මිරිජ්ජවිල උද්භිද උද්‍යානය II
වසරේ සෑම කාලයකදීම සංචාරකයන් බෙහෙවින් සැරිසරන සංචාරක ඉසව්වක් ලෙස කතරගම පූජා නගරය හැඳින්විය හැකිය. මෙම සංචාරක පුරවරය වෙත ගාල්ල දෙසින් හෝ ඇඹිලිපිටිය දෙසින් ගමන් කරන විට අපගේ ඇස නොගැටුණු බොහෝමයක් සංචාරක ඉසව් සැඟව තිබේ. එනම්, පසුගිය සතියේ අප ඔබව රැගෙන ගිය මෙරට උද්භිත උද්‍යාන 5 අතරින් වියළි කාලපය තුළ පිහිටා තිබෙන ශ්‍රී ලාංකිකයන් අතින් නිර්මාණය වූ ‘මිරිජ්ජවිල උද්භිද උද්‍යානය’ වෙතය.
පසුගිය සතියේ අපි මිශ්‍ර වන උද්‍යානය, ඖෂධීය ශාක උයන, පොදු රාජ්‍ය මණ්ඩලයීය ශාක කවය පිළිබඳ තොරතුරු ගෙන ආවෙමු. අප මෙවර ගමන අරඹන්නේ උද්‍යාන සිසු උයනෙනි. වර්ෂ 2009 දී නූතන අනුකජීව විද්‍යාව පදනම් කර ගනිමින් සපුෂ්ප ශාක කාණ්ඩ කරණය ශාක ගෝත්‍රවලට වෙන් වී ඇති අයුරු ප්‍රදර්ශනය කිරීමත්, ශාක පරිසරයට දක්වන විවිධ අනුවර්තන අවබෝධ කර දීමත්, විවිධ ආහාරබෝග ප්‍රදර්ශනය කිරීමත් මෙමගින් සිදුකර ඇත. ඉන්පසුව අප ගමන් කළේ විධිමත් වන උද්‍යානය වෙතය. එහි වර්ෂ 2009 දී නූතන අනුකජීව විද්‍යාව පදනම් කර ගනිමින් සිදු කරන ලද සපුෂ්ප ශාක කාණ්ඩ කරණයට අනුව වියළි හා ශුෂ්ක දේශගුණික තත්ත්වයන් යටතේ වැඩෙන ගස් හා පඳුරු (Three and shrub) ශාක විශේෂ ශාක ගෝත්‍රවලට වෙන්කර රෝපණය කරමින් ඇත. ඒ අසන්නයේම පිහිටි සමනල උයනෙහි සමනල විශේෂ 45ක් පමණ දැකගැනීමට අවකාශය ලැබේ.
ඉන් පසුව අප ගමන් කළේ වාණිජ මල් උයන වෙතය. එම ඒකකයේදී උද්‍යාන හා ගෙවතු ආශ්‍රිත මල් වගාව පිළිබඳව දැනගැනීමට, වාණිජ මල් වගාව පිළිබඳව පර්යේෂණ කටයුතු සිදු කිරීමට අවකාශය සැලසේ. එමෙන්ම ඒ පිළිබඳව දැනුම හා දේශීය අත්දැකීම් මෙන්ම අදාළ සම්පත් ලබාදී ප්‍ර‘දේශයේ ජනතාවට ස්වයං රැකියා අවස්ථා ලබාදීමටත්, දේශීය හා විදේශීය වෙළෙඳ පොළ තුළ කැපූ මල් ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහත් මෙම ඒකකය පවත්වාගෙන යනු ලබයි. අපි නැවතත් බැටරි කාරයේ නැගී අහැළ මල් පිරුණු මල් ගස් මධ්‍යයෙන් මානව උද්භිද උද්‍යානය වෙත ගමන් කළෙමු.
