නුවරඑළියම Cool කරන ග්‍රෙගරිගේ බේසම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-05-ent-66

2017 අවුරුද්දේ අන්තිම සති අන්තය... අවුරුද්දක් පුරා අපි ඔයත් එක්ක ඇවිද්දා... ඒ හැම මතකයක්ම අද හුඟක් සුන්දර අතීත මතකයක් විදිහට අපේ හිතේ තියෙනවා. එතකොට ඔයාගේ හිතේ.... නොවැරදීම අපි ඔයත් එක්ක walk 111 එක්ක ගිය හැම සංචාරයකම ළෙන්ගතු මතකය ඔයාගේ හිතෙත් ඇති... ඉතින් අවුරුද්දක් ගෙවෙන තුරා walk 111 අපිත් එක්ක එකතු වෙච්ච අපේ දේශය හදසර හැම සහෘදයෙකුටම සුබ අලුත් අවුරුද්දක් කියන ගමන් එන්න මේ 2018-01-05-ent-69සති අන්තෙත් අපි යමු සීතලත් එක්කම නිවාඩුවක නිස්කලංකත්වය හිත පුරා විඳගන්න පුළුවන් තැනකට.... මතකයි නේද අපි ගිය සති අන්තයේ ඔයත් එක්ක ගියා ඩෙවෝන් සෙන්ට් ක්ලෙයාර් දිය ඇලි බලන්න. සීතල නුවරඑළියේ අපේ සංචාරය තවම ඉවර නෑ. අද අපි ඔයත් එක්ක යන්නේ කොහෙද දන්නවද? නුවරඑළියේ ගියොත් නොගිහින් ඉන්නම බැරි තැනකට. ග්‍රෙගරි වැවට. අපි ග්‍රෙගරි වැවට ගියේ ඉර අවරගිරේ හැංඟන්න ඔන්න මෙන්න තිබුණු හැන්දෑවක. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයෙන් කවදාවත් අඩුවක් නැති ග්‍රෙගරි වැව ඉස්මත්තේ එදත් විශාල සංචාරක පිරිසක් එක්රුස් වී හිටියා.

ඉතිහාසයේ 1873 කියන අවුරුද්ද අපේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කොලනියක් වෙච්ච යුගයේ එක් කාල පරිච්ජේදයක්. අන්න ඒ යුගයේ සර් විලියම් ග්‍රෙගරි කියන ආණ්ඩුකාරවරයා තාම ග්‍රෙගරි වැව ඉදි කරන්න මුල් වෙලා තියෙන්නේ. ඒ යුගයේ අද ග්‍රෙගරි වැව තිබුණු තැන තිබිලා තියෙන්නේ හිස් වගුරු බිමක්. ඒ හිස් වගුරු බිම නිල්වන් දියවර පිරුණු මහා වැවක් කළේ සර් ග්‍රෙගරි. ඒ වැව ෙග්‍රගරිෙග් ෙබ්සම කියලත් හඳුන්වනවා. ඒ කාලෙත් සුදු පාලකයන් මේ වැවේ නොයෙකුත් ජල ක්‍රීඩා කර තිබෙනවා. අදත් එහෙමයි. විවිධ ජල ක්‍රීඩා වගේම බෝට්ටු සවාරි යන්නත් ග්‍රෙගරි වැවට සංචාරකයන් විශාල පිරිසක් එනවා. ඒ මෙතන තියන විවේකයට නිදහස් බවට හුඟක් සංචාරකයන් ප්‍රියකරන නිසා. ග්‍රෙගරි වැව පසුබිම්ව නිදහස් වර්ණවත් උද්‍යානයකුත් තියෙනවා. හැබැයි දැන්නම් ග්‍රෙගරි වැවේ මුහුණුවරත් ටිකෙන් ටික වෙනස් වෙලාද හිතෙනවා. ඒ විවිධ ආහාර පාන සහිත කඩ පේළියක්ම එහි ඉදිව ඇති නිසා, පුංචි බඩගින්නට කන්න රස රස කෑමත් එහි හිඟ නෑ.

ඉතින් අවුරුද්දේ අන්තිම චාරිකාව. ඒත් ගමන ඉවර නෑ. 2018ත් අපි ඇවිදිමු. අපි එනවා ඔයත් එක්ක කොහේ හරි ගිහින් එන්න.

 

Text -Saara / Pic- Channa Kassapa Koralearachchi

 

2018-01-05-ent-63  2018-01-05-ent-68 2018-01-05-ent-67  2018-01-05-ent-65 2018-01-05-ent-64