යමුද දඹානේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-15-ent-25

2017-01-15-ent-29දඹානේ කන්දෙගම්වල කැකුළො කැකුළියෝ නුගේට ගිහින් කිරි කොටාගෙන එනවා. ඊට පස්සේ කෝඩුවේ කිරි පස්සලා කුරුල්ලෝ වදේ බොන තැන්වල තියලා උන් කෝඩුවේ බැඳුණාම අල්ලා ගන්නවා. පදියතලාවට අරන් ගිහින් පැණි ටික විකුණනවා. පැගිරි කොළ, ගයි ගර්ජන, සීනි, තේ කොළ, ලුණු, කැකුළියන්ට රෙදි හැට්ට සල්ලිවලට ගන්න... කුරක්කන්, ඉරිඟු, අල වර්ග, මස්, මීපැණි ඇතිවෙන්න තිබුණා. ඒ කාලේ හුරන්ට සල්ලි දීලා ගන්න. නුගේදි බොටකඳා (අලියා) මුලිච්චි වුණොත් අපි උන්ට මතුරනවා. තුඃ ඉච්චට වල්ලයි පච්චට වල්ලයි.. හරි මැද වල්ලයි.. බොට කඳා නම් බොටකඳ කැලෑ පොජ්ජ පටෑරගෙන හනිකට මං ගච්චන්නයි”.

මේ කෞතුකාගාරයේ රුකියාව කරන්නෙත් වැදි කැකුළියෝ දෙන්නෙක්. සුළු මුදලක් ගෙවලා ටිකට්පතක් අරගෙන ඊට ඇතුළු වෙන්න පුළුවන්. වැදි ජනතාව සතු සෑම සිරිත් විරිත්ම පාහේ ඡායාරූපද සමඟ එහි දකින්නට තියෙනවා. ඒ වගේම නැලවිලි කවි, බඹර කවි විතරක් නෙවෙයි විවාහයට කියැවෙන කවි ගාථා වැනි දෑ පවා එහි දකින්න පුළුවන්. දැන් තහනම් වුණාට අතීතයේ සතුම් දඩයම් කරන්නට භාවිතා කළ උඟුල්ල වැදි භාෂාවෙන් කිව්වොත් හබක එහෙමත් එහි තියෙනවා. උයා පිහාගෙන කෑ හැටි, දරුවන් රැකගත් හැටි දැන් සැබැවින්ම වැදි ගම්මානයේ දකින්න ලැබෙනවාට වඩා අතීත වැදි ජනතාව ඒ දෑ කළ කී ආකාරය ඔබට එහිදී දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නේ නැති වුණාට වැදි ජනතාව අතරත් විශේෂ වෙනස්කම් තිබෙනවා.

 

2017-01-15-ent-27

 

විවිධ වැද්දන් සිටිනවා. උදාහරණයක් කිව්වොත් වරිග පොජ්ජ (වරුග බෙදීම) අනුව ගල් වැද්දන්, ගම් වැද්දන්, වෙරළබඩ වැද්දන් නමින් වැදි වර්ග කීපයක් ඇති අතර මොරාන වරිගේ, ඌරු වරිගේ, කුරුවතී වරිගේ, බණ්ඩාර රුහැන් වරිගේ, ඇඹලෝ වරිගේ, කිරිදැක්වූ වරිගේ, උනාපාත වරිගේ, නාමදේව වරිගෙ, කබල්ලෑ වරිගේ, නංඹුවන වරිගේ, නිරෝ වරිගේ, කෝවිල්වන්නම් වරිගේ, තලා වරිගේ, නම්මුර වරිගේ ලෙස උප කුලක රාශියකට බෙදිලා තියෙනවා. මේ සියල්ලම පාහේ කියවන්න දකින්න නම් දවසක් දඹානේ ගත කරන්නට ඕනෑ.

වැදි ජනතාව තමන්ගේ බඩවියත රැකගන්න විවිධ දෑ අලෙවි කරනවා. තවමත් ඔවුන් අලෙවි කරන මී පැණි ඉතාම පිරිසිදු සීනි කවලම් නොකළ ඒවා බවටයි පිළිගැන්නේ. ඒ විතරක් නෙවෙයි වලස් තෙල්, තෙල් බෙහෙත් ආදිය පවා ඔවුන් ළඟ තියෙනවා. ඇත්දල මුදු, අලි දත් මුදු, කළුවර මුදු පවා දකින්නට තියෙනවා. කොහොම වෙතත් මේ වැදි ජනතාව කියන්නේ මිනිසා හා මහා සොබාදහම අතර අතීතයේ තිබුණ සමීපතම පුරුකක්. අද වෙද්දී අපි හැමෝම වගේ ඔවුනුත් සොබාදහමෙන් ඈත් වෙමින් ඉන්නවා. දඹානට යන හරිත රසකාමීන්ට දැනෙන දේ තමයි ඒක. වැදි ජනතාවත් ජංගම දුරකථන පරම්පරාවේ කොටස්කාරයෝවෙලා. කමක් නෑ. මේ තරමින් හරි ඉතිරිවෙලා තියෙන පුරාණ සිංහලය බලන්න හැකි ඉක්මනින් දඹානේ ගිහින් එන්න.

 

 2017-01-15-ent-28
2017-01-15-ent-26
2017-01-15-ent-24
2017-01-15-ent-23
2017-01-15-ent-22
2017-01-15-ent-21
2017-01-15-ent-20
2017-01-15-ent-19

 

related-ARTICAL

අද යනවා දඹානේ