පින්න විදින ඌවේ කොමළිය
ඌව ද්‍රෝණිය යනු මෙරට වංශ කතාව වෙනස් කළ සුවිසල් බිම් කඩකි. අදටත් ශ්‍රී ලංකාවේ ආහාර අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නිපදවෙන්නේ මේ දැවැන්ත භූමි පාදාසයේ ය. අතීත සිංහල විරැවන් ආරක්ෂා කළ ඌවේ මහා කෑලෑවක් මැද. ඌවට සේලයක්බඳු වූ බෝඹුරැ ඇල්ල අද අපේ ගමනාන්තයයි. නුවරඑළියේ සිට බදුල්ල පාරේ යන විට හග්ගල උද්‍යානය පසුකළ විගස වම් අතට දිවෙන මාර්ගයක් වේ. ඒ අසල බෝඹුරැ ඇල්ලට යන පාර ලෙස සඳහන් නාම පුවරැවක්‌ද දක්‌නට හැක. එතැන් සිට කි.මී.8 ක් පමණ එම කාපට් ඇතිරෑ මගේ යා යුතුය. ඉන් අනතුරැව බෝඹුරැ ඇල්ල කඩපොල හමුවේ. සැබෑවටම එහි මහා කඩ සංඛ්‍යාවක් නැත. එහෙත් බෝඹුරැ ඇල්ල බස් රථ නුවර එළියේ සිට හා වැලිමඩ සිට පැමිණ නවතින්නේ මේ කඩපොළේය. වාහන නවත්වන ස්ථානයෙන් ඔබට අවශ්‍ය ජලය හා ආහාර ලබාගත යුතු අතර දියඇල්ලට දිවෙන මාර්ගයේ ඔබට කිසිදු කඩයක් දක්නට නොලැබේ. මෙතැන සිට අවම වශයෙන් කි.මී. දෙකහමාරක් පමණ කැලයට යා යුතුය. මේ ගමන තරමක් දුෂ්කර වුවද ඉතා අලංකාර පරිසර පද්ධති දියඇල්ලට යන ගමනේදී ඔබට දැකගත හැකිය. බෝඹුරැ ඇල්ලේ දියකඳ ස්‌ථාන කිහිපයකදී වෙන්කර කුඹුරට හා ජන පරිභෝජනය සඳහා ලබා ගන්නා අතර අප සම්පූර්ණ ගමනම සිදුකළ යුත්තේ ඒ ඇල මාර්ගය ඔස්සේය. නිර්විෂ සේම සුළු විෂ සර්පයන්ද මේ අවට සැරිසරන බැවින් නොදන්නා ඉසව්වල පය තැබීමෙන් වැළකිය යුතුය.
කැලයට පැමිණි පසු ඉතිරි දුර ගෙවාදැමිය යුත්තේ අහල පහළකවත් මිනිස් පුලුටක් නොමැති අන්ධකාර වන පියස තුළ පමණි. සැබැවින්ම උස් තුරැලතාවලින් පිරී මෙම කැලය තරමක් අඳුරැ වන නමුත් එම පාලුව මැකීමට මිලියන ගණනින් කූඩැල්ලන් වාසය කරයි. කුඩා අඩි පාර දිගේ ඉහළට යා යුතු අතර විටෙක ගස් අතරින් නැවී ගස් කඳන් උඩින් පනිමින්ද යා යුතුය. මීටර 60 ක් පමණ උස මෙම ඇල්ල මීටර 15ක් පමණ පළලින් යුක්‌තය. හරහට කොටස් 3 කින් කඩා වැටෙන මෙම ඇල්ල වැසි සමයේ එක පොදියට මහ විශාල ජල කඳක් සමඟ පහළින් වැටේ. ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේ මෙම ප්‍රදේශයේ ප්‍රචලිත දඩ බිමක්‌වූ අතර මෙම ප්‍රදේශය දුර සිට බැලූකල ඉංග්‍රීසි වී අකුරක හැඩයකට දැකිය හැක. ගෝනුන්, මුවන්, වල් ඌරන්, ඉත්තෑවන් සිටින මෙම ඉසව්වේ තිබෙන ශාකවල වටිනාකමද ඉතා වැඩිය. ජෛව විවිධත්වය අතින් පිරැණු මෙම වන පියසේ බොහෝ විහඟ නාදයන්ද කන වැකේ. ඇල්ලේ ඝෝෂාව අතිමහත් වන අතර ජල දහරාව බිමට වැටෙන විට නැගෙන පින්න මීටර 30 ක් පමණ දුරට විහිදේ.
බෝඹුරැ ඇල්ලට යන්නට ඇති මාර්ගය තරම්ක් දුෂ්කර හෙයින් දැනට මෙකී ඇල්ල යම් පමණකට විනාශයෙන් බේරී සිටී. එබැවින් එහි යන ඔබ මෙකී සුන්දර ඇල්ල සුනුවිසුනු නොකර එහි සුන්දරත්වය දෑසින් දැක විඳ පැමිණෙන්නට පමණක් ආරාධනා කරන්නෙමු.
Text/Pic — vimukthi