පළාත් පහක් පෙනෙන ලිප්ටන්ගේ ගල් අසුන
ලංකාවේ සුන්දර තේ වතුයායක අපූර්ව වූ සෞන්දර්ය ආශ්වාදයක් විඳිය හැකි අතිශය මනරම්, ඒ වගේම ලංකාවේ පළාත් 9 න් 5 ක්ම එකම ස්ථානයේ සිට නැරඹිය හැකි ලංකාවේ එකම ස්ථානය ලෙස හපුතලේ ලිප්ටන් සීට් හඳුන්වන්ට පුළුවන්.
මේ ස්ථානය ලංකාවේ බොහෝ අය දන්න තැනක් වුණාට ලංකාවේ අයට ලංකාවේ දේ අගය නැහැ කියනවා වගේ හපුතලේට ආවත් මේ ස්ථානය මග හරිනවා. මොකද කිලෝමීටර් හතක් විතර පයින් යන්න අපේ අය කැමැති නැහැ. ඔන්න දැන් දඹේතැන්න තේ කර්මාන්තශාලාව ළඟ ඉඳලා ලිප්ටන් සීට්වලට ත‍්‍රිරෝද රථයෙන් යන්න පුළුවන්. විදේශිකයන් නම් මේ ගමන යන්න ප‍්‍රියකරන්නේ පයින්. මොකද තේ වතු මැද්දෙන් කෙටි මාර්ග භාවිත කරමින් යන ගමනේදී මේ පරිසරයේ ආශ්වාදය, සුළඟ, සුන්දරත්වය උපරිමයෙන්ම විඳින්න පුළුවන්.
ගමන දුෂ්කරයි. දුරයි. හැබැයි සුන්දරයි. හමන සීතල සුළඟ ඇගේ දැවටෙද්දී ගතට මහන්සියක් දැනෙන්නෙම නැති තරම්. එහෙනම් උණු පරිප්පු වඬේ එකකුත් කාලා කිතුල් හකුරු කෑල්ලක් එක්ක ලිප්ටන් ලා ඕජී තේ එකක් රසවිඳලම අපි කතාව පටන් ගමුකෝ. එන හැමෝටමත් කියන්නේ පරිසරය නරඹලා මේ ස්ථානය මතක් වෙන්න අනිවාර්යයෙන් ඛසචඑදබ ඒැ එකක් රස විඳින්න අමතක කරන්න එපා.
මෙම අතිශය මනරම් ස්ථානය ඛසචඑදබ ීැ්එ ලෙස නිර්මාණය වෙන්නේ විශිෂ්ට වැවිලිකරුවෙකු වුණ ලිප්ටන් තෝමස් කියන බි‍්‍රතාන්‍ය ජාතිකයාගේ නිර්මාණයක් විදිහට. ව්‍යාපාරිකයකු මෙන්ම සෞන්දර්යවාදියකු වුණු ලිප්ටන් මහතා උදෑසන මෙන්ම සැන්දෑවට ද කඳුවැටියෙන් පහල දිස්වන සොබා සෞන්දර්යේ මිහිර විඳිමින් මෙම ස්ථානයේ ගත කළ බවට ඉතිහාස තොරතුරුවල සඳහන් වනවා. ඔහු මේ ස්ථානයට බොහෝ ප‍්‍රිය නිසාවෙන්ම ලිප්ටන් තෝමස්ව සිහි වීමට මෙම ස්ථානයේ ඔහුගේ පිළිරුවක් ද අද නිර්මාණය කර තිබීම මේ ස්ථානයට තවත් සුවිශේෂත්වයක් ගෙන දෙනවා.
කඳු නිම්න තුනක් එකිනෙකට හමුවන කඳු මුදුනක් වන ලිප්ටන් සීට් කඳු මුදුනේ කාලය ගත කිරීමට හුරුව සිටි තෝමස් ලිප්ටන් ලංකාවේ ජීවත් වූ සෑම කාල වකවානුවකම සැන්දෑ සමයේ තම විදේශීය, දේශීය මිතුරන් සමග මේ ස්ථානයේ විවිධ වූ සාද පැවැත්වූ බව ද තොරතුරුවල සඳහන් වෙනවා. ඒ වගේම ලිප්ටන් තෝමස් සවස්යාමයට මේ ස්ථානයේ තමන්ගේ වතු නිවෙස්වල ජීවත් වන යොවුන් තරුණ තරුණියන් සමඟ විනෝද වූ බවත් එදා වතු සංස්කෘතීන් අංගයක් වුණු ඉඩම් දේපළ පමණක් නොව එහි ජීවත් වූ සතා සිව්පාවා ද, ගහකොළ ඔහුට අයිති දේපළක් ලෙස ලිප්ටන් විසින් පාලනය කළ බව ද සඳහන් වෙනවා.
1864 දී ලිප්ටන් තෝමස් කැබින් බෝයි කෙනෙකු ලෙස සේවය කළ අතර පසුව ගණකාධිවරයකු, පොත් තබන්නෙකු, ගෙයින් ගෙට ගොස් භාණ්ඩ අලෙවි කරන්නෙකු, ලෙස සේවය කර අවසානයේ සහකාර තේ පරීක්ෂකවරයෙක් ලෙස ද නිව්යෝක් හි සේවය කර ඇත. ඒ බි‍්‍රතාන්‍ය පාලන සමයේදී.
