'පානම' සුන්දර මුහුදු තීරය නරඹන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-02-ent-230

නැගෙනහිර පලාතේ ආරුගම්බේ පාසිකුඩා සංචාරක ආකර්ශනය ලද විශේෂිත වූ සංචාරක කලාප ලෙස හඳුන්වාදීමට හැකියි. බෞද්ධ ජනතාවට වන්දනීය බෞද්ධ උරුමයන් බොහොමයකින් ද යුක්ත වූ මෙම ප්‍ර‘දේශ අනුන ආගමික ජනතාවටද වැදගත් ප්‍ර‘දේශවනවා.

මෙරට සංචාරකයන් පැමිණීමට ඉහත කී ප්‍ර‘දේශ වැදගත්සේම දේශීය සංචාරයක්ද තම නිවාඩුවට විනෝද චාරිකා සඳහා තෝරාගන්නා ප්‍ර‘දේශ අතර ප්‍රමුඛවන බව සඳහන් කළ හැකියි.

%පාසිකුඩා^ හා ආරුගම්බේ වැඩි වශයෙන්ම ප්‍රසිද්ධව ඇත්තේ සුන්දර මුහුදු තීරය නිසා බව නොකියමනාය. මෙම මුහුදු තීරයන් ලොව ප්‍රකට ක්‍රීඩාවක් වන Sating (රළමත ලිස්සා යාම) සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලනවා. ආරුගම්බේ මුහුදු තීරය ජාත්‍යන්තර Sating තරග සඳහාද සෝතපා මුහුදු තීරයන් ලෙසයි සැලකෙන්නේ.

වසරේ ජූනි, ජූලි, අගෝස්තු මාසවලදී ලොව නන්දෙසින් Sating ක්‍රීඩකයින් මෙන්ම සංචාරකයන්ද ඉහත කී ප්‍ර‘දේශවලට පැමිණෙන අයුරු දැක ගත හැකියි.

පාසිකුඩා මුහුදු තීරය දියනෑමට ඉතාම සුදුසු පිරිසිදු ආකර්ශනීයම මුහුදු තීරයක් ලෙස නැගෙනහිර පලාතින් ගැනෙනනවා. එසේම කොරල් තීරයකින් ආරක්ෂාව ලද මුහුදු තීරයක් වන පාසිකුඩා විදේශිකයන් මෙන්ම දේශීය සංචාරකයන් වැඩි වශයෙන්ම පැමිණෙන මුහුදු තීරයක් වනවා.

පාසිකුඩා මුහුදු තීරය මෙන්ම අවට ප්‍ර‘දේශ බොහොමයක් වර්තමානයේ සංචාරක ආකර්ශනය ලද ස්ථාන ලෙස හැඳින්වීමට හැකියි. කලක් ..... ක්‍රියා නිසා අතහැරි තිබූ එම ප්‍ර‘දේශ අද ඉතා හොඳ පරිපාලනයක් සහිත ප්‍ර‘දේශ බවට පත්ව තිබෙන අයුරු දැකගත හැකියි.

පාසිකුඩා මෙන්ම ආරුගම්බේ අපට බොහොම වැදගත්වන කාරණා රාශියක් සහිත ප්‍ර‘දේශයකි.

ආරුගම්බේ මුහුදු තීරය මෙන්ම මුහුදු මහා විහාරය ශාස්ත්‍රවිල පංසල කුමන කුඩුම්බිගල (කුඩා තැඹිලිවේන) පානම මුහුදු තීරය මෙන්ම කිබුලන් ගහන වූ වැව ආදී බොහෝ ස්ථාන දැකගැනීමට හැකියි.

පානම නැගෙනහිර වැඩිම සිංහල ජනගහනයක් සිටින එකම සිංහල ගම්මානයයි. ඌව වෙල්ලස්ස යුද්ධය සඳහා ඉතිහාසයකට හිමිකම් කියන පානම පවුල් 2000ක් පමණ ජනතාවක් වෙසෙනවා. කුඩා නගරයකින් හෙබි පානම පොදු පහසුකම් සියල්ල සහිත ගම්මානයකි.

පානම ඉපැරණි ගැමියන් පවසන්නේ නැගෙනහිර පලාතේ මියන්ගොඩ, වදගම වතුර ප්‍රදේශවල සිට පානමට පැමිණ පදිංචි වූ බවයි. ගොවිතැන හා මුහුදු රස්සාව තුලින් තම ජීවිත ගෙනයනවා. හොඳින් දෙමළ භාෂාවද කථා කිරීමේ හැකියාව පානම ජනතාව සතුයි.

පානම වර්තමානයේ බොහොම ජනප්‍රිය වී ඇත්තේ එහි මුහුදු තීරය නිසායි. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් බහුලව මෙම මුහුදු තීරයේදී දැක ගැනීමට පුළුවන්.

ආරුගම්බේ පාසිකුඩා මෙන්ම පානම මුහුදු තීරය ඉතා ආකර්ශනීය රමණීය වූ මුහුදු තීරයකි. ගල් පර්වථ හා වැලි කඳුවලින් මුළු වෙරළම වසාගෙන ඇත. සුනාමි ව්‍යසනයේදී පවා පනම ගමට කිසිදු හානියක් නොවීමට මෙම මල්වැට හා වැලි කඳු උපකාරී වූ බවයි සඳහන් වන්නේ.

 

2017-05-02-ent-229

පානම අද බොහෝ දෙනාගේ අවධානය යොමුවූ ස්ථානයක් වගේම දියනෑමට ඉතා ආරක්ෂාකාරී බවක් දැක ගත හැකියි. නෙත් පිනවන සොඳුරු පානම මුහුදු තීරය ඔබට ඉතා ආශ්වාදනීය අත්දැකීමක් වනු නොඅනුමානයි.

පානම සංචාරය කරන ඔබට කුඩුම්බිගල, කුමන මෙන්ම කල්කුඩා මාළු වාඩි දැකගැනීමටද සංචාරය කළහැකියි. මෙරට සොබාදහමේ කදිමවූ නිමවුමක් වන කුඩුම්බිගල එදා ගල්වඩුවන්ට සැතපෙන බුදු පිළිමය නෙලීමට අදහස ලබාදුන් නිර්මාණයක් බවද ඉතිහාසයේ සඳහන් වනවා.

මෙවන් අරුම වූ අපේ නිමවුම් දැක ගැනීමට ඉහත කී ස්ථාන නැරඹීමට යන්නේ නම් එය ඔබගේ චාරිකාව තවත් අපූරුතම අවස්ථාවක් වනු නොඅනුමානයි.

 

ශාන් බන්දු වීරකෝන්

 

  2017-05-02-ent-231 2017-05-02-ent-232 2017-05-02-ent-233 2017-05-02-ent-234 2017-05-02-ent-235 2017-05-02-ent-236 2017-05-02-ent-237 2017-05-02-ent-238 2017-05-02-ent-239 2017-05-02-ent-240 2017-05-02-ent-241 2017-05-02-ent-242 2017-05-02-ent-243 2017-05-02-ent-244