යුද්දේ කාලෙ සුද්දො පැදපු JEEP එකෙන් FUN ගමනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-29-ent-23

ඉතින් ලෑස්තිවෙන්න.. ඔන්න අපි අද ඔයත් එක්ක යන්නේ හරිම FUN TOUR එකක්. යන්නේ කා එක්කද දන්නවද? COLOMBO BY JEEP එක්ක. COLOMBO BY JEEP කොළඹ වටේ ලස්සන තැන් විසිදෙකකට ඔයාලා එක්ක යනවා. ඔයාගේ CHOICE එක අනුව යන්න ඕනෑ කොහාටද? කී දෙනෙක් ඔයත් එක්ක යනවද? ගාණ කීයද මේ හැමදේම ඔයාට නිශාන්තත් එක්ක කතා කරගන්න පුළුවන්. ඒ හින්දා ඔන්න ඒ ගැන අපි වැඩිය කියන්නෙ නෑ. අපිට ඕනෑ ඔයත් මේ යුද්ධ කාලේ යුද්ධ කරපු ජීප් එකෙන් නියම TOUR එකක් එක්ක යන්න...

 

හරි අපි යමු...

Travel of the week PHOTOGRAPHER චන්නට නිශාන්තත් එක්ක ජීප් එකේ ඉස්සරහ සීට් එකේ යන්න කියලා වහලයක් නැති ඒ අපූරැ ජීප් එකේ පිටිපස්ස සීට් එකට මම ගොඩ වුණා.

විනාඩියක් මට දෙනවද?

ගමන එක්ක යන්න ඉස්සර ඔයාට නිශාන්ත... නිශාන්ත අබේසේකරගේ මේ ජීප් ගැනත් චුට්ටක් කතා කරන්න ඕනෑ කියලා මට හිතුණා.

USA 20737160 ඒ තමා නිශාන්ත ළඟ තියෙන ජීප් වලින් පරණම ජීප් එක. ඒක ෆෝඩ් විලිස් ජීප් එකක්. නිෂ්පාදනය කරලා තියෙන්නේ 1942දී. 2වැනි ලෝක යුද්ධය කාලේ අමෙරිකානු යුදහමුදාව වෙනුවෙන් ෆෝඩ් සහ විලිස් කියන COMPANY දෙක එකතුවෙලා තමා මේ ජීප් එක නිර්මාණය කරලා තියෙන්නේ. අමෙරිකාව 2 වැනි ලෝක යුද්ධය ජයගන්න ජර්මනියේ හිට්ලර් පරාජය කරන්න යුද්ධය මෙහෙයවද්දී පෙරමුණටම ගියා කියන්නේ ෆෝඩ් විලිස් ජීප් එකකින් තමා.

අනිත් ජීප් එක එංගලන්තයේ එකක්. ලෑන්ඩ් රෝවර් වර්ගයට අයත් මේ ජීප් එක ලෝකයේ ප්‍රථමයෙන්ම නිෂ්පාදනය කළ ලෑන්ඩ් රෝවර් වලින් එකක්. LAND ROVER SERIES 1 EARLY VERSION කියන කාණ්ඩයට තමා එයා අයිති. මේක හරි විශේෂයි. ඒ ජීප් එකේ ඉස්සරහ ලයිට් දෙක තියෙන්නේ යකඩ දැලෙන් ඇතුළට වෙන්න. ඉතින් රූට යද්දී පොඩි පොඩි case මොකද ලයිට් එළිය මදි.

