බැංකොක්හි සුපිරි Baiyoke ගොඩනැගිල්ලේ සිට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-08-ent-18

තායිලන්තයේ සුපිරි බැංකොක් නුවර සංචාරයේ යෙදෙන බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මේ ආකර්ෂණීය දැවැන්ත ගොඩනැගිල්ල දර්ශනව වීම අහඹු දසුනක් නොවෙයි. ඒ දෙස බලා යන නමුත් මේ ගොඩනැගිල්ල මුදුනතට නම් යන්නට නැතුව ඇති. ඒ වගේම සමහර විට ගිය අයත් සිටින්නට හැකිය. කොයි හැටි වෙතත් ඒ ගිය නොගිය හැමෝටම දැනගන්නත් එක්ක මේ සූදානම් වන්නේ, තායිදේශයේ ප්‍රධාන අගනගරය වන බැංකොක්හි නැගී සිටින මේ දැවැන්ත ගොඩනැගිලි රාජයා ගැන විස්තර කිරීමටය.

2017-01-05-ent-211"බයොක් ගීතය" (Baiyoka Song) නමින් හැඳින්වෙන මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ, 222, රාචප්‍ර‘රෝප් පාර, රාජදේවි බැංකොක් යන ස්ථානයේය. මෙය තායිදේශයේ බැංකොක්හි ඇති දෙවැනියට උසින් වැඩිම ගොඩනැගිල්ල වෙයි. මහල් 88කින් සමන්විත මෙය අඩි 1014 උසකින් සමන්විතය. එය දෙවැනි වන්නේ මහානක්හෝන් ගොඩනැගිල්ලට පමණි. එය අඩි 1031 ක් උසය. නමුත් මෙම බයියොක් ගීතය ලෙස ආදරණීයව අමතන මෙම ගොඩනැගිල්ල ගැන ලෝකයේ බොහෝ දෙනා කතාබහ කරනුයේ, දකුණුදිග ආසියානු කලාපයේ උසින් වැඩිම ස්ථාන හතකට අයත්ව පිහිටි සුපිරි හෝටල අවන්හල් අතරට මෙය ඇතුළත් වන නිසාවෙනි. එමෙන්ම මහානක්හෝන් ගොඩනැගිල්ල උසින් අඩි 1031 වූවද මෙම බයෝක් ගොඩනැගිල්ල සතු ඇන්ටෙනා කුලුනද ගතහොත් එය අඩි 1077ක උසකින් සමන්විතය. එනිසා බැංකොක්වාසී ජනතාව විශ්වාස කරන්නේ බැංකොක්හි උසම ගොඩනැගිල්ල එය යනුවෙනි.

බැංකොක් නගරයේ අසිරිය නැරඹීම වෙනුවෙන් මෙම දැවැන්ත ගොඩනැගිල්ලේ 77 වැනි මහල වෙන්වී තිබේ. එය විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක වන කවාකාර හැඩගත් මහලකි.

සම්පූර්ණයෙන්ම වීදුරු ආවරණ ඊට යොදා තිබේ. වීරුදු මාලිගයකට එය සම කළ හැකිය.

%Roof Top Bar and Music Lounge^ ඇත්තේ තමුන්ට කැමති පානයක මිහිර ලබා ගීත ආස්වාදය ලබමින් විනෝදාස්වාදය සොයා එන සංචාරකයන්ටය. එතැනට පැමිණෙන සංචාරකයන් වෙත කැමති පානයක් නොමිලේ ලබාදීම සිදු කෙරේ. එය මෙම ගොඩනැගිල්ල නැරඹීම සඳහා අයකරනු ලබන ප්‍ර‘වේශ පත්‍රයට ඇතුළත්ය. අංශක 360ක් දර්ශනය වන පරිදි තනා ඇති 84 වැනි මහලේ 670 ක් පමණ පිරිසකට සමන්විත හෝටල් කාමර නිමකර තිබේ.ලොව පුරා සිටින බැංකොක්හි ආස්වාදය ලබාගැනීම සඳහා පැමිණෙන ධන කුවේරයන්ට එය කදිම නිවාඩු නිම්නයකි. මීට අමතරව තවත් සුපිරි අවන්හල් කිහිපයක්ම මෙම බයියොක් ගොඩනැගිල්ල සතුය. ඒවාට පමණක් ආවේණික වූ ආහාර වට්ටෝරු ඇති නිසා විවිධ ආහාරපාන රස සොයා යන රසවතුන්ගෙන් ඒවා නිරන්තරයෙන් පිරී පවතී.

බැංකොක් පුරවරයට සුන්දර ගීතයක්ම වූ බයියොක් අපූරු නිමැවුම නිර්මාණය කිරීම අරඹනු ලැබුවේ 1990 දී පමණය. 1997 දී සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් නිමවා තිබේ. එතැන් සිට ජනතාවගේ පරිහරණය සඳහා විවර වු මෙම සුපිරි ගොඩනැගිල්ල තැනීම සඳහා තායි බාත් බිලියන 3.6ක මුදලක් වැය වී ඇත.

මෙම බයියොක් ගොඩනැගිල්ලේ ගුවනේ තනා ඇති අවන්හල වෙත අප රැගෙනගොස් ආහාරපානවලින් අපට සංග්‍රහ කිරීමේ අනුග්‍රහය දැක්වූයේ තායිලන්ත සංචාර සඳහා ප්‍රකට ආයතනයක් වන Savari Travels අධිපති නාලක කරුණාකලගේ සහෘදයා විසිනි. සැබැවින්ම ඔහු ගැන වෙනම කතා කළ යුතු චරිතයකි. බැංකොක්හි සහ තායිලන්තයේ සංචාර සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන් වෙත ඔහු සතු සවාරි ට්‍රැවල්ස් වෙතින් ලබාදෙන සත්කාරයන් අය කරන මුදලට වඩා අගනේ යැයි කිව යුතුමය. කෙසේ වෙතත් නාලක කරුණාකලගේට වසර 15ක පමණ වූ තායිප්‍ර‘දේශයේ ජීවන අත්දැකීම් සපිරිය. ඒ අත්දැකීම් සමග මෙවැනි අමුතු තැන් වෙත සංචාරකයන් රැගෙන යාමට සවාරි ට්‍රැවල්ස් කටයුතු සලස්වා තිබේ.

තායිදේශයේ සංචාරයක් යන්නේ නම්, www.savaritravels.com වෙත පිවිස වැඩි විස්තර දැන ගන්න.

 

සඳුන් ගමගේ

 

2017-02-08-ent-01 2017-02-08-ent-02 2017-02-08-ent-03 2017-02-08-ent-04 2017-02-08-ent-05 2017-02-08-ent-06 2017-02-08-ent-07 2017-02-08-ent-08  2017-02-08-ent-10 2017-02-08-ent-11 2017-02-08-ent-12 2017-02-08-ent-13 2017-02-08-ent-14 2017-02-08-ent-15
2017-02-08-ent-09