යාල හන්දියේ අලිමංකඩ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-996

යාල හන්දිය, තිස්සමහාරාමයේ සිට කිරින්ද දෙසටත්, යාල වන උයන දෙසටත් තැනුණු මාර්ග දෙක සම්බන්ධ වන ස්ථානයයි. යාල වන උයනට යන සෆාරියේ ආරම්භක ස්ථානය ද වන යාල හන්දියේ විශේෂත්වය වන අලින් එහා මෙහා යන අලිමංකඩක් ද පිහිටීමය. එතැන ඉදිකළ සංචාරක හෝටලයට ‘එලිෆන්ට් රීච්’ යන නම තැබීමට හේතුව ද එයයි.

අව්වෙන් දැවෙන පාරෙන් පැමිණ එලිෆන්ට් රීච් වෙත පැමිණි විගස හිතට දැනෙන්නේ තරු පංතියේ හෝටලයකට පැමිණි බව නොවේ. වනාන්තරයකට ඇතුළු වූ බවය.

අඹ ගස්, කජු ගස්, මලිත්තන් ගස්, සියඹලා ගස්, මඟුල්කරඳ ගස්, ඇහැල ගස් වැනි විවිධ ගස්වලින් සෙවන ලද බිමේ පරණ පන්නයේ පුංචි නිවෙස් රාශියක් ද තිබේ. උයනේ තැන තැන විවිධ ඉරියව්වලින් බලා ඉන්නා අලි සහ ඇත්තුය.2019-07-08-ent-991

හුළඟ හමන්නේ මේ හැම ගහකම ආදරය පොදි බැඳගෙනය. එක සුළං රොදක් පැමිණ ගත සිත සනසා නික්ම යනු හාමතවත් හුළං රොදක් පැමිණ පවන් සලයි. මේ නිසා ගෙවෙන හැම මොහොතකම ඇසෙන්නේ සුළෙඟ් ගීතයයි. සුළෙඟ් ගීතය මොන තරම් මිහිරිදැයි මම විපිලිසර වෙමි.

පිළිගැනීමේ කවුන්ටරයේ වැතිර නිදාගත් කොටියෙකුගේ රුවකි. යාල යනු කොටින්ගේ පාරාදීසයක් බව නොකියා කියන්නට මෙනි.

මම යෝධ ඇත් නාම්බා ළඟ නතර වෙමි. කජු ගහක් යටට වී නිහඬව ඉන්නා ඌ බලා ඉන්නේ ඊට ඔබ්බෙන් සිටින වෙනත් අලි පැටවෙක් දෙසය.

මේ භූමිය අක්කර හයකි. එහෙත් අක්කර තුනක භූමියක් මැදිකර තාප්පයකින් වෙන්කර ඇත. ඒ තාප්පය වටේටම කාමර දෙක බැගින් වන නිවෙස් රැුසකි. ඒ හැම නිවෙසක්ම ගස්වලින් සෙවන ලබන බැවින් ඒවායේ ලැගුම් ගන්නා නිවැසියන්ට තමන් වනාන්තරයක සිටින බවට දැනෙන හැඟීම තුරන් වන්නේ නැත. මැද ඇත්තේ යෝධ අලි කකුලකි. හැබැයි මේ කකුල වතුරෙන් පුරවා ඇත. දුර සිට බලනවිට පෙනෙන්නේ අලි කකුලේ නිල් පැහැයයි. ඒ පිහිනුම් තාටකයයි. මඟුල්කරඳ ගසක් පිහිනුම් තටාකය ළඟම හැදී වැඞී තිබේ. ඉන් තටාකයේ විශාල කොටසකට සෙවන සැලසේ. ගිනි ගහන අව්වේ වුවත් පිහිනුම් තටාකයට බහින කෙනෙකුට මඟුල්කරඳ ගසේ සෙවනේ පසුවීමට ලැබීම වාසනාවකි.

”මේ හෝටලය ආරම්භ කළේ 2006 අවුරුද්දේ මාලිංග ප‍්‍රනාන්දු මහත්තයගෙ අදහසක් අනුව. ලංකා හොටෙල් ඇන්ඞ් රිසෝට් කියන සමාගමට අයත්ව මේ එලිෆන්ට් රීච් හෝටලයත් යාල බීච් කෑම්ප් හෝටලයත් මීගමුවේ ෂෑන්ඞ් හෝටලයත් තියෙනවා.” එලිෆන්ට් රීච් හෝටලයේ නේවාසික කළමනාකරු රුක්මල් වනිගදේව පවසයි.

”අපි මේ හෝටලය පවත්වාගෙන යන්නේ පරිසර හිතකාමී හෝටලයක් විදිහට. ඒ නිසාම 2015 අවුරුද්දේදී ලෝන්ලි ප්ලැනට් ජාත්‍යන්තර සඟරාව මගින් පවත්වපු තරගයකින් පරිසර හිතකාමී හෝටලයක් විදියට අංක එක ලබා ගත්තා. ඒ වගේම 2017 දී ජර්මනියෙ හොලිඬේ චෙක් සංචාරක සඟරාව හොඳම තරු හතරේ හෝටලය විදිහටත් මේ හෝටලය සම්මානිත වුණා.”

කෙසේ වෙතත් එලිෆන්ට් රීච් වෙත ළඟාවිය හැක්කේ විදේශිකයන්ට පමණක් නොවේ. දේශීය සංචාරකයන්ට ද ඔවුන්ගේ නිවාඩුවේ සිහින නවාතැන බවට මේ අලිමංකඩ පත්කර ගත හැකිය. එහි සිට කතරගමට, තිස්සට, යාලට, කිරින්දට, සිතුල්පව්වට පහසුවෙන් ළඟාවිය හැකිය.

 

ශාන්ත කුමාර විතාන

 

  2019-07-08-ent-992 2019-07-08-ent-993 2019-07-08-ent-994 2019-07-08-ent-995