මහ රහතුන්ට ඔසු සැපයූ පේද්දව පුදබිම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-17-ent-31

පෝයකුත් කිට්ටුව එන හින්දා මේ සැරේ අපි හිතුවා ඔයත් එක්ක රජ මහා විහාරයකට ගිහින් එන්න. පරිසරයේ තියෙන හිත දැහැන්ගත කරවන සුන්දරත්වය නිසාමයි අපි ඔයාව සුළුගල් රජමහා විහාරයට එක්ක යන්න හිතුවේ. වයඹ පළාතේ හිරියාල ආසනයේ මහමුකලන්යාය පේද්දව දැදුරැ ඔය අසල තමයි මේ රජමහා විහාරය පිහිටලා තියෙන්නේ.

එය අනුරාධපුර යුගයට අයත් එකක්. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ඒ ගැන සඳහන් නොකළත්, සද්ධර්මාලංකාරයේ මේ තොරතුරැ සඳහන්. ජනප්‍රවාද බොහෝමයක් මේ රජ මහා විහාරය හා නෑකම් කියනවා. අනුරාධපුර යුගයේ සිටි චූලාභය තිස්ස නැමති ඇමැතියෙක් මේ රජ මහා විහාරය කළ බවට එක ජනප්‍රවාදයක් තියෙනවා.2018-11-17-ent-32

ඒ ස්ථානයේ ඉඳලා තියෙන්නේ සුළුගුළු උපාසක කියලා දක්ෂ වෛද්‍යවරයෙක්. ඒ වෛද්‍යවරයා හිටපු ස්ථානය සංඝයා වහන්සේලාට විහාරයක් කර පූජා කළ බවට එක ජනප්‍රවාදයක් කියනවා. ලක්දිව වැඩ විසූ අවසන් මහරහතන් වහන්සේ කියලා පිළිගන්නේ මලියදේව මහරහතන් වහන්සේ. උන්වහන්සේට බඩේ අමාරැවක් හැදිලා සුළුගුළු උපාසක වෛද්‍යවරයා ළඟට බෙහෙත් ගන්න ඇවිත් තියෙනවා. බෙහෙත් මුට්ටිය ළිප තබා ඒ පැසෙනතුරැ සුළුගල් උපාසක තෙමේ දෙව්ලොව සිළුමිණ සෑය වඳින්නට මලියදේව තෙරැන් කැඳවාගෙන ගියේලු.

ඒ ගිය ගමනේදී ශක්‍රයාත් මුණගැසී සිළුමිණ සෑය ළඟදී මතු බුදු වන මෛත්‍රී බෝසතුන් මුණගැසුනේලු. මෛත්‍රී බෝසතුන් සුළුගුළු උපාසකට සළු සඟලක් පිරිනැමූ බවත් සඳහන්. සිළුමිණ සෑය වඳින්නට ගිහින් තියෙන්නේ ඊට පස්සෙයි. ඉන්පසු පැමිණ බෙහෙත් හැලිය පාත්‍රයකට දමා මලියදේව තෙරැන්ට පූජා කළ බවත්, එයින් රෝගය සුවපත් වූ බවත් සඳහන්. මලියදේව රහතන් වහන්සේ සහ උපාසක වෛද්‍යවරයා දිව්‍යලෝකයට ගොස් නැවත පැමිණෙද්දී ළිප තබා තිබූ බෙහෙත් හැලිය දා ගොස් තිබූ නිසා ඒ ගමට බෙහෙත් දෑව නම් නම පටබැඳුනලු. බේද්දව පසුව පේද්දව වුණාලු. සුළුගල වෙහෙර අසලම නැලිගම වැව තියෙනවා. ඒ වැව කෙරෙව්වේ නාලක කියන සෙන්පතියා බව සඳහන්.

මේ විහාරයේ පැරුණිම ගොඩනැගිල්ල තමයි විහාර මන්දිරය. එය ලෙන් විහාර ගණයට අයත් එකක්. ඒ විහාරයේ තියෙන චිත්‍ර, මූර්ති ඉතා සුවිශේෂී බවට අගයීම් ලබනවා. ඔත් පිළිම දෙකක්, සැතපෙන පිළිමයක් මේ ගෘහය ඇතුළේ තියෙනවා. දැවයෙන් කළ බදාම ආලේප කළ පිළිමයක් නුවර යුගයට අයත් බව සැලකෙනවා. 1946දී මේ විහාරය ප්‍රතිසංස්කරණය කළ බවත් විහාර මන්දිරය අතීතයේ ඉදි කර තිබුණේ දැව මත බවත් සඳහන්.

විශාල මැටි පාත්‍රයක්, සිරි පතුල් ගල් තුනක්, බෙහෙත් ඇඹරෑ බවට සැලකෙන ගලක් ආදී පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර රුසක් මේ භූමියෙන් හමුවෙලා තියෙනවා.

ඉතින් පේද්දව පැත්තේ ගියොත් ඈත ඉතිහාසයකට උරැමකම් කියන මේ රජමහා විහාරයට ගිහින් එන්න. ලබන සතියෙත් අපි යමු කොහෙහරි ඇවිදින්න.

 

( විශේෂ ස්තූතිය - ලක්ෂ්මියාවේ පේමානන්ද හිමිට ) Text and pic – Channa Kassapa Koralearachchi

 

2018-11-17-ent-20 2018-11-17-ent-22 2018-11-17-ent-23 2018-11-17-ent-24 2018-11-17-ent-26 2018-11-17-ent-27 2018-11-17-ent-28 2018-11-17-ent-29 2018-11-17-ent-30   2018-11-17-ent-33