මහ මුහුෙද් අැවිද්දවන අරැම වෙරළ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-22-ent-159

කොළඹ සිට පොළොන්නරැවට ගොස්‌ එතැනින් මනම්පිටිය පාලම පැන වැලිකන්ද හරහා මඩකලපුව පාරේ වාලච්චේනට ගොස්‌ වාලච්චේනන පොලීසිය ළඟින් වමට හැරී වඩුක්‌කොඩෙයි පසුකළ පසු පාසිකුඩා මුහුදු තීරය දිස්‌වේ. නමුත් එය සුළු පටු දුරක්‌ නම් නොවේ. කි.මී. 300කට එහා දුර ගමනකි. දුම්රියෙන් යන්නේ නම් ඊටත් එහා දුරකි. මේ දුර පුරා පැය 7-8ක් ගෙවා ගියාට පාඩුවක් නැතැයි සිතිය හැකි සුන්දරත්වයක් පාසිකුඩාවට උරැම වැලි යායේ තිබේ. අද අපේ ගමන මඩකලපුව සරසන පාසිකුඩා පුලින උද්‍යානය හෙවත් පාසිකුඩා වෙරළටය.

2017-03-22-ent-160මහ මුහුදේ බියෙන් සැකෙන් තොරව නිදහසේ දිය නාන්නට, පවුලේ අය සමඟ හිතේ හැටියට විනෝද වන්නට නම් යා යුතු හොඳම මුහුදු තීරය මඩකලපුවේ පාසිකුඩා ලෙස හඳුන්වාදීමට හැකිය. ඕනෑනම් මහ මුහුදේ කිලෝමීටරයක් පමණ කිසිදු අනතුරකින් තොරව ඇවිද යන්නට ද පුළුවනි.

මෙය පුදුම එළවන සුළු දෙයක් විය හැකිය. එහෙත් එය සත්‍යයකි. මෙය එක් අතකට සොබාදහමේ අපූරැ නිර්මාණයකි. මේ අපූරැ අවස්ථාව උදාකර ගත හැක්කේ මඩකලපුව පාසිකුඩා වෙරළ තීරයට ගියහොත් පමණි. පාසිකුඩා සහ කල්කුඩා යනු ළඟ ළඟ පිහිටි මුහුදු බොකු දෙකකි. කොරල් පර වගේම කැස්‌බෑවනුත් මෙහිදී දැක ගත හැකි වීම විශේෂත්වයකි. එක්තරා ආකාරයකට පාසිකුඩා වෙරළ තීරයේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරක් දක්වා ස්වාභාවික දිය තටාකයක් ලෙසද හැඳින්විය හැකිය. එය සොබාදහමේ අපූරැ තිළිණයකි. එනම් පාසිකුඩා මුහුදු බොක්කට මුහුණලා පිහිටි මුහුදු වෙරළේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ශක්තිමත් කොරල්පර වැටියකි. මේ කොරල් වැටිය නිසා මහ මුහුදේ සිට එන විශාල දිය රුලි පාසිකුඩා මුහුදු වෙරළට එන්නේ නැත. මේ නිසා සංචාරකයන්ට රිසි සේ මහ මුහුදේ විනෝද වන්නට හැකිය. මේ ශක්තිමත් කොරල් වැටිය පාසිකුඩා මුහුදු වෙරළේ සිට බලන විට පෙනෙන නොපෙනෙන දුරින් පිහිටා ඇත. මේ නිසා පාසිකුඩා වෙරළ තීරය සංචාරකයන්ට අපූරැ තෝතැන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත. උදේ කාලයේ වගේම දහවල් කාලයේදීත් පවතින අව්රශ්මිය නිසා මේ ස්ථානයේ සිටීම මදක් අසීරැ වූවත් සවස් කාලයේදී ඉර බසින දර්ශනය නරඹන්නටත්, තමන්ගේ විඩාව නිවාගැනීමටත් මේ ස්ථානය කදිම බව කිසිදු සැකයකින් තොරව ඔබට කියන්න පුළුවන්.

පාසිකුඩාවේ සංචාරක හෝටල් ගැන කිව්වොත් ඒවා බොහෝමයක් අතිශයින් මිලෙන් ඉහළයි. හෝටල්වල කාමර ගාස්තු කෙසේ වෙතත් සමහර හෝටල්වල කඩේ රැපියල් 50ට තියෙන වතුර බෝතලේ පවා විකුණන්නේ රැපියල් 800ට. ඒ වගේම සිංහල භාෂාව කතා කරන පිරිසත් ඉතාම අඩුයි. හදිස්සියකට පාරක් අහගන්න කෙනෙක් නැතිවුණොත් පුදුම වෙන්න එපා. සංචාරක පුරයක් නිසා සෑමදේකටම ඔවුන් මිලක් නියම කරනවා. පොකට්ටුවත් බේරාගෙන ගමන රසවිඳලා ආවොත් ඒක හැමදාම මතකයේ තියේවී.

 

Text and Pic - Vimukthi

 

2017-03-22-ent-151 2017-03-22-ent-152 2017-03-22-ent-153 2017-03-22-ent-154 2017-03-22-ent-155 2017-03-22-ent-156 2017-03-22-ent-157 2017-03-22-ent-158   2017-03-22-ent-161