වියළි කලාපීය ජන සමාජයේ විවිධ අවශ්‍යතා තම අවට වනාන්තරයෙන් සපුරාගෙන ඇත. වර්තමාන වාණිජකරණයට පෙර ඔවුන් එය මනා අවබෝධයකින් මෙන්ම තිරසාරාත්මකව ඈත අතීතයේ සිට සිදුකර ඇත. එම භාවිතය තුළ ඇති දැනුම හා අත්දැකීම වාර්තමාන හා අනාගත පරපුරට ලබාදීමේ අරමුණින් මිනිසා හා ශාක අතර තිබූ බන්ධුතාව, සංකෘතිය පිළිබඳව විද්‍යාත්මක අවබෝධයක් ලබාදීමට මෙමගින් කටයුතු කර ඇත. ඒ අසන්නයේම පිහිටි කාන්තාර ආකෘතිය අපව අරාබි කරයට රැගෙන යාමට සමත් වෙයි. රටඉඳි ගස්වලින් වටවී තිබෙන මෙම උද්‍යානය නිර්මාණය කර ඇත්තේ සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය කිරීමටත්, ප්‍ර‘දේශයේ වැඩෙන ශුෂ්ක රූපි මාංශලමය ශාක විශේෂ සංරක්ෂණය කිරීමට සහ එහි වැදගත්කම, ආර්ථිකමය වටිනාකම අවබෝධකර දීම සඳහාය.
කාන්තාර ඒකකය තුළදී කාන්තාරයක් තුළදී ලබාගැනීමට හැකි අත්දැකීම ලබාගෙන අප ගමන් කළේ මලිත්තන් ගස් වැව අද්දරටය. මෙම ස්ථානය සංචාරක ආකර්ෂණය ලබාගැනීම සඳහා වියළි කලාපීය පාරිසරික තත්ත්වයන් තුළ විධිමත් අයුරින් උද්‍යාන මධ්‍ය‘යේ පිහිටි ස්වභාවික දිය ඇති මාර්ගයක් හරස්කර ඉදිකරන ලද කුඩා ප්‍රමාණයේ වැවකි. මෙම ස්ථානය දේශීය මෙන්ම සංචාරක පක්ෂීන්ගේ තෝතැන්නක් ලෙස සැලකිය හැකි අතර, එහිදී කුරුලු විශේෂ 107ක් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබේ. එම පරිසරයෙන් නික්ම අප අවසාන වශයෙන් විසිතුරු පඳුරු උයන වෙත පියනැගුමෙවු. එම ඒකකය තුළ විශේෂයෙන් වියළි කලාපයේ පරිසර තත්ත්වයන් යටතේ වැඩෙන දර්ශනීය මල් හෝ ඵල සහිත පඳුරු ශාක ආකර්ෂණීය ලෙස සිටුවා ප්‍රදර්ශනය කර තිබේ. තවමත් එය සංවර්ධනය වෙමින් පවතින ඒකකයකි. මෙම උද්‍යානයේ සියලුම අභ්‍යන්තර මාවත් ශාකවලින් ආවරණය කොට තිබේ. එම මාර්ගයන් හි ගමන් කරනු ලබන ජනතාව දැඩි අවු රශ්මියෙන් ආරණය වීම පිණිස එසේ ශාකවලින් මාර්ග ආවරණය කර තිබේ. එය මෙහිදී දැකිය හැකි විශේෂත්වයකි.
මෙම තෝතැන්න කලාත්මක ඡායාරූප ගැනීමට සහ ලොකු, කුඩා සැමට දැනුම, විනෝදය ලබාගැනීමට හැකි ඉතා වටිනා ඉසව්වකි. එමෙන්ම මෙම උද්‍යානය තුළ ආහාරපාන ලබාගැනීම සඳහා ආපනශාලා, විවේකාගාර, සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කොට තිබේ. ඔබත් එහි යන්න. ගොස් එහි සුන්දරත්වය විඳගන්න. පරිසරය දූෂණය නොකර පා සටහන් පමණක් ඉතිරි කර අනෙක් සියලුම දේවල් රැගෙන එන්න.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර / සුපුන් සම්පත්