නුවරඑළියේ සැඟවුණු පාරාදීසය සඳතැන්න
නුවරඑළියේ පිහිටි බොහෝ දෙනෙක් නොදන්නා විශේෂිත සංචාරක ස්ථානයක් වන්නේ ‘සඳතැන්න’ යි. සඳතැන්න මහජනතාවට විවෘත වූයේ මෑත කාලයේදී වීම ඊට එක් හේතුවක් ලෙස හඳුනාගත හැක. නුවරඑළිය වැලිමඩ ප්‍රධාන පාරේ ග්‍රෙගරි වැව අන්තයෙන් වමට හැරී කිලෝමීටර් දෙකක් පමණ ගිය විට මීට ළඟා විය හැක.
1958 වසරේ ආරම්භ කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය සීතා එළියේ බිජ අර්තාපල් ගොවිපළ මෙහි පවතියි. හෙක්ටයාර් එකසිය පනස් පහක වපසරියකින් යුතු මෙම භූමි භාගයේ කොටස් කිහිපයක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය කරයි.
සඳතැන්නේ ඇති විශේෂතා කිහිපයකි. එනම් අංශක 360 ක කෝණයකින් පිදුරුතලාගල, කිරිගල්පොත්ත, හග්ගල සහ නමුණුකුල ආදී ප්‍රධාන කඳුපන්ති 09ක් මෙහිදී නිරීක්ෂණය කළ හැකිය. ඒ සඳහා සඳතැන්න පාරිසරික කලාපයේ ඉහළම තැන විශේෂ නැරඹුම් අට්ටාලයක් ඉදිකර තිබේ. තවද, මෙම මනරම් පරිසරයේ පවතින්නේ ඉතා ඉහළ ජෛව විවිධත්වයක් වන අතර වගේම මධ්‍යම කඳුකරයේ දී දැක ගත හැකි ගෝනුන් , වලස් වඳුරන් , ඕලුමුවන් සහ කුළු හරක් ද මෙම භූමියේදී දැකගත හැකිය. එමෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු විශේෂ කිහිපයක් සහ දුර්ලභ පක්ෂි විශේෂද මෙහිදී නිරීක්ෂණය කළ හැක.
මෙය නැරඹීම සඳහා දේශීය වැඩිහිටියන් සඳහා රුපියල් පනහකුත් දේශීය ළමුන් සහ පාසල් සිසුන් සඳහා රුපියල් විස්සක ප්‍රවේශ ගාස්තුවකුත් අය කෙරේ. දිනපතා පෙරවරු හතේ සිට පස්වරු හතර දක්වා විවෘතව ඇත. සඳතැන්න පාරිසරික කලාපය තුළ පා ගමනින් යාම හෝ පිටස්තර වාහනයකින් ගමන් කිරීම සපුරා තහනම්ය. එය පාරිසරික කලාපයේ ආරක්ෂාව සඳහා විද්‍යාත්මක පදනමකින් ගැනුණු පියවරකි. ඒ සඳහා මෙම පාරිසරික කලාපයේ රියැදුරු මාර්ගෝපදේශකයන් ද සමග සෆාරි ජීප් රථ සේවයක් ක්‍රියාත්මක වේ. අට දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි මෙම සෆාරී ජීප් රථයක පැයක පාරිසරික සංචාරයක් සඳහා අය කරන මුදල රුපියල් දෙදහසකි.
සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල්