පොර පොල්-දෙබිඩි පොල් විය සිදුරෙන් බලමු
"සමනොළ ගල ගොමුවෙන් මී ගොන් බානක් ගෙනාවෝය. එක් සී සෑවෝය, දෙසී සෑවෝය. කුමු මඩල පෝරැ ගෑවෝය. මඩපිට වී ඉස්සෝය. එක්පෙති, දෙපෙති, තුන් පෙති, සිව් පෙති, පස් පෙති සපෙති, සත්පෙත්තේදී එරන් කරලක් හටගත්තෝ ය. එරන් කරලේ වැඩ වාසය කරනා මල්හොකර අත්තාගේ බුලත් පහියේ ඇති දෑ මොනවාදැයි කිව්වොත් රන් දෑකැති, රිදී දැති, කටුපිල, කොසඹ එහි වෙති. කොබ්බෑ ගොවියෝ වැඩ කරති. දෙවියෝ වට කරති.
එහා කුඹුරෙන් මෙහා කුඹුරට අරක් ගන් පොඩි.." දැන් ඇති නේද. ඒ තමයි "කලවිටි පිරිත්". බොහෝවිට අහලාවත් නැතිව ඇති. ඒකත් ඉතින් වැරදියි කියන්න බෑ. කලවිටි පිරිත් තියෙන්නේ වයඹ සත්කෝරලයේ. කට බඩවල් පුරවන්න බුද්ධ භෝගයක් කියා වන්දනා කරලා සහල් වී කරලින් ගලවා ගැනීම හෙවත් බැත එක්කාසු කරන්න කමත් වැඩ චාරිත්තර ආරම්භ කරන්නේ මෙහෙම. දැන් ඉතින් ඇයි හදිස්සියේ අපි මේක කිව්වේ. ඒ අද අපි ඔබත් එක්ක මේ වහන් වුණ අතීතය බලන්න යන නිසා.
අද අපි යන්නේ ලංකාවේ තියෙන ඉතා සුළු සංඛ්‍යාවක් ප්‍රාදේශීය කෞතුකාගාර අතර විශේෂ කෞතුකාගාරයක් බලන්න. වයඹ පළාතේ තියෙන එකම ප්‍රාදේශිය කෞතුකාගාරය තමයි මේ. මේක පිහිටලා තියෙන්නේ කුලියාපිටිය විද්‍යා විනෝද පිරිවෙන් භූමියේ. පූජ්‍ය ඇපලදෙණියේ සිරිසුමන හිමි තමයි මේ කටයුත්ත ආරම්භ කරලා තියෙන්නේ. ලංකාවේ රජරට රාජධානියේ අවසානයත් සමඟ තමයි දඹදෙනිය බලා රාජධානිය සංක්‍රමණය වෙන්නේ. ඒ අතීත පුදුම කතා අසා දැනගන්න වගේම පස්සෙ කාලෙක ලංකාවේ එදිනෙදා කටයුතුවලදි භාවිත වුණ උපකරණ රාශියක් මෙතෙන්දි දකින්න පුළුවන්. ඔබ සිතාවි මෙතන ඔය කමත් කටයුතුවලදී භාවිත වුණ වගේ සම්ප්‍රදායික කෞතුක භාණ්ඩ එකතුවක් තියෙනවා ඇති කියලා. අන්න එහෙම නැති නිසා තමයි මෙතන වැදගත් වෙන්නේ. අහලා ඇති නේද වෑර්ලස් එක ගැන. දැකලා නෑනේ ඒ වුණාට.. අහලා ඇති නේද සර්පයෝ දෂ්ඨ කළාම විෂ උරන්න පාවිච්චි කළ විෂ ගල. දැකලා නැතිව ඇති. අමුතු බාන, විය සිදුර, වී බුසල, වී සේරැව, යෝධ පොල්, බරණිය, සොකඩය, කරක් ගෙඩිය මේ ආදී අපූරැ දේවල් එකතුවක් මෙතන තියෙනවා. ලංකාවේ ඉතාම සුළු සංඛ්‍යාවක් පමණක් තිබෙන පා සර්පිනාවක් පවා මෙතන තියෙනවා.
සාමාන්‍යයෙන් සර්පිනාවක සුළං ලබාදීම සිද්ධ කරන්නේ අතින්. දැකලා ඇති ඔය වික්ටර් රත්නායක එහෙම සින්දු කියනවා.මේ ආදී අපූරැ දෑ දකින්න යන්න දවසක්. මේ සියල්ලටම සත පහක මුදලක් ඔවුන් අය කරන්නේ නෑ. කුලියාපිටිය නගරය මැදම වගේ තියෙන විද්‍යා විනෝද පිරිවෙන් භූමියට දරැවොත් එක්ක දවසක් ගිහින් එන්න.