නිල්ල දිලෙන නුවර සිරිය බෝට්ටුවෙන් ගිහින් බලමු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-01-ent-113

සංචාරයේ යන කවුරැත් කැමති තැනක් තමයි මහනුවර. ආගමික සංස්කෘතික සහ ඓතිහාසික විදිහට වැදගත් නගරය පුරාම තිබෙන පාරිසරික සිරියාව තවත් අපුරැයි. මේ අපූරැ වටපිටාවේ සුන්දරත්වය විඳින්න තියන සීතල ඉසව්වක් ගැනයි මේ කතාව.

නගරයේ ඓතිහාසික බව විදහාපාන දළදා මාලිගයට බෝගම්බර වැව ආභරණයක් වගේ. කඳු වළල්ලකින් වට වූ වැව හරහා හමන සීතල සුළඟේ රුලි නගරයට ප්‍රබෝධයක්. අනේක විද තුරැලතාවන්ගෙන් වට වූ වැවේ සිරිය විඳින්න කදිම බෝට්ටු සවාරියක් යන්න පුළුවන්. ඒ සඳහා මහනුවර වැවේ ජෝයි බෝට්ටු සේවය අපූරැයි.

ජෝයි බෝට්ටු ජැටියට යන ඕනෑම වෙලාවක සවාරියක් සඳහා බෝට්ටුයක් සූදානමින් තියෙනවා. පවුලක් විදිහට නැත්නම් නඩයක් විදිහට සවාරිය යන්න පුළුවන්. නැත්නම් නඩයක් විදිහට සවාරිය යන්න පුළුවන්. ජැටියේදී ආරක්ෂක කබා පැළඳ ගත් වහාම බෝට්ටු ගමන පටන් ගන්නවා. ජැටියේ වම් පසින් ආරම්භ කරන සවාරිය වැව වටේ කිලෝ මීටර දෙක හමාරක් විතර යනවා.

නගරයේ ඉඳන් නගරය දකිනවාට වඩා වැව් දියේ පාවෙමින් නගරය බලද්දී හරිම ලස්සනයි. සවාරිය ආරම්භයේදීම වැව වටා තියෙන වලාකුළු බැම්ම අපෙන් දුරස් වෙනවා. ඒත් ඒකම කෙළවරේ තුරැලතා අතුරින් පේන්නේ ක්වින්ස් හෝටලය නැත්නම් ඉස්සර දුල්ලෑව දිසාවගේ වලව්වයි. ඒත් එක්කම තුරැ මුදුන් අතරින් දළඳා මාලිගාවේ පිවිසුම දිස්වෙනවා. තව මොහොතකින් වැව් තලය අද්දර පෙනෙන දළඳා මන්දිරය සුන්දර දසුනක්. ඒ පසෙක වැව කෙළවරේ පෙනෙන්නේ උල් පැන්ගෙය නැතිනම් එදා බිසෝවරැන් දිය නෑ ස්ථානයයි.

වැව මධ්‍යයේ පිහිටි දූපත සුන්දර මල්වත්තක් වගේ. එය හඳුන්වන්නේ &ජයතිලක මණ්ඩපය* කියලයි. වැවේ අනෙක් පස කෙළවරින් පේන පිංබිම මල්වත්ත මහා විහාරයයි. නිල්දිය රුළි නගන සීතල සුළඟ හමන වැව් තලය මැදට ඈතින් බහිරව කන්ද දිස්වෙනවා. දළඳා මන්දිරයට පසුපසින් පිහිටි උඩවත්ත කැළය නිල් පාටින් බබළනවා. අනෙක් පස ඉහළින් පෙනෙන්නේ රජ පිහිල්ල මාවත කඳු පංතියයි. ඒ පස කඳු මුදුනේ රෑක්ෂ ගස්වලින් වට වූ රජවාසල උද්‍යානය වෙල්ස් පාර්ක් නමින් ප්‍රසිද්ධයි. එතැනම කන්ද පාමුල වැවේ කෙළවර නුවර වැවේ පිටවානයි. මේ අපූර්වත්තව විඳින්නට නම් මහනුවරට යන ඔබත් බෝට්ටු සවාරියකට එක්විය යුතුය.

මේ සුන්දරත්වය විඳගන්නට නිදහසේ මිනිත්තු 20ක් පමණ සංචාරය ප්‍රමාණවත්. වසරේ සෑම දිනකම ක්‍රියාත්මක බෝට්ටු සවාරියට එකතුවන හැමෝටම මනා ආරක්ෂාවක් සහතිකයි. ජෝයි බෝට්ටු කළමනාකාරිත්වය කියන්නේ මේ අපූරැ සවාරිය විශේෂ අවශ්‍යතා ඇති දරැවන්ට සහ වැඩිහිටියන්ට නොමිලේ සපයනවා කියලයි.

 

 2017-06-01-ent-120 2017-06-01-ent-119 2017-06-01-ent-118 2017-06-01-ent-117 2017-06-01-ent-116 2017-06-01-ent-115 2017-06-01-ent-114