මහා මාර්ගයේ බිංගෙය රම්බොඩ උමඟ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-28-ent-117

සංචාරයක් සංවිධානය කිරීමේදී බෝහෝ දෙනෙකු ප්‍රියතාවක් දක්වක්නේ ජීවත් වන පරිසරයෙන්, දේශගුණයෙන් මිදී ගතට මෙන්ම සිතටද මිහිරක් ගෙන ඒමට සමත් තෝතැන්නක් වෙත ගමන් කිරීමටයි. එසේ වෙනස්ම වූ අත්දැකීමක් ලබාගැනීමට සමත් සංචාරක ස්ථාන ඇත්තේ අතොළොස්සකි. ඒ අතරින් වඩාත්ම ආකර්ෂණීය වන්නේ නුවරඑළියයි.2018-08-28-ent-122

අප මෙවර සංචාරක ඔබව රැගෙන යන්නේ සීතල නුවරඑළිය වෙතයි. එනම්, මහනුවර සිට නුවරඑළිය දක්වා තිබෙන ප්‍රධාන මාර්ගය ‘ඔස්සේ ගමන් කරන විට හමුවන සුන්දරත්වයෙන් හෙබි රම්බොඩ නගරය තුළ පිහිටා තිබෙන සුප්‍රසිද්ධ ඉසව් ද්විත්වයක් වෙයි.

රම්බොඩ නගරය මධ්‍යයේ පිහිටා තිබෙන ‘රම්බොඩ උමඟ’ මෙරට මාර්ග පද්ධති සංවර්ධයේ නව මානයක් විවර කළ මංපෙතකි. මීටර් 225ක දිගකින් සහ මීටර් 7ක පළලකින් යුතු මංතීරු ද්විත්වයකින් සමන්විත මෙම උමං මාර්ගය ශ්‍රී ලංකාව තුළ මහා මාර්ගයක පිහිටි දිගින් වැඩිම උමං මාර්ගයයි.

1828 වසරේ දී මේජර් තෝමස් ස්කිනර්ට ගම්පොළ නගරය දක්වා පැමිණ තිබූ කරත්ත පාර නුවරඑළිය දක්වා දීර්ඝ කිරීමේ කර්තව්‍ය පැවරී තිබුණි. එසේ මාර්ගය සකස් කර ගෙන පැමිණීමේ දී රම්බොඩ ආසන්නයේ දී ගල් පර්වතයක් තුළින් මාර්ගය ඉදිකිරීමට සිදු වූ නිසාවෙන් මාර්ගය සැකසූ ඉංජිනේරුවන් මහත් අසීරුතාවයකට පත්ව ඇත. ගල් පර්වතය කඩා දමා මාර්ගය ඉදිකළහොත් ගල් තලාවට ඉහළින් පිහිටා ති‘බූ කන්ද පාර මතට නාය යා හැකි බැවින් ඔවුන් ‘එලෙස අසීරුතාවට පත්ව ඇත. එම ස්ථානය දැඩි ප්‍රතාපකර බෑවුමකින් යුක්ත වූ නිසාවෙන් ගල් තලාව මග හැර මාර්ගය ඉදිකිරීමටද නොහැකි වී ඇත. අවසානයේ මේජර් තෝමස් විසින් ගල් පර්වතය විද ස්භාවධර්මයට දර්ශනීය ස්ථානයකුත් එක්කරමින් මෙම මාර්ගයේ වැඩ කටයුතු නිමකිරීමට සමත් වී තිබේ.

එවකට අශ්වකරත්ත සහ ගොන් කරත්තවලට පමණක් ගමන් කළ හැකි පරිදි නිර්මාණය කළ මෙම මාර්ග කොටස පසුකලීනව භාවතයට ගත නොහැකි වූයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු වූ වෙනසත් සමගයි. එම නිසා 2008 වසරේ දී වර්තමාන උමං මාර්ගය මහජනතාව වෙනුවෙන් විවෘත කෙරුණි. මෙම මහා මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව සහ ජපන් රජය විසින් යෙන් මිලියන 3000ට අධික අරමුදලක් (රුපියල් බිලියන 3 කට ආසන්න මුදලක්) සපයා ඇත.

මේජර් තෝමස් ස්කිනර් විසින් 1828 වර්ෂයේ දී ගල් තලාව විඳ ස්භාවධර්මයට එක්කල එම දර්ශනීය මාර්ග කොටස අදටත් එලෙසින්ම ජීවමානව පවතී. පසු කාලීනව එම ගල් කුල පහතට වැටේ යැයි සැකයක් මතු වූ නිසාවෙන් ඇතුළතින් බැමි තුනක් යොදා ගලට ආධාරකයක් සැපයීමට කටයුතු කර තිබේ. මෙම උමං මාර්ගය තුළින් පාගමනින් ගමන් කිරීමට අවසරය හිමි නොවේ. මෙතුළින් ගමන් කරන විට වාහනයේ නලාව නාද කරන විට නලා හඬ දෝංකාර දේ. එය අමුතුම අත්දැකීමකි.

අපට මෙලෙස උමඟක් ඔස්සේ ගමන් කිරීමට හැකිවන්නේ දුම්රියෙන් ගමන් කරන විටකදී පමණි. එම නිසා නුවරඑළිය නගරයේ සංචාරයක නිරත වන්නේ නම් රම්බොඩ උමඟ තුළින් ගොස් එයින් ලැබෙන අත්දැකීම විඳගන්න. නුවරඑළිය දෙසට ගමන් කිරීමේදී උමං මාර්ගයට පිවිසෙන ස්ථානයේ රම්බොඩ දිය කොමලියගෙන් වෑහෙන දිය දහරවේ කොටසක පහස විඳගැනීමටද සංචාරක ඔබට අවකාශය හිමිවේ. උමඟ පසුවනවාත් සමගම දකුණු පසින් පිහිටා තිබෙන රම්බොඩ ෆෝල්ස් හෝටලය මැදින් පහළට ගමන් කළොත් රම්බොඩ ඇල්ළේ පහළ කොටස නැරඹීමටද ඔබට හැකිවේ. අපි මීළඟ ලිපියෙන් රම්බොඩ ඇල්ලේ පහස විඳගනිමු.

 

2018-08-28-ent-123  2018-08-28-ent-118 2018-08-28-ent-119 2018-08-28-ent-120 2018-08-28-ent-121