හැබැයි මේ ජීප් එක NUMBER 01 කියලා තමා මට නම් හිතෙන්නේ. තාරැකා එළියට වඩා වැඩි එළියක් විහිදුවන නිසා කළුවරේ ගමන් බමින් වලට එයා එච්චර FIT නොවුණත් ඇවිදලා ඇවිදලා පොඩි RELAX එකක් ගන්න නවත්වපු වෙලාවට මෙයා නියම MAGIC එකක් පෙන්වනවා. JEEP එක මොහොතකට මේසයක් වෙනවා. අර ලයිට් දෙක ආවරණය කරන ෙෂල් එකෙන් පුළුවන් BBQ READY කරගන්න. ජීප් එකේ ඉදිරිය පොඩි SHOT එකක් ගන්න අයිස් කැට බඳුනක් තියලා බෝතල් වීදුරැ තියලා ලෑස්ති කරගන්න පුළුවන්. අැත්තමයි එය හරිම පුංචි මේසයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්.

අනිත් ජීප් එකත් දෙවැනි ලෝක යුද්ධ කාලයේ සතුරැ ප්‍රහාරවලට යොදාගත් විලීස් වර්ගයේ MB කාණ්ඩයට අයත් ජීප් එකක්.

මේ වයසක ජීප් අත්තලාට වඩා පොඩ්ඩක් වයසින් අඩු එක්කෙනෙකුත් ඉන්නවා. එයා CJ5 මිලිටරි වර්ෂන් එකට අයත්. 1948-49 නිෂ්පාදනය කරලා තියෙන්නේ. අනිත් එක එයා හුඟාක් ප්‍රසිද්ධයි. ඇයි දන්නවද චක්නොරිස් කියන ලෝක ප්‍රකට නළුවා එයාගේ HIT වෙච්ච FILM කීපයකටම මෙයාව USE කරලා තියෙනවා.

ඉතින් නිශාන්තත් එක්ක අපි ගියේ අර BBQ පාටි එකකට පොඩි ෂොට් එකක් එක්ක සෙට් වෙන්න. TABLE එකක් විදිහට USE කරන්න පුළුවන් ජීප් එකේ. අපි යන්න පිටත් වුණේ අත්තිඩිය කුරැලු රක්ෂිතයට. එදා ඉරිදා හැන්දෑව. බැහැගෙන යන ඉරේ එළියෙන් දම්පාට වෙච්ච ඒ ඉරිදා හැන්දෑවේ අපි ජීප් එකට නැග්ග ගමන් නිශාන්ත කීවේ කාලා නැත්නම් කාලම යමු කියලා. නිශාන්ත අපට කන්න යමු කීවේ එයාගේ FRIED RICE කඩේට. කොළඹ 02 අපේ විජය පුවත්පත් සමාගම තියෙන හරියෙම තමා නිශාන්තගේ මේ අමුතු FRIED RICE කඩේ තියෙන්නෙත්. තෙල් කඩේ කීවම, හොදි ඕන්නෑ කීවම, දුප්පතාගේ හිතවතා කීවම ඒ අමුතු FRIED RICE කඩේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්. සුදුළුණු, කරපිංචා, සේර, ගෝවා, ලීක්ස්, කැරට්, සෝස් වර්ග හා රසකාරකත් මේ බත් එකට දානවා. හැබැයි දාන දෙයක් දාන්නේ එළියට අපට පේන්න. ම්... ම්... සුවඳ ගැනනම් කියලා වැඩක් නෑ... කලින් හොටෙල් රස්සාවක් කරපු නිශාන්තගේ FRIED RICE මෙනු එකත් එයාගේම නිර්මාණයක්. එයාගේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකට කියන්නේ ක්‍රයිසීස් කියලා. ඒ ෆයිඩ් රයිස් එකටම බිත්තරයක් දැම්මාම ඒකට කියන්නේ කාගේත් සුන්දරී කියලා. බිත්තරය නොදා ගිසාට් කෑලි දෙක තුනක් බැදලා දැම්මම ඒක දුප්පතාගේ හිතවතා. ෆ්‍රයිඩ් රයිස් එකට චිකන් කෑල්ලක් බැදලා තිබ්බම ඒක හොදි ඕන්නෑ... ක්‍රයිසීස් බත් එක එතන ඉඳන් කන්න ගත්තම තව 10ක් වැඩිපුර දුන්නොත් බඩ පැලෙන්න ඕනෑ තරම් කාලා යන්න පුළුවන්. ඒක තමා මේ අමුතු FRIED RICE කඩේ ඊළඟ ආතල් එක. 10ක් දුන්නොත් බඩ පැලෙන්න කන්න පුළුවන්.

