මෙන්න අපේ CITY CENTER



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-12-ent-51
 

SUPER SHOPPING එකකට සෙට් වෙන්න හිතුණා මේ සතියේ ඔයත් එක්ක. කොළඹට ආව CITY CENTER ඒකට කියාපු තැනක් කියලා හිතුණ හින්දා, අහල පහළ පයින් යන දුරින් තියෙන හින්දා අද අපි ඔයත් එක්ක යන්නේ CITY CENTER. හරියටම තැන කිව්වොත් කොළඹ හුණුපිටිය ගංඟාරාමය පන්සල කිට්ටුව බේරෙ වැවට ඉස්සරහින් තමා මේ සුපිරි සාප්පු සංකීර්ණය තියෙන්නේ.

ජාත්‍යන්තර සුපිරි සාප්පු ජාලයක් වන CITY CENTER ශාඛාවක් ලංකාවට ආව එක SUPER SHOPPING එකකට සිංගප්පූරුව, ඩුබායි, බැංකොක් ගියා වගේ පුංචි හැඟීමක් හිතට එක්කරනවා කිව්වොත් මං හිතන්නේ ඒක චුට්ටක් හරි. ඒ තරම්ම සුපර් නැති වුණත්, සෑහෙන දුරට CITY CENTER සුපර් කියලා අපිට කියන්න පුළුවන්.

බඩු ගන්න විතරක්ම නෙවෙයි. Window shopping කරන්නත් CITY CENTER මරු. Food Area එකේ සිංගප්පූරු, ඉන්දුනීසියා, North India, Western කැමති කැමති රසවලට Select කරගන්න පුළුවන්. ඕන තරම් ‍Menus තියෙනවා. තැනේ හැටියට ගාණත් reasonable. අනිත් එක පොඩි chat එකක් දාගෙන නිදහසේ කාලා, බීලා, චුට්ටක් මහන්සි ඇරලා එන්නත් පුළුවන්. ඉතින් තාම ගියෙ නැත්නම්, ගිහින් එන්න. කිව්වට වඩා හුඟක් දේවල් විඳින්න ඉඩ එතන තියෙනවා. ඊළඟ සතියෙත් හම්බෙමු එහෙනම්.

 

Text -Saa / Pic - Channa Kassapa Koralearachchi

 

2018-10-12-ent-42 2018-10-12-ent-43 2018-10-12-ent-44 2018-10-12-ent-45 2018-10-12-ent-46 2018-10-12-ent-47 2018-10-12-ent-48 2018-10-12-ent-49 2018-10-12-ent-50  2018-10-12-ent-52 2018-10-12-ent-53 2018-10-12-ent-54 2018-10-12-ent-55 2018-10-12-ent-56