1980 දී ලිප්ටන් මහතා ලංකාවට පැමිණෙන්නේ ලංකාවට තේ වගාව හඳුන්වා දුන් ජේම්ස් ටේලර් මහතාගේ ව්‍යාපාර කටයුත්තකට දායකවීම සඳහා. එලෙසින් ලංකාවේ තේ වැවිලි ව්‍යාපාරය සමග සම්බන්ධ වූ ඔහු ලිප්ටන් නම් තේ වර්ගය ලංකාවට හඳුන්වා දෙමින් දඹේතැන්න වත්ත, දඹේතැන්න තේ කර්මාන්තශාලාව හරහා සිලෝ්න් ටී තේ පානය ලොවට හඳුන්වා දුන්නා. එතැන් පටන් ලංකාවේ තේ වගාවේ ප‍්‍රමුඛතාවයක් ගත් ඔහු ඛසචඑදබ ඛ්දටැ්ල ඛසචඑදබ ක්‍ැහකදබඒ එැ් ලෙස ලෝකයේ රසම තේ පානය ලෙස එදා එංගලන්තයේ බොහෝ දෙනෙක් සැලකුවේ ලිප්ටන් මහතාගේ තේ වතුවලින් නෙලාගත් මෙන්න මේ තේ දල්ලේ රසටය.
අදටත් ලිප්ටන් තේ ලොවේ ඉහළම තැනක වැජඹෙන අතර පූනාගල කඳුයායේ ලිප්ටන් මහතා සතු අක්කර 2500 ක භූමි ප‍්‍රමාණයක දඹේතැන්න, බණ්ඩාරඑළිය, මාඋස්සාකැලය තේ යායන් තුනක් ලෙස පැතිරී තිබෙනවා. මෙම තේ වතු යායේ සුන්දරම ස්ථානය මුහුදු මට්ටමේ සිට උස අඩි 6300 උසකින් යුත් ලිප්ටන් සීට් නම් මෙම කඳු මුදුනයි. මීදුමෙන් වෙලාගෙන සිටින මෙම කඳු පන්තියට මීදුම නොමැති දවසක පැමිණීමට නම් වාසනාවක් තිබිය යුතුමයි. මන්ද ඌව, සබරගමුව, දකුණ, නැගෙනහිර සහ මධ්‍යම පළාත පැහැදිලිව දැකගන්න ලැබෙන්නේ මීදුම නැති දවසක මේ ස්ථානයට ගියොත් පමණි.
මධ්‍යම පළාතේ නුවරඑළිය, සබරගමුවේ ශ්‍රීපාදය, නැගෙනහිර, මඩකලපු, දකුණේ වරාය, බදුල්ල මේ පළාත් ගොඩක් ලස්සනට මේ ස්ථානයේ සිටම දැකගන්න පුළුවන්.
ඒ වගේම සවස් යාමට මීදුම් නොමැති නම් දෙවිනුවර ප‍්‍රදීපාගාරයේ ආලෝකය මෙන්ම ත‍්‍රිකුණාමලේ හා කිරින්දේ ප‍්‍රදීපාගාරයේ ආලෝකය ඉතා පැහැදිලිව මේ ස්ථානයේ සිට දැකගැනීමේ වාසනාව ලැබෙනවා.
ලිප්ටන් සීට් යන්න මාවත් දෙකක්
හපුතලේ සිට දඹේතැන්න හරහා වැටී තිබෙන සුන්දර කඳුවැටි අතරින් දිවෙන මාර්ගය, එහෙමත් නැතිනම් බණ්ඩාරවෙල x පූනාගල පාරේ නායබැද්ද වත්ත මැදින් වැටී තිබෙන මාර්ගය. මෙහි කිලෝ මීටර් 6 පමණ දුරකින් ලිප්ටන් සීට්වලට ළඟාවෙන්න පුළුවන්. මේ පාරවල් දෙකෙන් වැඩිපුරම ලස්සන මොකක්ද කියලා කියන්න අමාරුයි. මොකද පාරවල් දෙකම අතිශය සුන්දර කඳුවැටි තේ වතු වලින් මැදි වුණ මාර්ගයන්.
ලිප්ටන් සීට් එනව නම් ”කැතරින් සීට්” යන්නත් අමතක කරන්න එපා.
ලිප්ටන් සීට් ආවොත් තවත් හැතපුම් හතරක දුරින් තවත් සුන්දර ස්ථානයක් තිබෙනවා. ඒ තමයි ”කැතරින් සීට්” කැතරින් කියන්නේ ලිප්ටන්ගේ විවාහක බිරිඳ. තමන්ගේ ස්වාමියා ලිප්ටන් යොවුන් තරුණියන් සමග විනෝද වන විට කැතරින් මීට මදක් දුරින් පිහිටා තිබෙන ස්ථානයකට ගොස් දුකින් කල් ගත කළ බවට විශ්වාසයක් පවතිනවා. ඒ ස්ථානය අද ”කැතරින් සීට්” ලෙස හඳුන්වනවා. කැතරින් සීට් ගැනත් ලස්සන කතන්දර ගොඩක් තිබෙනවා. දඹේතැන්නට එනවා නම් ලිප්ටන් සීට් විතරක් නෙවෙයි කැතරින්ගේ අසුනත් බලලා එන්න යන්න.
(ස්තූතිය Lipton Seat සංචාරක මඟපෙන්වන්නකු වන දොරේ රාජ් මහතාට)
සටහන ඡායාරූප - නදීශා අතුකෝරළ