මහ කැලේ සතුට උතුරන සීතල රාත්‍රියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-622

නිවාඩුවත් ආවා. ඔන්න අපි යන්න හිතුවේ ටිකක් නිස්කලංකව ගිමන් හැරලා ඉන්න පුළුවන් තැනකට. ඒ නිසා අපි ගියේ සන්තතර යායට. අලව්ව, ඕපාත, දංගහවෙල කැලේ පාරක් දිගේ තමා මේ සොඳුරු නිස්කලංක නවාතැන හොයාගෙන අපි ගියේ. කැලේ පාරට වැටුණා විතරයි හැම පැත්තෙන්ම ඇස ගැටුණේ රඹුටන් ගස්. රතට රතේ දිලිසුණු රඹුටන් වසන්තය අපට මඟහැරිල තිබුණත් ළා කොළ පාට රඹුටන් මල් පොහොට්ටු අලුත් වසන්තයක් වෙනුවෙන් පූදින්න පෙරමං බලා සිටියා. ඒ රඹුටන් යාය මෙන්න මෙහෙම දෙයක් මගේ මතකයට කැන්දන් ආවා. මිනිස්සු ජීවත් කරවන්නේ ඉටු නොවුණු බලාපොරොත්තුවලින් කියනවනේ.

රඹුටන් ගස් දෑල පාර දිගේ සන්තතර යායට ගිය අපිට ආයුබෝවන් කියන්න ආවේ එහි හිමිකරු ජනන යාපායි. ගිම් නිවන්න ආදරය පිරුණු වචන අහුරක් එක්ක අපට හම්බවුණා පොල් කට්ටකට වක්කරපු බෙලි මල් සහ හොඳ කිතුල් හකුරු කෑල්ලක්. ගිනි මැලයක් ගහලා NIGHT CAMPING, DAYOUTING වගේම කබානාවකත් සුන්දර අත්දැකීමක් විඳගන්න පුළුවන්. ඒ නිසාම සන්තතර යාය හොයාගෙන කට්ටිය හෝ ගාලා එනවා. ජීවිතයම වැඩත් එක්ක ගෙවන අපි සැහැල්ලුව හොයාගෙන යන මේ වගේ ගමනකදී කාලා, බීලා, සින්දුවක් කියලා අපි හොයන්නේ සතුට නේද? CAMPING, BBQ, සීතලේ හිරිගඩු පිපෙනකල් නාන්න ඔයක්, බැට්මින්ටන් සෙල්ලම් කරන්න හොඳ තැනක් වගේම පාර පාදාගෙන නැගලා බහින්න කන්දකුත් සන්තතර යායේ තියෙනවා.

ජීවිතය කියන්නේ නුපුරුදු නැවුම් අත්දැකීම් හොයාගෙන යන තැනක්. එහෙම හොයාගෙන යද්දි තමා මිහිරි කියන හැඟීම හම්බවුණේ. ඉතින් වෙලාවක් හොයාගෙන එන්න. එන සතියේත් අපි කොහේහරි යමු.

 

► Text & Pic - Channa kassapa koralearachchi

 

2019-08-09-ent-613 2019-08-09-ent-614 2019-08-09-ent-615 2019-08-09-ent-616  2019-08-09-ent-618 2019-08-09-ent-619 2019-08-09-ent-620 2019-08-09-ent-621  2019-08-09-ent-623 2019-08-09-ent-624 2019-08-09-ent-625 2019-08-09-ent-626 2019-08-09-ent-627 2019-08-09-ent-628