කොහොම වුණත් බත් බඩගින්නක් නොදැනුන හින්දා අපි නම් හොදි ඕන්නෑ රස බලන්න ගියේ නෑ. අපි හුරේ කියලා ගියේ අත්තිඩියට. යද්දී තැනින් තැන කීප දෙනෙක් බීලි පිත්තෙන් සහ දැල් වලින් මාළු බානවා. ඔව් කොළඹ හුඟක් තැන්වල බැදලා බයිට් එකකට එක කූරියා සීය ගාෙණ් විකුණන්නේත් මේ මාළු කියලා අපට කීවේ නිශාන්ත.

එක පැත්තකින් වතුර පිරැණු ඇළ. තව පැත්තකින් ඝණව වැඩුණු ගස් පඳුරැ. මේවා අස්සෙන් අස්සෙන් තමා අපි ගියේ. උකුස්සන් වගේම තවත් කුරැල්ලෝ හුඟ දෙනෙක් ඒ යද්දී අපට හම්බවුණා. ජීප් එකේ රෝද සද්දෙට උන් හිටු කියලා ඉගිල්ලිලා යන්නේ ඈත අහසට.

කුරැලු ලස්සන, කුරැලු ගී මිහිර අපිත් වින්ඳා. ඒත් අත්තිඩිය කුරැලු රක්ෂිතයේ අනාගත ඉරණම ගැනනම් දැනෙන්නේ දුකක්. ඒත් ඔයාව TOUR එකක් එක්කන් යන වෙලාවේ නැතුව ඒ ප්‍රශ්න ගැන වෙනමම වෙලාවක කතාකරන්න අපි හිතුවා.

 

2017-06-29-ent-35

 

නිශාන්තත් එක්ක TOUR එක යද්දී එයා අපිට නියම EXPERIENCEඑකක් දෙනවා. MANUAL වාහන එලවන්න පුළුවන්නම් ඔයාටත් පුළුවන් ඒ ජීප් එක ටිකක් DRIVE කරන්න. රක්ෂිතයට යන පටු පාෙර් අවදානම අඩුම තැනකදී අපිත් ඒ ජීප් එක DRIVE කරන්න ඉල්ලා ගත්තා.

COLOMBO BY JEEP එක්ක කොළඹ TOUR එක්ක යන්න හුඟාක් විෙද්ශිය සංචාරකයන් හරිම ආසයි. ඊට ප්‍රිය කරන දේශීය සංචාරකයනුත් ඉන්නවා. ඉරිදට එයා LOCAL TOURISTලව FREE TOUR එකක් එක්ක යනවා. සැන්ඩ්විඩ් ටිකක් හදාගෙන කෝපි එකක් එහෙම උණුවතුර බෝතලයකට දාගෙන එන්න. ගිහින් කාලා පොඩ්ඩක් RELAX එකේ පැය දෙක්ක විතර ගත කරලා එන්න පුළුවන්.

ජීවිතය කියන්නේ සංසාර සංචාරයක්. ඒ සංසාර සංචාරයේ යන ගමන් කවුද අකමැති හුස්ම තියෙනකම් ලෝකේ වටේ ඇවිදින්න. ඔහොම ඉන්න... ඊළඟ සතියෙත් අපිත් එක්ක කොහේ හරි යමු... කැමතිනම් ඊට කලින් ඔයත් නිශාන්තත් එක්ක COLOMBO BY JEEP EXPERIENCE එක විඳලම එන්න.

 

 Text -Saara / Pic -Channa Kassapa Koralearachchi  

 

2017-06-29-ent-21 2017-06-29-ent-22  SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC  2017-06-29-ent-36 2017-06-29-ent-37