලා ගොස් ඇතැයිද ඔහුගේ පුත් ජල උල්පත තිබූ තැන කෝවිල කරවා ඇතැයිද ජනප්‍රවාදවල සඳහන් වේ. මෙයට "සෙම්බුවත්ත" යන නම වැටී ඇත්තේ ඒ අයුරින් බවද පුරාවෘත්ත සාක්ෂි සපයයි. මේ වන විටද ‘සෙම්බුවත්ත’ නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට එම කෝවිලේ නටබුන් දැකගැනීමට අවස්ථාව තිබේ.
කලයාගේ ඇවෑමෙන් සෙම්බුවත්ත එහි ජීවත්වන්නන්ට පමණක් සීමාවන අතර, 2005 වසරේදී මෙම වතුයාය භාරව කටයුතු කළ වතු අධිකාරී රැඩ්ලි දිසාගේ මහතාගේ සංකල්පයකට අනුව ක‍්‍රම ක‍්‍රමයෙන් ‘සෙම්බුවත්ත’ වැව සහ ඒ අවට ප‍්‍රදේශය නිසි ආකාරයෙන් නඩත්තුකොට, වැව අවට ගිම්හාන කුටි සහ නාන තටාකයක් ඉදිකර මෙම ස්ථානය සංචාරකයන් අතර ප‍්‍රචලිත කිරීමට කටයුතු කර තිබේ. පසුව මෙම ස්ථානය නැරඹීමට, විනෝද වීමට පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයන්ගෙන් යම් අයකිරීමක් කර ඉන් ලැබෙන ආදායම මෙහි නඩත්තු කටයුතු සඳහා යොදවා තිබේ.
මේ වනවිට වැව අවට ගිම්හාන කුටි 10 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර තිබෙන අතර, අවශ්‍ය නම් රාත‍්‍රියක් ගත කිරීමටද වෙන්කර ගත හැකිය. තවද ළමුන්ට කී‍්‍රඩා කිරීම සඳහා වෙනම ස්ථානයක් ඉදිකර තිබෙන අතර, එම පරිසරයේ අසිරිය නැරඹීමට අවශ්‍ය පුද්ගලයින්ට වැව වටා යාම සඳහා මේ වන විට එහි බෝට්ටු සේවාවක්ද ආරම්භ කර තිබේ.
වැව අසල ඇති නාන තටාකයද අඩි 5 ක පමණ ගැඹුරකින් සමන්විත වීම නිසා ඕනෑම අයෙකුට එහි දිය නෑමට හැකියාව තිබේ. උල්පත්වලින් එන ජලයෙන් නාන තටාකය පෝෂණය වන අතර, එහි ජලය අධික ශීතලෙන් යුක්ත නිසා වැඩි වේලාවක් දිය කෙළීමට නුසුදුසු නම් කිව යුතුමය.
රාති‍්‍රය ගත කිරීම සඳහා නිවාඩු නිකේතනයක් තිබෙන අතර, මීට පෙර මෙම නිවාඩු නිකේතනය "සෙම්බුවත්ත" සහකාර වතු අධිකාරිවරයාගේ නිලනිවස ලෙස භාවිත කර තිබේ.
නිවාඩු නිකේතනයේ නවාතැන් ගැනීම සඳහා 066-3682459, 066-4935767 සහ 066 4935768 යන දුරකථන අංක ඔස්සේ ඇල්කඩුව තේ වතු යායේ කාර්යාල සේවකයන් ඇමතීමෙන් වෙන්කරවාගත හැකි අතර, නවාතැන් ගන්නා අයගේ ආහාර පිළියෙල කරගැනීම සඳහා කෝකියෙක්ද එහි සිටියි.
මෙම ප්‍ර‘දේශය ටෙලිනාට්‍ය මෙන්ම රූප රචනා සඳහාද යොදා ගන්නා මනරම් වූ දසුන්වලින් පිරී ස්ථානයක් බව කිවය යුතුමය.
මෙහි සුන්දරත්වය විඳීමට එන විදෙස් සංචාරකයන් අතර වැඩි වශයෙන් අරාබි ජාතිකයන් දැකිය හැකි බව මෙහි වත්මන් වතු අධිකාරී මුදිත ද සිල්වා මහතා සඳහන් කළේය. මෙහි එන බොහෝ විදේශිකයන් මෙරටට ඒමට පෙර සිටම ඔවුන්ගේ සංචාරයේ එක් අංගයක් ලෙස අන්තර්ජාලය ඔස්සේ මෙම ස්ථානය තෝරාගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
මහනුවරට පැමිණෙන අයෙකුට කටුගස්තොට පසුකර වත්තේගම හරහා ඇල්කඩුවට පැමිණීමෙන් "සෙම්බුවත්ත" ට ළඟාවිය හැකි අතර, මාතලේ සිට පැමිණෙන අයෙකුට උකුවෙල හරහා ඇල්කඩුවට පැමිණීමෙන් මෙහි සංචාරය කළ හැකිය. ඔබට මේ පිළිබඳව www.sembuwaththalake.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය. සටහන සහ ඡායාරූප
ශානුක අරවින්ද